ලෝක මව්කිරි දීමේ සතිය යෙදී ඇති අගෝස්තු මාසය එළඹෙන්නට නියමිත මේ වකවානුවේ, මේ ගැන ඔබ හා කතා කරන්න අපි හිතුවා.
සොබාදහමේ අමිල සම්පත - මව්කිරි
අපේ රටේ උද්ගතව ඇති තත්ත්වයත් සමඟ තවත් ප්‍රධානතම ගැටලුවක් ලෙස පෝෂ්‍යදායී ආහාර පාන සපයාගැනීමේ දුෂ්කරතාව සඳහන් කළ හැකියි.
මේ තත්ත්වයටම මුහුණ දුන් ලෝකයේ අනෙක් රටවල් බොහොමයක, සමබර ආහාර වේලක් සපයාගැනීමේ අපහසුතාව නිසා විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ පෝෂණයට ඇතිවුණු දැඩි බලපෑම සුළුපටු නොවේ.
රටක් විදිහට මේ සිදුවීම අපේ අනාගතයට විශාල බලපෑමක් එල්ල කෙරේ. විශේෂයෙන්ම අඩු පෝෂණ තත්ත්ව නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා සිදු වෙනවා වගේම, ඔවුන්ගේ උපරිම බුද්ධිමය ධාරිතාවට ළඟා වෙන්නත් අසීරතා මතු වේ.
මේ නිසාම දරුවන්ට, නිසි පෝෂණය ලබා දීමට හැකි උපරිමයෙන් කටයුතු කිරීම අප සියලුදෙනාම සතු වගකීමකි.
බිළිඳෙකු සඳහා සඳහා වැදගත්ම පෝෂණ ප්‍රභවයක් ලෙස මවුකිරි සඳහන් කළ හැකියි. දරුවාට මුල් මාස හයේ මවු කිරි පමණක් ලබා දීමත්, ඉන් පසු අමතර ආහාර සමඟ අවුරුදු දෙක දක්වාත්, ඉන් නතුරුවත් මවු කිරි දීම නිරෝගී දරුවෙක් සමාජයට දායාද කිරීමේ මූලික අඩිතාලමයි.
හොඳ සෞඛ්‍ය සාක්ෂරතාවක් තියෙන ජනතාවක් විදිහට මවුකිරිවල තියෙන වටිනාකම ඉහළය. ළදරුවකුට අවශ්‍ය කරන නිවැරදි පෝෂණය ලබාදීමට අමතරව දරුවෙකුගේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න ඒ වගේම සමහර දීර්ඝ කාලීන රෝග වලින් වැලකීමට සහ දරුවා සහ මව අතර නිසි බැඳීමක් ඇති කර ගැනීමට මවුකිරි දීම ඉතාම වැදගත්. මේ නිසාම, කිරි දෙන වයසේ දරුවෙකු සිටින මවකට ඊට අදාළ සියලූම පහසුකම් සහිත වටපිටාවක් සකස් කිරීමට පවුලක් සමාජයක් ලෙස අපට වගකීමක් ඇත. මේ වනවිටත් ඇතැම් රාජ්‍ය මෙන්ම පුද්ගලික ආයතන තම සේවිකාවන් අතුරින් කිරිදෙන මවුවරු සිටීනම් ඔවුන්හට මවු කිරි දීමට අවශ්‍ය පහසුකම් සපයා තිබෙනු දැකීම සතුටට කරුණකි. එය ඉදිරියේදී සියලුම ආයතන පරිශ්‍ර තුළද පැතිරෙනු ඇතැයි අපි විශ්වාස කරමු.
කිරි දෙන මවකට නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබීමත් වැදගත්. මේ දිනවල අප මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය නිසා එවන් ආහාර වේලක් සපයා ගැනීම අපහසු බවක් දැනිය හැකියි. එහෙත් මිලෙන් අඩු දේශීයව සොයාගත හැකි සමහර පෝෂ්‍යදායී ආහාර වර්ග ආහාරයට හැකි තරම් එකතු කර ගැනීමට උත්සාහ දැරිය යුතුයි. එවිට පෝෂණ අවශ්‍යත සපුරා ගත හැකියි.
ඒ වගේම කිරි දෙන මවකට අවශ්‍ය කරන මානසික පසුබිම නිවසේදි වගේම සේවය කරන ස්ථානයේදිත් ලැබෙනවා නම් එයත් මවුකිරි දීම අඛණ්ඩව කරගෙන යෑමට ඇයට විශාල පිටුබලයති.
ඉතින් රටක් විදිහට, පවත්නා තත්වයක් කළමණාකරණය කරගනිමින් ඉදිරියට යන අතරම අපේ දරුවන්ගේ පෝෂණය සහ නිසි වර්ධනය ගැන නිසි අවධානයක් සමාජයක් විදිහට ලබා දීම මේ අවස්ථාවේදී අපි හැමෝගෙම වගකීමක් බව මතක් කර සිටිමු.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිණි)
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මවුකිරෙහි අගය