ඔබ කුමන වයසක පසු වුවත් රෝහල්ගත වන විට සාමාන්‍යයෙන් රැගෙන යන බඩු ප්‍රමාණයට වඩා සීමිත ප්‍රමාණයක් එහි රැගෙන යා යුතු වන්නේ කෝවිඩ් වැනි බෝවන රෝග සමසමයකදී රෝගීන් බහුලව රෝහල්වල සිටින හෙයිනි .
ඔබ භාවිතා කරන බොහෝ භාණ්ඩ සුවය ලබා ආපසු යන විට නිවෙස වෙත රැගෙන යා නො හැකි වෙන හෙයින් ඔබ භාවිතා කළ කෝප්ප, පිඟන් , හැඳි වැනි බොහෝ දේ රෝහලේ දීම විෂ බීජ නැසීම සඳහා විනාශයට පත් කිරීමට සිදුවෙයි.
ගෙන යා යුතු අත්‍යවශ්‍ය භාණ්ඩ
*සරල ,කපු ඇඳුම් කට්ටලතුනක්
(කාන්තාවක් නම් පහසු ගවුම් හෝ සාය හැට්ට හෝ ටී කමිස ජෝඩු තුනක්.අවශ්‍ය යට ඇඳුම් තුන බැගින්)
*සනීපාරක්ෂක තුවා.අවශ්‍යතාවය අනුව.
*පිරිමියකු නම් කමිස ,සහ සරොම් තුනක්.
*කුඩා තුවා දෙකක්
*ඇඳ ඇතිරිල්ලක් සහ කොට්ටයක් .
*දත් බෙහෙත්,දත් බුරුසුවක්.
*සබන් කෑල්ලක්
*කුඩා ප්ලාස්ටික් බේසමක්.
*රබර් සෙරෙප්පු ජෝඩුවක්.
*ප්ලාස්ටික් කෝප්පයක් සහ පිඟානක්.
*ප්ලාස්ටික් හැන්දක්.
*කුඩා උණුවතුර බෝතලයක්.
*අවශ්‍ය වෙලාවක තේ එකක් සදා ගැනීමට තේ කුඩු ,සීනි හෝ පිටි ස්වල්පයක් .
*දීර්ඝකාලීන රෝගවලට බෙහෙත් ගන්නා රෝගීන් තමා දිනපතා ගන්නා බෙහෙත් ගෙන ඒම වඩා සුදුසු වන්නේ තමන් බොන බෙහෙත් වර්ගයම ඒ රෝහල් නැති වෙන්නට ඉඩ ඇති හෙයිනි.
*ගර්භනී මවක් නම්,ඉහත කී දේට අමතරව ගැබිනි මවකට සුදුසු ඇඳුම් කට්ටල තුනක් .
*ඔබ ප්‍රසවය සදහා ආසන්න කාලයක පසු වේ නම් ළදරුවා සඳහා අවශ්‍ය බඩු රැගෙන යා යුතුය.
*විශේෂයෙන් ම ඔබේ ගර්භයට සති තිස් පහක් හෝ ඊට වැඩි නම් මාතෲ සායනයෙන් ඔබ වෙත ලබා දුන් ලැයිස්තුවේ මව සහ ළදරුවා සඳහා ගෙන යා යුතු බඩු රැගෙන යා යුතුය.
මෙම භාණ්ඩ අතරින් උණු වතුර බෝතලය වැනි වටිනා දෙයක් හැර සෙසු භාණ්ඩ නැවත නිවසට රැගෙන නොයා යුතුය.ඒවා විෂ් බීජ සහිත වන හෙයින් විනාශ කිරීම සඳහා රෝහලේ කසළ බඳුනට දමා එන්නට ඔබට සිදු වේ.
*බෝ නොවන රෝගීන් තමාට අයත් සායන පොත් රැගෙන යාමද වැදගත් වේ.
ඔබ විසින් රෝහලට රැගෙන නොයා යුතු දේ:
*වටිනා රන් භාණ්ඩ.
*මුදල්
*වෙනත් වටිනා ලියකියවිලි .
ඔබට අවශ්‍ය පමණ ආහාර,පලතුරු හෝ බිස්කට් වැනි ආහාර රෝහලෙන් ලබා දේ.එහෙත් ඇතැම් රෝගීනට අත්‍යවශ්‍ය යමක් වේ නම් ඒවා නිවෙසට දන්වා ගෙන්වා ගත හැකිය.ඔබේ ජංගම දුරකතන ගෙන එන්න්නේ නම් එමගින් නිවැසියන් දැනුවත් කළ හැකිය.
එලෙස රැගෙන එන භාණ්ඩ ඇසුරුමෙහි ඔබේ නම වාට්ටු අංකය සහ ඇඳේ අංකය සටහන් කර ඒවා රෝහලේ මුර කුටිය වෙත ලබා දුන් පසු අදාල පුද්ගලයාට ලැබෙන්නට සලස්වනු ඇත. එහෙත් මෙය රෝහල් කාර්යය මණ්ඩලයට කරදරයක් වන ලෙස නොකිරීමට වග බලා ගන්න. මෙවැනි අතිශය අසීරු සමයක ඔබට අවශ්‍ය දේ ගෙනැවිත් දීමට වඩා වෙනත් රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීම රෝහල් කාර්යය මණ්ඩලයට සිදුවන අවස්ථා තිබිය හැකියි. සති දෙකක් හෝ තුනක් පමන කාලයක් රෝහල් ගතව සිටීමට විය හැකි බැවින් නිතර සෝදා වේලා ගෙන අඳින්නට හැකි සැහැල්ලු ඇඳුම් රැගෙන ඒම වඩාත් සුදුසු ය. ඒවා පෙර පාවිච්චියට ගත් වැඩි වටිනාකම් නොමැති ඇඳුම් නම් අවශ්‍ය වුවහොත් විෂබීජ පැතිරීම වැළැක්වීමට රෝහලේ දීම ඒවා විනාශ කිරීමට හැකිය.
උපදෙස් :සෞඛ්‍ය අධ්‍යාපන හෙද නිලධාරීනී ඒ.එච්.හර්ෂනී කුමාරි.
කෝවිඩ් බහුවිධ ප්‍රතිකාර ඒකකය,
මූලික රෝහල,හෝමාගම
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
පුද්ගලයකු කායිකව හෝ මානසිකව රෝගී වූ විට හොඳම විසඳුම නිසි ප්‍රතිකාරයක් සඳහා යොමුවීමයි. එහෙත් ඖෂධ ප්‍රතිකාර ගත් පමණින්ම රෝගයක් සුවවෙන්නෙ නැහැ. ඒ සඳහා තව
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
කොරෝනා නිසා රෝහල් ගත වන්නට සිදු වුණොත් ගෙන යා යුතු දේ
vikum Monday, 17 May 2021 01:38 AM
ලැජ්ජයි රෝගියෙකුට මෙම අත්‍යාවශ්‍ය අංග රෝහලකට සපයන්න බැරිනම්.
chandima Sunday, 23 May 2021 12:06 AM
මේ මහත්තයා හිතන්නේ අපිත් දොස්තරලා කියලද? හෝද හෝද පාවිච්චි කරන තුවායයි, සරමයි, බැනියමයි ඇරුණාම පැදුරක් නම් තියෙනවා. එව්වා තියෙන කට්ටියව රෝහලට ගන්නේ නැතිව ඇති මගේ හිතේ...
Sugath H Saturday, 05 June 2021 02:05 PM
සෞඛ්‍ය පහසුකම් දෙනවා මදිවට ඇඳුම්, පැළඳුම් දෙන රටක් කොහේහරි තියෙනවද දන්නේ නැහැ.. මහත්තයා.
LalSunday, 13 June 2021 01:42 PM
ඔය දූපතෙන් එළියට ඇවිල්ලා පොඩ්ඩක් බලන්න. මේ ඉන්න රටේ රෝගියෙකුට රෝහලෙන් හැම දෙයක්ම දෙනවා. ඇඳුම් පවා.. ඒවා අඳින්න අකැමැති නම් විතරක් ගෙදරින් ගේන්නැහැකියි.