IMG-LOGO

2025 මාර්තු මස 09 වන ඉරිදා


තෙල් ගැටලු හමුවේ ගැබිණි මවට කල්තියා රෝහල් ගතවීමේ සැලසුමක්

රටේ උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණයත් සමග ප්‍රවාහන සේවාවේද ගැටලුකාරී තත්ත්ව පැන නැගී ඇත. මෙම අවිනිශ්චිත වාතාවරණය හමුවේ දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන මවක් ඒ පිළිබඳ වෙනදාටත් වඩා වැඩි අවධානයක් , සංකූලතා ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍ය වේ. ගැබිණි මවුවරුන්ට ඒ උදෙසා වන උපදෙස් මාලාවක් පහත ලිපියේ දැක්වේ.

දරු ප්‍රසූතියට සුදුසුම රෝහලයි

පසුගිය දශක කිහිපය පුරාම සෞඛ්‍ය සේවා පද්ධතියේ ඇති වූ ප්‍රගතියත්, දරු ප්‍රසූති අතුරින් සියයට 99.9ක්ම රෝහල්වල සිදු වීමත් හේතු කොට ගෙන ලංකාව ආසියාවේ අඩුම මාතෘ මරණ සහ ළදරු මරණ අවම රටක් ලෙස පිළිගෙන ඇත.

එයාකාරයෙන්ම මාතෘ මරණ සහ ළදරු මරණ අනුපාතිකය අවම මට්ටමක පවත්වා ගෙන යාම සඳහා දරු ප්‍රසූතිය සඳහා සුදුසුම ස්ථානය රෝහලකි. මන්ද ඕනෑම ගර්භනී කාන්තාවකට සෞඛ්‍ය ප්‍රශ්න රහිත පූර්ව ප්‍රසව කාල පරිච්ඡේදයක් තිබුණද දරු ප්‍රසූතියේදී සංකූලතා ඇති විය හැකියි. ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් මෙන්ම පුහුණු සහ නිපුණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් අපේ රටේ රෝහල් පද්ධතිය සමන්විතව ඇත.

ගැබිණි මවකට ප්‍රසව ලකුණු කලින් මතු වුවහොත්

එනම් පහළ උදරයේ වේදනාවක්, වතුර බෑගය කැඩී ගොස් නම් හෝ සැලසුම් කළ දරු ප්‍රසූතියේ දිනය ළඟා වුවහොත් කඩිනමින් රෝහලකට ඇතුළත් විය යුතුයි. ප්‍රසව ලකුණු ගැන සෑම මවක්ම හොඳ අවධානයකින් සිටිය යුතු අතර ගර්භනී කාලයේදී යම් සංකූලතා ඇති වූ මවුවරු ඒ අතුරින් විශේෂිත වේ. එසේම මවකට ප්‍රථම දරු උපතේදී ප්‍රසව ලකුණු පෙන්වීම තරමක් ප්‍රමාද වුවද දෙවැනි හා තෙවැනි දරු උපත්වලදී එය වේලාසනින් දැනීමට පුවවන. වේලාසනින් ප්‍රසව ලකුණු මතු වුවහොත් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය බැවින් ඒ සඳහා වහාම රෝහලකට ඇතුළත් විය යුතුයි.

නිවෙස්ගත දරු ප්‍රසූති ඉතා අවදානම්

යම් හෙයකින් දරු ප්‍රසූතියක් නිවෙස්ගතව සිදු වුවහොත් පසු ප්‍රසව අවස්ථාවේ ඇති විය හැකි සංතූලතා හේතුවෙන් මව සහ බිළිදා දැඩි අවදානමකට පත් වීමට ඇති ඉඩකඩ වැඩිය. එනම් පසුප්‍රසව අවස්ථාවේදී අධික රුධිර වහනය, බිළිදාගේ ශ්වසන අපහසුතා, ආසාදන තත්ත්ව සහ ඇතැම් විට මරණය පවා ඇති වීමේ හැකියාව නිසා මව සහ බිලිඳා පසුවන්නේ දැඩි අවදානමකයි. මෙවැනි තත්ත්ව වැලැක්වීමට ගතහැකි සියලුම ක්‍රියා මාර්ග ගත යුතු බැවින් කල්ඇතුව රෝහල් ගත වීමට හොඳ සහ නිරවුල් සැලැස්මක් තිබීම වැදගත්ය.

කල් තියා රෝහල්ගත වීමේ සැලැස්ම

සෑම ගර්භනී කාන්තාවක්ම දරු ප්‍රසූතියේ සැලැස්ම ගැන පවුල් සෞඛ්‍ය සේවිකාව සමඟ සාකච්ඡා කොට ඇයව දැනුම්වත් කර තිබීම අවශ්‍ය වේ. එසේම තමා නොහිතන අවස්ථාවකදී වුව රෝහල් ගත වීමට සිදු වුවහොත් ඒ සඳහා හැකි ඉක්මනින් ළඟා වීම සඳහා වන ප්‍රවාහන සැලැස්මක්ද තිබිය යුතුයි.

නොවැලැක්විය හැකි ප්‍රවාහන දුෂ්කරතා මතුවේනම් ඉක්මනින් ළඟම ඇති රෝහලට ඇතුළත් වීම සම්බන්ධයෙන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ පවුල් සෞඛ්‍ය සේවා නිලදාරිනිය සමග කලින් සාකච්ඡා කොට තිබීම වැදගත්වේ. එවිට නොවැලැක්විය හැකි ප්‍රවාහන දුෂ්කරතාවකදී ඔබට ඉක්මනින් ළඟම ඇති රෝහලට යාමේ අවස්ථාව උදාවේ.

යම්හෙයකින් රෝහල වෙත යාමට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම අපහසු නම් සුවසැරිය ගිලන් රථ සේවාව හරහා එම පහසුකම් ලබා ගත හැකියි. එබැවින් තව දුරටත් කාලය අපතේ නොයවා 1990 අංකය හරහා මෙම සේවාව සමග සම්බන්ධ විය හැකියි.

මවගේ පෝෂණය

මේ දුෂ්කර කාලසීමාවේදී වුවද මවක් තමාගේ මෙන්ම කුසතුළ සිටින සිඟිත්තාගේද පෝෂණය ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුමයි. රෝහල් සායනයෙන් ලබා දෙන යකඩ පෙති ගැනීම ප්‍රතික්ෂේප නොකර නිසි පරිදි බෙහෙත් නොකඩවා ලබා ගන්න. ත්‍රිපෝෂ නිකුත් කිරීම වුවද ඉදිරි සතිවලදී යම් ප්‍රමාණයකින් හෝ රෝහල්වලට නිකුත් කිරීමට කටයුතු යොදමින් සිටී.

අනවශ්‍ය බියක් එපා

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඔබගේ සහ සිඟිත්තාගේ ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පෙරතියා සූදානම් කර ගැනීම හැරුණු කොට අනවශ්‍ය බියක් , ආතතියක් ඇති කරගත යුතු නැත.

පූර්ණ රැකවරණය

වත්මන් තත්ත්වය හමුවේදී පවා දරු ප්‍රසූතියේදී සම්පූර්ණ රැකවරණය ලබා දීමට සියලුම රෝහල් වගකීමෙන් බැඳී සිටින නිසා හැකි ඉක්මනින් රෝහල් ගත වන්න. එය ඔබගේත් මෙලොව එළිය දැකීමට සිටින සිඟිත්තාගේත් ජීවිත ආරක්ෂාව උදෙසා වනු ඇත.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

තෙල් ගැටලු හමුවේ ගැබිණි මවට කල්තියා රෝහල් ගතවීමේ සැලසුමක්

ඔබේ අදහස් එවන්න

 

සුව දිවියට අත්වැලක්

දැන දැන වැරදි කළාම හැදෙන හෘදයාබාධ
2025 ජනවාරි මස 22 1940 1

වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික



සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව
2024 ඔක්තෝබර් මස 01 1166 0

වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන


අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව
2024 අගෝස්තු මස 28 1637 0

ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?


පියකරු මුහුණක් - සිතට සතුටක්
2024 මැයි මස 31 1177 0

මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න


වයස අවු. 40 ට වැඩි නම් ප්‍රෙෂර් බලාගන්න
2024 මැයි මස 06 2302 1

වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 170 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 535 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Our Group Site