IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


දැන දැන වැරදි කළාම හැදෙන හෘදයාබාධ

(උපදෙස් - කොතලාවල වෛද්‍ය පීඨයේ මහාචාර්ය හදවත් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ)

වයස අවුරුදු  20 - 40  අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරිකව එය තවත් වැඩි වී තිබේ. කොළඹ ජාතික රෝහලට හෘදයාබාධ වැලඳුණු රෝගීන් 170 ක් පමණ දිනකට රැගෙන එහි බරපතළකම මොනවට පැහැදිලි කරයි. 

හෘදයාබාධයක් යනු ජීවිතය අනතුරේ දමන රෝගී තත්ත්වයක් වුවත් එය වළක්වාගත හැකි රෝගයකි.

හෘදයාබාධයකදි වෙන දේ

හදවතට නිසි ලෙස රුධිර සැපයුම නොලැබීම නිසා එහි මාංශපේශින් තුවාලවීම නිසා හටගන්නා රෝග තත්ත්වය හෘදයාබාධයක් ලෙස හඳුන්වයි. තුවාල වූ මාංශපේශිවලින් කොටසක් අනිවාර්යයෙන්ම හානියට පතවන අතර එම කොටස කුඩා නම් එයින් ජීවිතයට හානියක් වන්නේ නැත. හානියට පත් වූ මාංශපේශි සෙමෙන් සුව වේ.

ඒ සඳහා සති 6-8 ක කාලයක් ගතවන අතර එම කාලය තුළ විවේක ගත යුතුය. එහෙත් තුවාල වන මාංශ පේශී කොටස විශාල නම් එය ජිවිතය අනතුරේ හෙළයි.

අවදානම් සාධක

දියවැඩියාව, කොලොස්ටරෝල් සහ අධික රුධිර පීඩනය

පවුලේ කෙනෙකුට අඩු වයසින් හෘදයාබාධ ඇතිවීම හෝ ස්ටෙන්ත් දැමීම, බයිපාස් සැත්කම් කිරීම වැනි ජානමය සාධක

දුම්පානය කිරීම

මත්ද්‍රව්‍ය භාවිතය (මෙවැනි අයගේ හෘද ස්පන්දනය සහ අධික රුධිර පීඩනය අසාමාන්‍ය ලෙස අඩු වැඩිවීමට පුළුවන. එය හෘදයාබාධයකට හේතුවක් විය හැකිය.)

හදවත ලෙඩින් බවට දෙන ඉඟි

ඇවිදින විට හෝ වැඩක යෙදී සිටින විට දැනෙන අධික මහන්සිය

කය මෙන්ම සිත වෙහෙසන විට පපුව මැද ඇතිවන වේදනාව      

ආහාර වේලකින් පසුව පපුව හිරවීම හෝ හතිය ඇති වීම

වියළි කැස්ස

කකුල් ඉදිමීම

ක්ලාන්ත වීම හෝ ඇස් ඉදිමීම

පපුවේ ගැස්ම

අදෑසනට හිස මුදුනෙන් දැනෙන හිසරදය

හෘදයාබාධයක් වැලඳුනාම පෙන්වන ලක්ෂණ

පපුවේ සිට වම් අත දිගේ ඇගිලි තුඩු දක්වාත් පපුවේ සිට බෙල්ලේ වම් පැත්තේ ඉහළ පෙදෙස දක්වාත් ඉදිකටු ඇනෙන්නාක් මෙන් ඇතිවන වේදනාව

හුස්ම ගැනීමේ අපහසුව

හදිසි ක්ලාන්ත ගතිය

කරකැවිල්ල

හෘද ස්පන්දනය වේගවත් වීම

ඇද වැටීම

මේ ආහාර ගැනීමෙන් වළකින්න

හෘදයාබාධ සඳහා බලපාන සිරුරේ කොලොස්ටරෝල් අදිකවීම, දියවැඩියාව, සහ අධික රුධිර පීඩනය  ඇතිවීමට  ප්‍රධාන ලෙස බලාපාන්නේ ආහාර යි.

විශේෂයෙන්ම පසුගිය වසර පහළොව තුළ මෙරට ආහාර රටාවේ සිදුව ඇති වෙනස්කම් මෙම අකල් හාදයාබාධවලට බලපා තිබේ.

එබැවින් නිරෝගීව කලක් ජීවත්වීමට අවශ්‍ය සෑම පුද්ගලයෙකුම ආහාර පිළිබඳව සැලකිලිමත්වීම අවශ්‍ය ය.

තෙල් අධික ආහාර

තෙල් වර්ග

ක්ෂණික ආහාර

සීනි සහ ලුණු අධික ආහාර

බිත්තර කහදමය නිතර ආහාරයට නොගන්න

මාගරින් -  බටර්

රතු මස්

කුකුළු මස් (නිතර ආහාරයට ගැනීම සුදුසු නැත)

සොසේජස්, හැම් බේකන්

ශුද්ධ කළ පිටි අධික ආහාර

නිවෙසින් පිටතින් ආහාර ගැනීම

 

හදවත රැකගන්න මේ දේවල් කරන්න

ලහි ලහියේ ඇවිදින්න

ශරීර සුවතා මධ්‍යස්ථානවලට ගොස් ව්‍යායාම කළ පමණින් නිරෝගී වන්නේ නැත. හෘදයාබාධ වළක්වා ගැනීමට නම් කළ යුත්තේ ශරීර යෝග්‍යතාව පවත්වාගෙන යා යුතු ව්‍යායාමවල නිරතවීමය. ඒ සඳහා සතියකට පැය 150 ක්වත් ඇතුළත් වන සේ දිනපතා හෝ පහසු ආකාරයට ව්‍යායාම කරන්න. ඒ සඳහා සුදුමු ව්‍යායාම ලහි ලහියේ ඇවිදීමයි.

උසේ හැටියට බර තියාගන්න

ශරීර ස්කන්ධ දර්ශකය (බිඑම්අයි)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. පුද්ගලයෙකුගේ  බර උස ප්‍රමාණයෙන් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කෙරේ. එම දර්ශකය 23 හෝ ඊට අඩුවෙන් තබා ගැනීම වඩාත් සුදුසුය.

හදවත රකින ආහාර

එළවළු සහ පලතුරු

කෙඳි සහිත ආහාර

ලුණු, සිනි, පිටි, තෙල් අඩු ආහාර

විටමින්  සහිත පලා වර්ග

ටූනා, හුරුල්ලා, සාලයා වැනි මාළු වර්ග

කජු

ගෙදර හදන ආහාර

තෙල් කන්නේ පරෙස්සමින්

නැවත නැවත රත් කරන ලද පොල්තෙල් ඉතා අහිතකරය. පිටතින් ආහාර ගැනීමෙන් වැළකිම වඩාත් සුදු වන්නේ මෙවැනි තෙල් සිරුරට එකතුවීම වළක්වා ගැනීමට ය.

පරීක්‍ෂණයක් කරගන්න

ඔබේ වයස කුමක් වුවත්,  කිසිදු රෝග ලක්ෂණයක් නොමැති වුවත් මතු ආරක්ෂාව සඳහා හෝ දියවැඩියාව, කොලොස්ටරෝල් පරීක්‍ෂාවක් සහ අධික රුධිර පීඩනය පරීක්‍ෂා කරගන්න. අඩුම තරමින් වසරකට වරක් හෝ දෙවරක්වත් එම පරීක්‍ෂණ කරගත හැකි නම් වඩාත් සුදුසුය.

 

උදේශිකා නෙලුම්දෙනිය

 

 

 



අදහස් (0)

දැන දැන වැරදි කළාම හැදෙන හෘදයාබාධ

ඔබේ අදහස් එවන්න

 

 

සුව දිවියට අත්වැලක්

දැන දැන වැරදි කළාම හැදෙන හෘදයාබාධ
2025 ජනවාරි මස 22 189 0

වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික



සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව
2024 ඔක්තෝබර් මස 01 991 0

වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන


අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව
2024 අගෝස්තු මස 28 1612 0

ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?


පියකරු මුහුණක් - සිතට සතුටක්
2024 මැයි මස 31 1159 0

මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න


වයස අවු. 40 ට වැඩි නම් ප්‍රෙෂර් බලාගන්න
2024 මැයි මස 06 2230 1

වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 466 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 624 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 345 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site