මේ වනවිට පරිගණක භාවිතය ඉතා බහුල වී තිබේ. දෛනික ක‍්‍රියාකාරකම් මෙන්ම රැකියාවල කටයුත ද ඉතා පසු කරන මෙවලමක් වන පරිගණකය වැඩ පහසු කරනවා වුවත් එය පුද්ගල කායික සහ මානසික සුවතාව අඩු කිරීමට ද ඇතැම්විට හේතුවක් වේ. විශේෂයෙන්ම පරිගණකයෙන් ඇසට හානි සිදු වේ. එහෙත් ඒ හානි සැලකිලිමත්වීමෙන් අවම කරගත හැකිය.
කෙසේ කුමන ආකාරයෙන් වුවත් එක දිගට පැය ගණනාවක් පරිගණක තිරය දෙස ඇස් යොමු කර සිටීමෙන් ඇස්වලට දැඩි විඩාවක් සහ වේදනාවක් ඇති වේ.
එක දිගටම පරිගණකය භාවිත කිරීම නිසා ඇසට සිදුවන මෙම ගැටලූකාරී තත්ත්වය හඳුන්වන්නේ පරිගණක දෘෂ්ඨී සින්ඩ්‍රෝමය:ක්‍දපචමඑැර ඩසිදබ ීහබාරදපැ* ලෙසය. මෙය එක් සුවිශේෂී ගැටලූවක් නොවුනත් එමගින් ඇස්වල වේදනාව හා විඩාවන් දක්වා වූ රෝග ලක්ෂණ පරාසයක් දක්වා ඇතිවිය හැකි ය. නවතම සමීක්‍ෂණවලට අනුව පරිගණකය භාවිත කරන පුද්ගලයින්ගෙන් 50% – 90% අතර සංඛ්‍යාවකට මෙම රෝග ලක්ෂණවලින් කිහිපයකට හෝ මුහුණදීමට සිදුවනබව සොයාගෙන ඇත.
මෙසේ පරිගණකය භාවිතය නිසා ඇස්වල ගැටලූවලට මුහුණදෙන්නේ වැඩිහිටියන් පමණක් නොවේ. පරිගණක, ජංගම දුරකථන, ටැබ් ආදියට ඇබ්බැහි වූ කුඩා දරුවෝද මෙම රෝගී තත්ත්වවලට මුහුණ දෙති. ඇස්වලට සිදුවන හානියට අමතරව දිගුවේලාවක් අක‍්‍රමවත් ඉරියව්වෙන් පරිගණක, දුරකථන දෙස බලා සිටීමෙන් සන්ධි හා මාංශපේශි ආශ‍්‍රිතව ගැටලූ ඇතිවනබවද සොයාගෙන ඇත.
ඇසට හානි වෙන්නෙ කොහොමද?
පරිගණකය භාවිතයේදී එකදිගට සිදුවන ඒකාකාරී ඇසේ චලනයන් එකම දිහාවකට නැවත නැවත සිදුවීමෙන් ඇසේ මාංශපේශිවලට විඩාවක් ඇති වේ. වැඩි කාලයක් පරිගණක තිරය දෙස බලා සිටීමේදී මෙම තත්ත්වය තවත් උග‍්‍ර අතට හැරෙයි. විශේෂයෙන් පරිගණක ඉදිරිපිට වැඩ කිරීමේදී, තිරිය මත ඇති දේවල් ඇස්වලට නාභිගත කිරීම හා ප‍්‍රතිනාභි ගත කිරීමට සෑම අවස්ථාවකදී ම සිදු වේ. තිරය මත ඇති දෑ කියවීමේදී එක් පසෙක සිට අනෙක් පසට ඇස චලනය වනවා සේම ටයිප් කිරීමේදී පහතින් ඇති කඩදාසියක අඩංගු දේ කියවා නැවත ටයිප් කිරීමට තරය දෙස බැලීමේදී ඇස්වලට ඉහළ සහ පහළ බැලීමට නිරන්තරයෙන් සිදු වේ. මීට අමතරව පිරිගණක තිරයේ ඇතැම් රූප නිතර නිතර වෙනස්වන අවස්ථාවලදී ඇස් ඒ කෙරෙහි දක්වන ප‍්‍රතික‍්‍රියා මොළය මගින් හඳුනා ගැනීමේදී එසේ නිතර සිදුවන වෙනස්කම්වලට අනුගතවීමට සිදු වේ.
මේ සිදුවන සෑම වෙනස්වීමකදී ම ඇසේ චලනයට උපකාරීවන මාංශ පේශීවලට වඩා වඩාත් වෙහෙසීමට සිදු වේ. මෙහිදී වැදගත් ම දේ නම් කඩදාසියක හෝ පොතක ඇති දෙයක් කියවීමේදී මෙන් නොව පරිගණක තිරය මත ප‍්‍රතිදීපනය, දීප්තිමත්බව නිසා ඇසට සිදුවන හානිය වැඩිවීමයි. යමෙකුගේ ඇසේ යම් දෘෂ්ඨී ඌණතාවක් ඇත්නම් හෝ කණ්ණාඩි පැලඳිය යුතු අයෙක් කණ්ණාඩි පලඳින්නේ නැතිව පරිගණකය භාවිතා කරන්නේ නම් ඇසට සිදුවන හානිය තවත් වැඩිවෙයි. වයස අවුරුදු 40 පමණ වනවිට ඇසෙහි කාචයේ නම්‍යශීලීබව අඩු දැඩිබවක් ගන්නා විට යම් යම් දේවල් නිරීක්‍ෂණය අපහසු වන නිසා මෙම වයසේ පසුවන අයට පරිගණක තිරය දෙස එක දිගට බලා සිටීම අපහසු වේ. මේ නිසා කණ්ණාඩි පැලඳීමෙන් තොරව පරිගණක තිරය දෙස එක දිගට නැවත නැවත බලමින් පරිගණකය මත ටයිප් කිරීමේදී බෙල්ලේ මෙන්ම අතේ මාංශපේශී නිතර වෙහෙසට පත්වීම වැළැක්වීම සඳහා පරිගණක තිරය මට්ටමේම සවි කළ හැකි රඳවනයක්:ිඒබා* මත ටියිප් කළ යුතු ලිපි ද්‍රව්‍ය එල්ලා හෝ රඳවා තබා ගැනීම වැදගත් වේ.
පරිගණකය දෙස එක දිගට බලා සිටීමේදී ඇස්වලට විවේකයක් ලබාදීම ඉතා වැදගත් වේ. මේ සඳහා 20 - 20 – 20 නීතිය බොහෝදෙනා භාවිත කරති.
මෙමගින් සෑම මිනිත්තු 20කට වරක්ම තිරයෙන් ඈත දෙස බලා සිටීම සිදු කළ යුතු අතර අඩි 20 ක් පමණ දුරින් ඇති වස්තුවක් දෙස තත්තපර 20 ක් පමණ බා සිටීම වැදගත් වේ. මීට අමතරව එක දිගට පරිගණක තිරය දෙස බලා සිටීමේදී ඇස් වියළිම වැළැක්වීම සඳහා නිතර නිතර ඇසපිය ගැසිය යුතුය. ඉතා වියළි ඇස් සඳහා ක‍්‍රෘත‍්‍රිම කඳුළු සහිත ඇස් ද්‍රාවණයක් ඇසට දැමීම වඩාත් යෝග්‍ය වේ.
වැඩ කරන ස්ථානයේ මෙවැනි පහසුකම් නැතිනම්, ඔබේ ඇස්වලට දැනෙන විඩාබර ගතිය වැඩිනම්, පරිගණක තිරයේ දීප්තිය, ප‍්‍රතිදීප්තිය හා අකුරුවල ප‍්‍රමාණය වෙනස් කිරීම මගින් ඔබේ අපහසුතාවට විසඳුම් සොයාගත හැකිය.
කෙසේ වෙතත් මේ කිසිදු විසඳුමකින් ඔබේ ඇසේ ගැටලූව විසඳෙන්නේ නැතිනම් ඊළඟ සුදුසුම පියවර වන්නේ අක්ෂි වෛද්‍යවරයකු හමුවීම ය.
උපදෙස්- ජාතික අක්ෂි රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රොෂාන්ත හේවාමද්දුම
උදේශිකා නෙලූම්දෙනිය
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
අධික පරිණගක භාවිතයෙක් ඇසට සිදුවන හානි