ඔටිසම් කියන වචනය ඇසෙද්දි පවා බහුතරයක්ම බියක් දක්වති. මෙම තත්ත්වය නිවැරැදිව තේරුම් ගෙන අවබෝධ කර ගැනීම තුළ තමා තුළ සැඟවී ඇති වෙනත් විභවයක් සහිත දරුවකු සමාජයට දායාද කළ හැකි වේ.
ඔටිසම් යනු
මෙය බෙහෙවින්ම සංකීර්ණ වූ තත්ත්වයකි. ඔටිසම් තත්ත්වයට ගොදුරු වූ දරුවකු ගතහොත් ඒ දරුවාගේ බාහිරින් මුහුණෙන් හෝ ශාරීරිකවත් කිසිඳු වෙනස් ලක්ෂණයක් නොපෙන්වයි. එනම් හිසෙහි පිහිටීමේ යම් අසාමාන්‍යතාවක්, ඇස් දෙක ප්‍රමාණයෙන් විශාලව පිහිටීම ,උස අඩු වීම වැනි හඳුනා ගත හැකි කිසිඳු ලක්ෂණයක් නොමැත. මොවුන් වර්ධනය අතින් වුවත් කාලයක් යනතුරුම සාමාන්‍ය පරිදි වේ. මෙයාකාරයෙන් මවුපියන්ට පැහැදිලිව හඳුනා ගත හැකි කිසිඳු ලක්ෂණයක් ඔටිසම් දරුවන්ගේ දක්නට නැත. ඔටිසම් දරුවකු කුඩා වියේදී ඇවිදීම වුවද පසුබැස්මක් නැතුව සිදු කරයි. මේ වයසේ පසුවන දරුවන්ගේ චාලක ක්‍රියාවල වර්ධනය ගැන පමණක් මවුපියෝ සොයා බලති. ඒත් ඔටිසම්වල ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නේ සමාජශීලීව තව කෙනකු සමඟ සම්බන්ධ වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේදී මතුවන ගැටලු සම්බන්ධවයි. මෙම තත්ත්වය ( Social Development ) සාමාන්‍යයෙන් මවුපියන්ට හඳුනා ගැනීම දුෂ්කර වේ.
අපේ රටේ කුඩා දරුවන් තමන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා මවුපියන් මත යැපේ. දරුවා තම මව දෙස බැලුවත්, සිනහ වුවත් අපේ මවුවරු දරුවන්ට වචනයක්වත් පැවසීමට ඉඩ නොතබමින් සියලු ඕනෑ එපාකම් නොපිරිහෙළා ඉටු කරති. මෙම තත්ත්වය මත දරුවා මව සමග සිනාසේද නැද්ද යන්න මවට ප්‍රශ්නයක් නොවිය හැකියි. මව තම දරුවා සමඟ කතා කරමින් කැවීම පෙවීම ආදී සියලු වැඩ කටයුතු ඉටු කරන හෙයින් දරුවාගේ බර පිළිබඳ ප්‍රශ්නයක් මතු වන්නේත් නැති තරම්ය. මෙහිදී ඔටිසම් වැනි තත්ත්වයක් ගැන සැකයක් මතු වන්නේද නැත. එවිට ඔටිසම් හඳුනා ගැනීමේ අපහසුතාව තවත් සංකීර්ණත්වයට පැමිණේ.
ඔටිසම් නිර්වචනයේදී සමාජශීලී හා අන්තර් ක්‍රියා හා සන්නිවේදන ගැටලුවට අමතරව ඔවුන් නිතර නිතර සිදු කරන ක්‍රියාවලි පවතී. සාමාන්‍යයෙන් බිළිඳකු අතපය ගැසීම මාස 06 සිට සිදු කරයි. එහෙත් ඔටිසම් දරුවකු එකී වයසේදී නොකඩවාම අතපය ගසනු ලැබීම විශේෂ ලක්ෂණයකි. මෙම ක්‍රියාකාරකම නිරෝගී දරුවකුගෙන් පරිභාහිර වෙනස් යැයි මවුවරු කිසිලෙසකින්වත් නොසිතති. එය තවත් තීව්‍ර වන්නේ පවුලේ පළමු දරුවාට ඔටිසම් තත්ත්වය ඇත්නම් පෙර දරුවන් නොමැති කම මත මවුපියන්ට තත්ත්වය ගැන නිසි අවබෝධයක් නැත.
සාමාන්‍යයෙන් කුඩා දරුවෝ සෙල්ලම් කරන විට කුඩා වාහන බිම තල්ලු කිරීම සාමාන්‍ය පුරුද්දකි. එහෙත් ඔටිසම් දරුවකු වාහන බිම තල්ලු කරන ගමන් එහි රෝද කැරකෙන දිහාවට වැඩි අවධානයක් ලබා දේ. මේ වයසෙදි වුවත් මෙවැනි තත්ත්ව හඳුනා ගැනීම මවුපියන්ට අපහසු වේ. ඒකාකාරී හැසිරීම් රටා නිසා ඔටිසම් තත්ත්වය තවත් සංකීර්ණ වීම ඊට හේතුවයි. එවගේම ඔටිසම් දරුවකු ශබ්දවලට බිය වීමත්, බිය වී හැඩීමත් අනෙකුත් ලක්ෂණ වේ. ඒත් මෙවැනි අවස්ථාවලදී වුවද මවුවරු සිතනුයේ තම දරුවා වයසින් කුඩා නිසා ඔවුන් ප්‍රතිචාර දක්වනුයේ එයාකාරයෙන් බවයි. එහෙත් මෙය අධි සංවේදීතාවක් කියා හඳුනා ගැනීමට ඔවුන්ට නොහැකියි. එසේම සමාජශීලී වීමට බිය වූ විටත්, අමුත්තන් ඉදිරියෙදිත් බියගුලුකමක් දැක්වීමත් සිදු කරයි.
තත්ත්වය හඳුනා ගැනීමේ නිර්ණායකය
ඔටිසම් හඳුනා ගැනීමේ හොඳම නිර්ණායකය නම් දරුවාගේ සංවර්ධනය ගැන මනා අවබෝධයකින් කටයුතු කිරීමයි. අපේ ඇතැම් මවුවරුන්ට මෙන්ම සෞඛ්‍ය සේවයේ නියුතු වූවන්ටත් ළමා සංවර්ධනය ගැන ඇති අවබෝධය ගැන නම් සතුටු විය නොහැකියි.
ඔටිසම් ලක්ෂණ හඳුනා ගත හැක්කේ කොපමණ කල් සිටද?
ඔටිසම් තත්තවය ගැන මනා අවබෝධයක් ඇත්තකුට දරුවකු කුඩා කලෙයේ සිටම ඒ පිළිබඳ හඳුනා ගත හැකියි. එය විද්‍යාත්මකව සනාථ කොට ඇති පරිදි නම් සාමාන්‍යයෙන් දරුවකු ඔටිසම් තත්ත්වයට ගොදුරුව ඇත්නම් මාස 06සිට එකී ලක්ෂණ පෙන්නුම් කරයි.සාමාන්‍යයෙන් කුඩා දරුවකු තමන්ගේ මව සමඟ සිනා සීම අරඹනුයේ මාස දෙකේදී සිටයි. මාස 04 වනවිට තම මව කතා කරන විට ප්‍රතිචාරාත්මකව සිනහ වේ. මාස 06 වනවිට ඕනෑම දරුවකු වටපිටාවේ සිටින පිරිස් සමගත් හිනැහේ. ඔවුන් තමා දෙස නොබැලුවත් කෙසේ හෝ අවධානය දිනා ගනී. ඒත් ඔටිසම් දරුවකු තුළින් මෙවැනි ක්‍රියාකාරකම් බලාපොරොත්තු විය නොහැකියි. මෙවැනි සාමාන්‍ය ක්‍රියාකාරකම් ඉදිරියේදී ඔටිසම් දරුවකු තම අත් දෙක දෙස බලමින් හුදෙකලාවේ හිඳීමට ප්‍රියතාවක් දක්වයි. මවුපියන් වුවද තම දරුවාගේ මෙම හැසිරීමේ කිසිඳු වෙනසක් නොදකින අතර සාමාන්‍යයැයි සිතති.
ඔටිසම් දරුවකු සෙනඟ වැඩිපුර ගැවසෙන තැනකදි වඩාත් කලබල වෙයි. බෙහෙවින් හැඩීම, නළවා ගැනීමටත් අපහසු පරිදි හැඩීම ප්‍රබල වීම, නිදි කරවීමට වුණත් අපහසු වීම දැකිය හැකි වේ. බොහෝවර දරුවාව නැළවීමට මවට සිදු වේ. මේ තත්ත්වය ඇති වන්නේ නැළවීම වැනි සංවේදනවලට දරුවාගේ ඇති ආශාව නිසයි. මව විසින් දරුවා නැළවීමේ ඉරියව්වට දරුවා ඉතා සංවේදී වීමයි. මෙවැනි ලක්ෂණ මුල් කාලයේ සිටම දරුවා තුළින් පෙන්නුම් කෙරේ.
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මුල් අවදියේදීම හඳුනා ගත යුතු ‘ඔටිසම්’