අද අපි කතා කරන්න යන්නේ බහුතරයක් කැමැති මාතෘකාවක් ගැනයි. එනම් අපේ නින්ද ගැනයි. දවස තිස්සේ එක හැල්මේ වැඩ කරන අපි විවේකයක් ලබා ගන්නේ රාත්‍රී නින්ද නිසයි. ඒත් ඒ සුවබර විවේකය අහිමි වූවෝද වෙති. සමහරුනට නම් වැටුණු වැටුණු තැන නින්ද යන, නින්දට තැනක් නොතැනක් නැති ගාණයි.එයද සුවබර නින්දක් නොවේ. එසේ නම් අපි කොහොමද අඩුම ගාණේ පැය 08ක පමණ නින්දක් ලබා ගන්නේ? මේ ඒ ගැනයි.
දවසේ වැඩ කොටස උදාසීන බවින් තොරව නිම කරන්න.
දහවලදී සහ සවස් කාලයේදී කෙටි නින්ද ලබා ගැනීමෙන් වැලකෙන්න.
රාත්‍රියේදී පූර්ණ නින්දක් නොලැබීම නිසා උදෑසන අවදි වීමද දුෂ්කරය. උදේට අවදි වුවද දහවල් වන විට අධික නිදිමත ගතියක් දැනේ. එබැවින් කෙටි නින්ද ලබා ගැනීම රාත්‍රී දිගු නින්දට බාධාවකි.
නින්දට පෙරාතුව මනස නිදහස් කර ගැනීමට අමතක නොකරන්න.
නින්දට පෙර මනස සුවපත් වන කෙටි භාවනාවකට යොමු වීම හෝ මියුරු සංගීතයකට සවන් දිය හැකියි. සතුටින් නින්දට යාමට හුරු වන්න. දහසකුත් ප්‍රශ්න , කරදර අතපසු වීම් ගැන සිතින් වදවීම නවත් වන්න.
ඇස් වෙහෙසවමින් දැඩි ලෙස ජංගම දුරකතන තිරවලින් මිදෙන්න.මෙය ඉතා වෛහෙසකර ක්‍රියාවලියකි. ඇස් වෙහෙසට පත් වනවා පමණක් නොව අක්ෂි රෝගවලටද සමීප හේතුවකි .එබැවින් රූපවාහිනී,ජංගම තිරවලින් ඇස් ඉවතට ගතහොත් ඔබට සුවදායී නින්දක් ලැබේ.
නිදන කාමරය පිරිසුදුව සහ පිළිවෙළට සකසා ගන්න. ඒ කියන්නේ මුළු නිවසම දීප්තියෙන් බැබළුණත් ඔබගේ නිදන කාමරය අපිළිවෙළ නම් ඔබට එහි නිදා ගැනීම සුවදායී නොවනු ඇත. එනිසා නිදා ගන්නා ඇඳ සේම ඇඳ ඇතිරිල්ල, කොට්ට උරය, පොරෝනය ආදියද නිති පිරිසුදු විය යුතුය.
තම පිරිසුදුතාවද පවත්වා ගන්න.
ඇඳුම් පැළැඳුම් කෙතරම් පිරිසුදු වුවද ඔබ පිරිසුදු නැත්නම් ඒත් පලක් නැත. නින්දට ප්‍රථම හොඳින් ස්නානය කිරීම වැනි ශරීරයේ පිරිසුදුතාව පවත්වා ගැනීමෙන් සැප නින්දක් ලබා ගත හැකියි.
නිදා ගැනීමට අවම වශයෙන් පැයකට දෙකකට මත්තෙන් වැඩිපුර ජලය, කෝපි වැනි පාන වර්ග නවත්වා දැමීම.
අධිකව පාන වර්ග ගැනීම නිසා මුත්‍ර කිරීමට යාමේ වාර ගණනද වැඩි විය හැකියි. දිගු නින්දක් අවැසි ඔබට මඟදී අවදි වීමට සිදු වීමද හිරිහැරයකි.
ඔබටත් නින්ද නොයන අයකු නම් ඉහත් පුරුදුවලට අනුගත වන්න. යහපත් සෞඛ්‍යයක් සඳහා හොඳ නින්දක් අවශ්‍යයි.
-සටහන- මාධවී ධර්මරත්න
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
අපව සුවයෙන් තබන සැප නින්ද