තම සුවතාව රැක ගත යුත්තේත්, පවත්වා ගත යුත්තේත් අප විසින්මයි. සුවතාව ගිලිහුණු විටෙකදී විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීමට , දෛනික ජීවන රටාවෙන් බැහැර වීමට , මානසික සුවතාව පවා බිඳී යාමට හේතු වේ. එබැවින් සුළු කාරණාවල පවා අපේ සුවතාව ගැබ්වී ඇත. ඇඳුම් පැළඳුම්වලින් අපේ සනීපාරක්ෂාව රැක ගන්නේ කෙසේද යන්න බලමු.
පුද්ගලයින් තෝරා ගන්නා සෑම ඇඳුමක් පැළැඳුමක්ම ශරීරයේ බාහිර අලංකරණය තීව්‍ර කිරීමට හේතු වනවා පමණක් නොව ඉන් අපට පහසුවක් ,ආරක්ෂාවක්ද දැනිය යුතු වේ. අපහසු ඇඳුමක් සුළු වේලාවක් ඉතා අකැමැත්තෙන් හැඳ සිටියද එය දිගු වේලාවක් පුරා හැඳ සිටීම අපහසු වන්නේ ඉන් අප බලාපොරොත්තු වන සුව පහසුව බිඳී යාම නිසයි. ඇඳුම් තෝරා ගැනීමේදී උඩ ඇඳුම මෙන්ම සිරුරේ පහසුව, සනීපය දනවන පරිදි යට ඇඳුම්ද තෝරා ගැනීමේදී අපි විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තෙමු.
ඒත් බොහෝ පිරිස් අද ඇඳුමේ පැහැය, වර්ගය, විලාසිතා මට්ටම ,අඳින පළඳින වේලාව නිර්ණය කළද තම යට ඇඳුම් ගැන කිසිඳු විශේෂයක් නොකරති. වේලීම සඳහා වැලේ වනා ඇති ඇඳුම පවා කිසිඳු ඉවක් බවක් නැතිව ඇඳ ගෙන යාමට හුරුවී සිටිති.ඒ තුළ කුඩා කූඹීන්, කෘමි සතුන් පවා සිටිය හැකියි. එසේ වුවහොත් එය ඔබට කෙතරම් අපහසුවක්ද?
තමා දෛනිකව පරිහරණය කරන යට ඇඳුම් සැමදාම හොඳින් සෝදා මනාව වියැළීමට ඉඩ හැර නැවත භාවිතයට ගත හැකියි.
බාගෙට වේළුණු යට ඇඳුම් පරිහරණය නිසා සමේ ආසාදන, දිලීර සහ තුවාල පවා ඇති වීමට පුළුවනි. එකම යට ඇඳුම භාවිතයද සුදුසු නොවන අතර කිහිපයක්ම මාරුවෙන් මාරුවට භාවිත කළ යුතුය. සමහර ඇඳුම් ක්‍රමවත් නොවීමේන් නිවසින් බැහැර වීමෙදිත් පවා සමහරු මහ මඟදිත් ඇඳුම් සකසමින් ගමන් කරති. සමහර යට ඇඳුම්වල සුවපහසුව කෙසේ වෙතත් පිටඔපය පමණි. ඇතැම් යට ඇඳුම් නිසා කකුල් කැපීම වැනි ප්‍රශ්න ඇති වේ. එවන් ඇඳුම් හැඳ පැළඳීමෙන් ගමනේ වාසිය පවා අහිමි වී යයි. එවැනි පුද්ගලයන්ට සිරුරට හිර නොවන පරිදි රුචිකත්වය මත ඇඳුම් තෝරා ගත හැකියි.
කොපමණ හොඳ වෙළෙඳ සන්නාම යටතේ ඇඳුම් පැළඳුම් තිබුණද තම අපේක්ෂාව ඉන් ඉටු නොවේ නම් සුදුසුම දේ මිලදී නොගැනීමයි. සමස්තයක් ලෙස ඇඳුම් පැළැඳුම් මගින් සමාජයේ කැපී පෙනෙන්නකු ලෙස ඔබ කෙතරම් ඉහළට ඔසවා තැබුවද එමගින් ඔබ අපේක්ෂිත සනීපාරක්ෂාව, ශාරීරික සුවය, පහසුව නොලැබේ නම් ඔබේ තෝරා ගැනීම කිසි විටෙකත් නිවැරැදි නොවේ.
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විලාසිතා කරමු: සනීපාරක්ෂාව රැකගමු