IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


කොවිඩ් අවදානම නැවතත්

කොවිඩ් වසංගතය තවමත් මුළුමනින්ම පාහේ ලෝකයෙන් ඉවත්ව ගොස් නැත. ලොව සෙසු රටවලත්, අපේ රටේත් තැනින් තැන, විවිධ කාලවලදී කොවිඩ් රොගීන් වාර්තා වේ. අද වනවිට අපේ රටේද නැවතත් කොවිඩ් රෝගීන්ගේ පැහැදිලි වැඩි වීමක් දක්නට ඇත. පසුගිය කාලයේදී රට තුළ උද්ගතව තිබූ තත්ත්වයද මීට සෘජුවම බලපෑ බව කිව යුතුයි.

කොවිඩ් ගෝලීය තත්ත්වය

පසුගිය මාස 02 පුරාවටම ගෝලීය වශයෙන් ගත්තද කොවිඩ් රෝගයේ පැතිරීමේ යාමේ වැඩිවීමක් සිදුවී ඇත. විදෙස් රටවල තැනින් තැන ඔමික්‍රෝන් නව ප්‍රභේදද මතුවෙමින් පවතී. අසල්වැසි ඉන්දියාවේද ඔමික්‍රෝන් අනු ප්‍රභේදයක් පසුගිය කාලයේදී වාර්තා විණි. මේ අනු ප්‍රභේදවල ඇති විශේෂ ලක්ෂණය වන්නේ පැතිරීමේ ශීඝ්‍රතාවයි.

ලංකාවේ වත්මන් කොවිඩ් තත්ත්වය

පසුගිය අප්‍රේල්,මැයි ,ජූනි මාසවලදී කොවිඩ් රෝගයේ මනා පාලනයක් සිදුවී ඇති බව වාර්තාවූ අවම රෝගීන් සංඛ්‍යාවෙන් සනාථ විය. එය 20ටත් වඩා අඩු මට්ටමක තිබිණි. ඒත් දැන් සති දෙක තුනක සිට ඉහත අගය ඉක්මවා යමින් දෛනිකව රෝගීන් 50ක් 60ක් අතර ප්‍රමාණයක් වාර්තා වීමට පටන් ගෙන ඇත. එය පැහැදිලිවම කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමකි.

මෙකී වසංගතයේ භයානකම වන්නේ ලෝකයේ කුමන රටක හෝ කොවිඩ් අනු ප්‍රභේදයක් වාර්තා වුවද එය ප්‍රමාදවී හෝ අපේ රටේ පැතිරීමේ අවදානමයි. ඒ අනුව ඉදිරි මාසවලදීද රටේ කොවිඩ් ව්‍යාප්තියේ යම් වර්ධනයක් පෙන්නුම් කළ හැකි බවට අපට දැන් උපකල්පනය කළ හැකියි. එමෙන්ම වාර්තා වෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව මරණ අනුපාතයද ඉහළ යා හැකියි.

වසංගත මර්දනය

වසංගතය මර්දනයට රටක් විදිහට අපි නැවතත් එකතු විය යුතුයි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කළ කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහනට ජනතාව සහාය දැක්විය යුතුය.

ලංකාවේ එන්නත්කරණ වැඩසටහන පසුගිය කාලය පුරාවටම සාර්ථකව දීප ව්‍යාප්තව පැවැත්විණි. එහි සාර්ථකත්වය කෙතරම්ද යන්න අපි පසුගිය කාලය පුරාවටම අත්වින්දෙමු. පසුගිය ජනවාරි, පෙබරවාරි මාස ගත්විට ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීම නිසාවෙන් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි දියුණු රටවලද රෝගීන් හා මරණ අනුපාතය වැඩි වීම එරට සෞඛ්‍ය පද්ධතියටද දරා ගැනීම පවා දුෂ්කර කටයුත්තක් විය. අපේ රටේ මේසමයේදීත් කොවිඩ් රෝගීන් වාර්තා වුවද මරණ සිදුවූයේ සාපේක්ෂව පහළ අගයකි. ඊට හේතු වූයේ එන්නත්කරණය තුළින් අපේ රට කොවිඩ් මර්දනය සාරථකව කර ගෙන ගිය බැවිනි. ඒ වනවිට එන්නතේ පළමු වැනි වර්ධක මාත්‍රාව බොහෝ දෙනා ලබා ගෙන තිබුණි.

ප්‍රාථමික එන්නත්කරණයේ දෙවැනි මාත්‍රාව ලබා දීම පළමු මාත්‍රාව ගෙන මාස 03කට පසු නියම කෙරිණි. ඒ අනුව සැප්තැම්බර් - ඔක්තෝබර් මාසවලදී දෙවැනි මාත්‍රාව ලබා දීමද ඇරැඹිණි. සාමාන්‍යයෙන් කල් ගතවීමේදී එනම් මාස 06කට පසුව එන්නතේ ප්‍රතිශක්තිකරණය අඩු වන බැවින් ඉදිරි මාසවලදී කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීමේත් මරණ අනුපාතයේත් යම් වර්ධනයක් පෙන්නුම් කළ හැකියි. එමෙන්ම රෝගීන්ගේ සංකූලතාවලද වර්ධනයක් ඇති විය හැකියි.

අවුරුදු 20ට වැඩි පුද්ගලයන් මිලියන 14.4ක් සිටියද පළමු වර්ධක මාත්‍රාව තවමත් ලබා ගෙන ඇත්තේ මිලියන 08ක් පමණි. ඒ අනුව පළමු වර්ධක මාත්‍රාව ලබා නොගත් මිලියන 06ක් තවමත් සිටිති.

එන්නත්කරණ වැඩසටහනේ දෙවැනි වර්ධක මාත්‍රාවද 60ට වැඩි පුද්ගලයන් සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයන් ලබා ගත යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය විණි. මන්ද කොවිඩ් රෝගීන් සේම මරණ අනුපාතයේද වැඩි ප්‍රතිශතයක් ඉහත කාණ්ඩවල වීම හේතුවෙනි. තරුණ පිරිස් උදෙසා ඔවුන්ගේ කැමැත්ත මත දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට ඉඩ සලසා දිණි. ඒත් එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ජනතා ප්‍රතිචාරය ඉතා අඩු මට්ටමක පැවැති බව නම් කිව යුතුමය. සංඛ්‍යා ලේඛනවලට අනුව දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇත්තේ මේ වනවිට 15000ක් පමණි.

එන්නත් මාත්‍රා ලබා ගැනීම තරුණ පක්ෂය ප්‍රතික්ෂේප කළද යම් හෙයකින් තමන්ට කොවිඩ් වැළඳුණහොත් එහි අවදානම තම නිවැසියන්ටත් පැතිරෙන බව මතක තබා ගන්න. මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල හෝ සෑම රජයේ රෝහලකම කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත් ඇති බැවින් නොපමාව ඔබගේ එන්නත් මාත්‍රාව ලබා ගැනීමට උනන්දු වන්න. එසේම මෙම එන්නත්වල කිසිඳු හිඟතාවක්ද නැත.

අවුරුදු 12 සිට 19 දක්වා වන පාසල් දරුවන් උදෙසා එන්නත් මාත්‍රා 02ක් නිර්දේශ කළද මේ වනවිට ලබා දී ඇත්තේ එක් මාත්‍රාවක් පමණි. එබැවින් දෙවැනි මාත්‍රාවද තම දරුවාට ලබා දීමට මවුපියන් කටයුතු කරන්න.

සෞඛ්‍ය පුරුදු තව දුරටත්

නිවැරැදිව මුව ආවරණ භාවිතය, සමාජ දුරස්ථභාවය සේම දෑත්වල පිරිසුදුභාවය රැක ගැනීම වැනි සෞඛ්‍ය පුරුදුවලට ඔබ තවදුරටත් අනුගත වීම උචිත වේ.

ඔබට රෝග ලක්ෂණ ඇත්නම්

මෙය වයිරස් තත්ත්වයක් බැවින් පැතිරීම අවම කිරීම වැදගත් වේ. එබැවින් රෝගය නිශ්චිතව සනාථ වන තුරු නිවසෙහි රැඳී සිටින්න. ඔබට කොවිඩ් බවට සැක සහිත රෝග ලක්ෂණ ඇත්නම් මුව ආවරණ පැළැඳ ප්‍රථමයෙන්ම ඔබේ නිවැසියන්ගේ සහ අසල්වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න. නිවසින් බැහැර වීමේදී පවා මුව ආවරණය නිසි ලෙස පැළැඳීමට කටයුතු කරන්න. එමෙන්ම සෙනඟ නිතර ගැවසෙන තැන්වලට යාමෙන් වැලකීමද සුදුසු වේ.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

කොවිඩ් අවදානම නැවතත්

ඔබේ අදහස් එවන්න

 

 
 

සුව දිවියට අත්වැලක්

දැන දැන වැරදි කළාම හැදෙන හෘදයාබාධ
2025 ජනවාරි මස 22 2993 2

වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික



සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව
2024 ඔක්තෝබර් මස 01 1387 0

වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන


අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව
2024 අගෝස්තු මස 28 1662 0

ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?


පියකරු මුහුණක් - සිතට සතුටක්
2024 මැයි මස 31 1194 0

මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න


වයස අවු. 40 ට වැඩි නම් ප්‍රෙෂර් බලාගන්න
2024 මැයි මස 06 2362 1

වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 68 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 22 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1057 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site