පසුගිය මාස කිහිපය පුරාම කුඩා දරුවන් අතර වයිරස් උණ රෝග තත්ත්ව පැතිර යාමේ වැඩි වීමක් දක්නට ලැබිණි. පසුගිය කාලය පුරාවටම ළමා රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශයෙන් දිනකට වාර්තාවූ ළමා උණ රෝගීන්ද ඉහළ ගොස් තිබේ.
වාර්තා වූ ළමා උණ රෝගීන් අතර ඉන්ෆ්ලුවන්සා ‘ඒ‘ සහ ‘බී‘ කාණ්ඩ දෙකම විය. තද උණ,කැස්ස, හෙම්බිරිස්සාව, වමනය වැනි ලක්ෂණ ඉන්ෆ්ලුවන්සාවලදී පැහැදිලිවම දක්නට ලැබිණ. ඒ අතර ඉන්ෆ්ලුවන්සා රෝගීන්ගෙන් සුළුතරයක් දෙනාට ඇස්වලින් කබ ගැලීමේ ස්වභාවයක්ද මතු විය.
එබැවින් මෙය ඉන්ෆ්ලුවන්සා තත්ත්වයටත් වඩා ඇඩිනෝ වයිරසය නිසා මතුවූ අලුත් තත්ත්වයක් විය හැකි බවට විවිධ මත පළ විණි. ඉන්ෆ්ලුවන්සා රෝගීන් යැයි තහවුරු කළද මේ වනවිටත් ඇඩිනෝ වයිරස තත්ත්වය බවට තහවුරු කර නොමැත. මෙහිදී උණ, කැස්ස, හෙම්බිරිස්සාව සමඟ ඇස් රතු වීම ,ඇස්වලින් කඳුළු ගැලීම ,කබ ගැලීම ආදී ලක්ෂණද ඇති වේ.
අක්ෂි රෝගයකට සමාන රෝග ලක්ෂණ මතු කරමින් හට ගැණෙන නව රෝගී තත්ත්වය කුඩා දරුවන් අතර ඉතා ඉක්මනින් මෙන්ම පහසුවෙන්ද පැතිරේ. මෙවැනි සැක සහිත ලක්ෂණ දරුවකුට ඇත්නම් වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසුය. වයිරස් උණ තත්ත්වයකට ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය නොවන අතර වෛද්‍ය උපදෙස්වලට අනුගත වීම තුළ ටික දිනකින් එය පහවී යයි. ඒත් සමහරුනට වයිරස් තත්ත්වයට පසුව ද්විතීය බැක්ටීරියා ආසාදන තත්ත්වයක්ද මතුවිය හැකි අතර එවිට වෛද්‍යවරයා විසින් ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කෙරේ.
සාමාන්‍යයෙන් ඇසේ කබ ගැලීම වයිරස තත්ත්වය නිසාවෙන් නම් මෙය ඉබේටම පහවී යනු ඇත. ඒත් මේ තත්ත්වයේ දිගින් දිගටම වැඩි වීමක්, සුව වීමට කල් ගත වන බවක් දැනේ නම් එබඳු රෝගීන්ව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්විය යුතුවේ. මෙම රෝගියකුගෙන් ලබා ගන්නා කබ පරීක්ෂා කොට බලා මේ තත්ත්වය වයිරස් තත්ත්වයක් නිසාවෙන් හට ගැණුනක්ද, නොඑසේනම් වෙනත් අක්ෂි රෝගයක්ද යන්න තීරණය කෙරේ. වයිරස නොවන තත්ත්වයකදී ප්‍රතිජීවක ලබා දේ.
වයිරස් උණ රෝගයට ගොදුරු වූවන්ට දිගු කාලයක් යනතුරු සුව නොවූ කැස්සක් පැවතිය හැකිය. දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව තමා කොවිඩ් ආසාදිතයකු වී ඇත්නම් හෝ තමාට මීට ප්‍රථම ඉන්ෆ්ලුවන්සාව වැළඳී ඇත්නම් මොවුන්ටද කල් පවතින කැස්ස ගතිය තිබිය හැකිය. මෙයාකාරයට කල් පැවති කැස්සෙන් පීඩා විඳින්නන්ගෙන් සමහරුනට කෘතිම ස්වසනය පවා ලබා දීමට සිදුවිය. ඒ අතර ළමා හතිය රෝගීන්ගේද ඉහළ යාමක් මේ දිනවලදීම වාර්තා වී ඇත. ළමා හතියෙන් පෙළෙන කුඩා දරුවන්ද උණ වයිරස තත්ත්වයකට ගොදුරු වූ විටෙක කැස්ස සුව නොවීම නිසා හතිය උත්සන්න වී කෘතිම ස්වසනය පවා ලබා ගැනීමට සිදුවේ. මේ අනුව බලද්දී පසුගිය මාස දෙක තුන පුරාවටම ළමයින් අතර ස්වසන රෝග පැතිරීමේ ඉහළ අවදානමක් පෙන්නුම් කර ඇති බව පැහැදිලිවම කිව හැකිය.
ළමා හතිය රෝගීන්ට රෑට ඇතිවන තද කැස්ස නිසා හතිය උත්සන්න වී ඔවුන් හතිය රෝගයට අදාල ප්‍රතිකාර ලබා ගනී. ඒත් මේ කැස්ස තත්ත්වයේ වැඩිවීම ළමා හතිය රෝගයම නිසා විය නොහැකිය. ඒ අපේ රටේ වසරකට ක්ෂය රෝගයට ගොදුරු වූ කුඩා දරුවන් 300කට ආසන්න පිරිසක් වාර්තා වන බැවිනි. එබැවින් ඉහත දැක්වූ දිගුකාලීන රෝග සංකූලතාවලට ක්ෂය රෝගයත් හේතුකාරක වනු ඇත. එනිසාම සුව නොවූ කැස්සට ප්‍රතිකාර ලබන ගමන්ම ඔබට ක්ෂය රෝගයේ යම් බලපෑමක් තිබේද නැද්ද යන්නත් පරීක්ෂා කර ගැනීම අවශ්‍ය කෙරේ.
දිගු කාලීන කැස්සට තවත් හේතුවක් ලෙස ඔබගේ පවුල් පරිසරයේ ඇති අයහපත් පුරුද්දක්ද මුල් වීමට පුළුවන. ඔබේ පවුලේ යම් සාමාජිකයකු දුම්පානය කරනවා නම් එම අහිතකර දුමාරය නිසා කුඩා දරුවෝ ඉතා ඉක්මනින් කැස්සට ගොදුරු වෙති. එබැවින් මෙම ඇබ්බැහිකාරී අහිතකර පුරුදුවලින් ඉවත් වීම තමාගේ පමණක් නොව දරුවන්ගේ සුවතාවද තහවුරු කිරීමකි.
වයිරස් උණ රෝග ඉතා ඉක්මනින් ළමයින් අතර පැතිරෙන නිසා රෝග පාලනයට මෙන්ම ඉන් වැලකීමට පොදුවේ සුවතාව සඳහා පහත උපදෙස් අනුගමනය කළ හැකිය.
සැක සහිත රෝග ලක්ෂණ ඇති දරුවන්ව පෙර පාසල්, පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන මෙන්ම අමතර පන්ති ආදියට සහභාගී කරවීමෙන් වළකින්න.
වෛද්‍ය උපදෙස්වලට අනුගත වී ඔවුන්ට සුවය ලැබෙන තෙක් නිවසෙහි රඳවා ඇඳ විවේකය ලබා දෙන්න.
දරුවාගේ වයස සහ බර අදාල කර ගනිමින් පැරසිටමෝල් මාත්‍රාව පැය 6න් 6ට ලබා දිය යුතුය.
ස්වාභාවික දියර ආහාර, නිවසේ පිසූ ආහාර පාන සාමාන්‍ය පරිදි ලබා දෙන්න.
හොඳින් ජලය පානය කරන්න. උණුකර නිවාගත් ජලය මඳ රස්නය තිබියදී පානය කිරීම හොඳය. ආහාර පාන වුවද නිවසේ පිස ගත්තද උණුසුම් ගතියෙන් තොර නම් මඳක් රත්කොට උණුසුම්ව රෝගියාට පිළිගැන්වීමෙන් නැතිවී ගිය ආහාර රුචිය යළිඳු වඩවා ගැනීමට පුළුවනි.
සාමාන්‍ය පරිදි රෝගියාට ආහාර ලබා දිය හැකි අතර යම් ආහාර වර්ගයකට ඔහු අසාත්මිකතාවක් දක්වයි නම් පමණක් එබඳු ආහාර මේ කාලසීමාවේදී ලබා දීමෙන් වැලකිය යුතුය.
වයිරස් උණ රෝග සමාජයේ ඉතා ඉක්මනට පැතිර යන බැවින් මෙවැනි රෝගීන් නිවසෙහි තබා විවේක ගැන්වීම සුදුසු අතරම ඔවුන් ශාරීරිකව මෙන්ම මානසිකවද ශක්තිමත් කළ යුතුව ඇත.
-සටහන -මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ළමයි ලෙඩ කරන ‘ඇඩිනෝ‘