විලාසිතා කිව්වම අපිට මුලින්ම මතක් වෙන්නේ කාන්තාවන්. මොකද පිරිමි පාර්ශවයටත් වඩා කාන්තා පාර්ශ්වය විලාසිතා කෙරහෙි ඇති නැඹුරුව වැඩිය. කාලෙන් කාලෙට වෙනස්වන, අලුත් වන විලාසිතා සමග අපේ ගැලපීම කෙතරම්ද යත් ඒවායින් අපේ සුවතාවද එපරිදිම රැකිය යුතුවේ. කුමන හෝ විලාසිතාවක් නිසා අපේ සෞඛ්‍යයට අවදානමක් වේද දෙවරක් නොසිතාම එය අත්හළ යුතුමය.
අඩි උස පාවහන්, සපත්තු පැළැඳීමත් අද වනවිට ජනප්‍රිය කාන්තා විලාසිතාවකි. කාන්තා පාර්ශවයෙන් බොහෝ දෙනකුම අඩි උස සපත්තු පැළැඳීමට, රුචිකත්වයක් දක්වති. ඒත් එහි අවාසිය, ඔබට මුහුණ පෑමට සිදුවන ගැටලුකාරී අවස්ථා, රෝගී තත්ත්ව ගැන ඔබ මොහොතකටවත් සිතුවාද?
ඔබට මනා පළපුරුද්දක් නැත්නම්, සිරුරේ සමබරතාව රැක ගැනීමට අපහසු නම් කිසිසේත්ම අඩි උස පාවහන් පැළැඳීම සුදුසු නැත. ඔබගේ ශරීරයේ උස,බර ගැන අවධානය යොමු කරන්න.
මන්ද අඩි උස පාවහන් පැළැඳගෙන ඔබට දිගු දුරක් පා ගමනින් ගමන් කිරීම ඇතැම් විට ඔබගේ දෙපාවලට මහත් වෙහෙසකාරී ගතියක් දනවනු ඇත. එසේම අඩි උස පාවහන් පැළැඳ ගමන් කරන විට කිසියම් මොහොතකදි හෝ සිරුරේ සමබරතාව ගිලිහී ගිය ගමන්ම ඔබව ඇද වැටීමට පුළුවන. එවිට දෙපාවලට පමණක් නොව,කොන්දේ පවා අස්ථි බිඳී යාමට ලක් වීමට පුළුවන.
ඇතැම් විටෙක උස අඩිය අපේ දෙපාවලට අනවශ්‍ය පීඩනයකි. දෙපාවල වේදනාවට ශරීරයේ ස්ථායිතාවට මෙමගින් බලපෑම් එල්ල වේ. සමතලා මාර්ගයකටත් වඩා අපේ මහා මාර්ග ගැටි, වලවල් ආදියෙන් යුතු බැවින් දෙපාවල අස්ථි සේම මාංශපේශීන්වලටද එවන් නුහුරු ඇවිදීම ගුණදායී නොවේ. එය ඉතාම අනතුරුදායී පෙරනිමිත්තකි.
යම් හෙයකින් අස්ථියක් හෝ මාංශපේශියක් තැළුණු විටෙකදී ඒවා යථා තත්ත්වයට පත් වීමට බොහෝ කාලයක් ගත වේ. අඩි උස පාවහන් පැළඳ දිනපතා රාජකාරියට යන කෙනකු නම් සිරුරට අනවශ්‍ය පීඩනයක් එල්ල වී කොන්ද අමාරු පවා ඇති වීමට පුවවන. දරා ගත නොහැකි අඩි උසකට වඩා තමාට සමබරතාව රැක ගත හැකි පහසු පාවහන් පැළැඳීම යෝග්‍යය. එසේ නොවුණහොත් වාහනයකට නැගීමේදී හෝ බැසීමේදී, පඩි පෙළක ගමන් කිරීමේදී හෝ ඔබ ඇද වැටී අනතුරකට භාජන වීමට පුළුවන. මේ දිනවල කඩින් කඩ වැසි ඇති වීම නිසා මහා මාර්ග වුවද ලිස්සන සුළු වීමෙන් ඔබ විශේෂ අවධානයක් මේ සම්බන්ධයෙන් ලබා දිය යුතුය. එනිසා හැම තත්පරයකම ඔබගේ සුවතාව වෙනුවෙන් සිතන්න, කටයුතු කරන්න. ක්‍රියාත්මක වෙන්න.
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
අඩි උස දාන්නේ බලාගෙනයි