අපි හිතාමතා නොකරන, අපේ අවධානයෙන් ගිලිහෙන පොඩි දේවලින් පවා බොහෝ විට අනතුරු සිදු වේ. විශේෂයෙන් කාන්තාවන් අතර පවා අනතුරු සිදු වීමේ වර්ධනයක් දක්නට ලැබේ. එම අනතුරුවලින් සමහරක් අපේ ඇඳුම් පැළඳුම් හේතුවෙන් සිදු වූ ඒවායි. අපි ගමනකට බිමනකට ලස්සනට ඇඳුම් තෝරා ගත්තද ඒ දේවලින් තමන්ටම අනතුරු වීමට ඇති ඉඩකඩ සේම තවත් පුද්ගලයකු අපහසුතාවට ලක් කිරීමට ඇති ඉඩ ප්‍රස්ථාව ගැන ඔබ මින් පෙර සිතුවාද? එබැවින් මින් පසුවත් අපේ අත්වැරදීම්වලින් හදිසි අනතුරු සිදු නොවීමට ඉඩ නොතබමු.
අද යුවතියෝ බොහෝ දෙනෙක්ම පාහේ දිගු ගවුම් විලාසිතා ප්‍රිය කරති. එමෙන්ම සාරිවලින් සැරසීමටද ඉතා කැමැතිය. දිගු සාය විලාසිතා අදටත් ජනප්‍රියයි. මෙම කුමන ඇඳුම ඔබ තෝරා ගත්තද ඔබ බසයකට හෝ දුම්රිය වැනි පොදු ප්‍රවාහනයක ගමන් ගන්නවා නම් පඩි පෙළක ගමන් කරන අයකු නම් ඒ ඒ තැනට ඔබින ආරක්ෂිත ක්‍රමවේදය අනුගමනය කළ යුතු වේ.
දිගු ඇඳුමක් හැඳ පඩි පෙළකින් බහිනවා නම් ඔබ ඒ ඇඳුම දෙපැත්තට විසිරීමට ඉඩ නොදිය යුතුයි. මන්ද පිටුපසින් එන පුද්ගලයාට එම දිගු ඇඳුම පෑගුණහොත් ඔබ ඇද වැටීමට පුළුවන. ඔබ පඩි පෙළක නගිද්දී වුවද ඇඳුම විසිරීමට ඉඩ නොදිය යුතු වේ. ඔබටම ඔබේ ඇඳුම පෑගී අනතුරු විය හැකියි.
ඒ වගේම ඔබ මෝටර් සයිකලයක ගමන් කරනවා නම් ඔබේ ඇඳුම කිසි විටෙකත් විසිරීමට ඉඩ නොදිය යුතුයි. ඔබේ අවධානය ගිලිහුණු යම් මොහොතකදී විශේෂයෙන් වාහනයේ රෝද තුළට ඇඳුමේ කොටසක් ගියහොත් ඔබට අනතුරු විය හැකියි.
මෙයාකාරයට අපි නොසිතන සුළු කරුණු නිසාවෙන් හදිසි අනතුරුවලට භාජන වූ බොහෝ පිරිසක් රෝහල් හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබති. එවැනි ඇද වැටීම් නිසා ඇතැමුන්ගේ පාදවලට, බෙල්ලට, පිට කොන්දට පවා බරපතළ හානි සිදුවී තිබේ.
එනිසා ඇඳුම් පැළඳුම් ඔබව ලස්සන කරන්නා සේම සුළු අතපසු වීම් නිසා ඔබව අනතුරකට හෙළීමට ඇති ඉඩකඩද වැඩි බව මතක තබා ගන්න. ඒ ඒ තැනට ගැලපෙන ලස්සන ඇඳුම් මෙන්ම ගමන් බිමන්වලදී හෝ පොදු ස්ථානවලදී හෝ ආරක්ෂිත ක්‍රමවේදත් අනුගමනය කිරීමට අමතක නොකරන්න. ඔබ අන් අයට දක්වන සැලකිල්ල ඔබ ඔබ කෙරෙහිත් දක්වන්න.
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හදිසි අනතුරු වලකන එදිනෙදා සරල පුරුදු