IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


දරුවන්ව අනතුරුවලින් මුදවමු

මේ ගෙවීයන සමය දරුවන්ව ඇහේ තබාගෙන හැදිය යුතු රැකිය යුතු කාලයකි. මන්ද හදිසි අනතුරු ගතහොත් ඒවා බොහොමයකටම දරුවන් ගොදුරුව සිටී. මවුපිය ආදරය, රැකවරණය මත දරුවාගේ ආරක්ෂාව සුරක්ෂිතය. ඒත් යම් දරුවකු ඉන් මිදුණහොත් අනතුරකට මුහුණ පෑමට ඇති හැකියාව වැඩිය.

දරුවකුට තමන් ජීවත් වන වටපිටාව,සමාජය ගැන තවම නිසි අවබෝධයක් නොමැත. ඒත් මවුපිය මඟ පෙන්වීම යටතේ ඔවුහු එය දැන ගනිති. එතෙක් දරුවන්ට සවිය ,රැකවරණය නිබඳවම ලබා දිය යුත්තෙමු.

දරුවාගේ ආරක්ෂාව අනාරක්ෂිත වන තැන් කිහිපයක්ම නාගරික සමාජයේදී බහුලව දැකිය හැකියි. එනම් ඇතැම් මවුපියෝ තම දරුවාව වාහනයේ තනිවම තබා තමන්ගේ අනෙකුත් අවශ්‍යතා සඳහා පිටත්ව යති. තම පුද්ගලික රථය වුවත් එහි දරුවා හුදෙකලා වීමම ජීවිතයට අනතුරකි.

මෙසේ තනිවූ දරුවන් ස්වසන අපහසුතා මතු වී මිය යන අවස්ථා බොහොමයක්ම වාර්තා වී ඇත. තවද මෙවැනි අවස්ථා ළමයින් හොරකම් කරනා ජාවාරම්කරුවන්ට අවස්තා තනා දීමකි. එබැවින් දරුවන් කිසිඳු අවස්ථාවක හුදෙකලාව තබනවා වෙනුවට තම ගමනට සහභාගී කර ගන්නේ නම් ඉදිරියට විය හැකිව තිබූ අනතුරක් වලක්වා ගැනීමක්ද වේ. එසේම දරුවා සමඟ දවසේ වැඩි කාලයක් ගත කිරීම තුළින් දරුවන් හා මවුපියන් අතර බැඳීමද ශක්තිමත් කර ගැනීමට හැකිවනු ඇත.

කුඩා දරුවකු මවුපිය භාරකාරත්වයෙන් මිදී වෙනතු පාර්හ්වයක් හරහා පාසල් ගමන සිදු කරනා විටද මවුපිය භාරකරුගේ නම, ලිපිනය, දුරකතන අංකය ආදිය සටහන් කර කුඩා සටහනක් දරුවාගේ බෑගය තුළ රැඳවිය හැකිනම් හදිසි අවස්ථාවකදී දරුවා තවත් අසරණ නොවනු ඇත.

එවැනි සටහනක් ඇති බවට දරුවාව දැනුම්වත් කර තිබීමද අත්‍යවශ්‍ය වේ. අනතුරු පෙර නිමිති පෙන්වමින් සිදු නොවන අතර එය ඕනෑම අවස්ථාවකදී විය හැකියි. එනිසා අවදානමට පෙර සූදානම උදෙසා දරුවාගේ ආරක්ෂාව සුරක්ෂිත කරවනු වස් ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම නොපමාව ගත යුතුය.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

දරුවන්ව අනතුරුවලින් මුදවමු

ඔබේ අදහස් එවන්න

 

 
 

සුව දිවියට අත්වැලක්

දැන දැන වැරදි කළාම හැදෙන හෘදයාබාධ
2025 ජනවාරි මස 22 2795 2

වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික



සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව
2024 ඔක්තෝබර් මස 01 1343 0

වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන


අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව
2024 අගෝස්තු මස 28 1656 0

ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?


පියකරු මුහුණක් - සිතට සතුටක්
2024 මැයි මස 31 1187 0

මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න


වයස අවු. 40 ට වැඩි නම් ප්‍රෙෂර් බලාගන්න
2024 මැයි මස 06 2344 1

වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 226 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 394 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site