(උපදෙස් - සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ වෛද්‍ය යමුනා එල්ලාවල)
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මේ සටහන කියවන ඔබ මවක් නම් ඔබ දරුවන් ගැන, සැමියා ගැන වද වෙන තරමට ඔබ ගැන හිතලා තියෙනවද?
මේ සටහනින් අපි පෙන්වා දෙන්නේ ඔබේ අම්මා ගොදුරු විය හැකි මානසික ගැටලු ගැනයි. එහෙත් විශේෂයෙන් මතක තබාගත යුත්තකුත් තිබෙනවා. ඒ මානසික රෝග හැදෙන්න කාලයක්, වයසක්, තරාතිරමක් බලපාන්නෙ නැති බව.
මානසික ගැටලුවක් ඇතිවෙන්න නම් බොහොවිට ඊට හේතුවක් බලපානවා. අපි ඒ හේතු ගැන මුලින්ම කතා කරමු.
රැකියාවෙන් විශ්‍රාම ගියාට පස්සෙ
විශ්‍රාම යාමත් සමගම තමන්ට කලින් තිබූ සමාජ තත්ත්වය සහ සමාජයේ පිළිගැනීම යම් තරමකින් අඩු වූ බවක් ඇයට දැනෙන්න පුළුවන්. තමාගේ වටිනාකම අඩු වූවා සේ දැනීම ආත්මාභිමානයට බෙහෙවින්ම බලපානවා. රැකියාව නිසා ගොඩනැගුණු සමාජ සබඳතාවලින් ඈත්වීමට සිදුවීම තුළින් තමා හුදකලා වූ බවක් ඔවුන්ට දැනෙන්න පුළුවන්.
ගෙදර හිටිය දරුවො දැන් නෑ
උසස් අධ්‍යාපනය, රැකියා මෙන්ම විවාහවීම නිසා දරුවන්ට මවුපියන්ගෙන් ඈත් වී වාසය කරන්න සිදුවීම සාමාන්‍යයි. එවිට හිස් වූ කැදැල්ලක, තමන් තනි වූවාක් වැනි හැඟීමක් ඇයට ඇතිවෙන්න පුළුවන්. තමන්ට අයිතිව තිබූ දෙයක් අහිමි වීමක්, වියෝවීමක්, තනිකමක්, පාළුවක් හෝ තම දරුවන් පිළිබඳ බියක් ඇතිවෙන්නත් පුඦඵවන්.
සැමියා මිය ගියොත් ඇතිවෙන තනිකම
තමන් සමග බොහෝ කලක් එකට දුක සැප බෙදා ගෙන සිටී සැමියා තමාගෙන් වෙන් වූ විට එය බිරිඳකට මානසිකව විශාල ලෙස බලපානවා. සමහරවිට ඇය එය දරවන්ට පෙන්වන්නේ නැහැ. එහෙත් ඇය නිරන්තරයෙන් ඉන්නේ දුකෙන්.
සබඳතා දුරස්වෙන්න පටන් ගත්තම
වැඩිහිටිවියට එළඹිමත් සමග අද බොහෝදෙනෙකුට ඇතිවන රෝගී තත්ත්වයක් තමයි ඇවිදීමේ අපහසුතා ඇතිවීම. මේ නිසා අම්මලාට වෙනදා වගේ අසල්වැසියන් සහ ගමේ උදවිය සමග සබඳතා පවැත්වීම අපහසුවෙනවා. එයත් ඇයගේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා.
ආර්ථික ගැටලු
ආර්ථික ගැටලු හේතුවෙන් අද දුක් විඳින්නේ නැත්තේ කවුද? ගෙදර බර උහුලන පියවරු වගේම ඔහු සොයන මුදලෙන් නිවෙස් සහ දරුවන්ගේ සියලු කටයුතු සිදු කරන්නේ කෙසේදැයි සිතාගත නොහැකිව මවුවරු කෙතරම් අසරණ වී සිටිනවාද? ඒ වගේම තමන්ට මුදල් උපයා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වීම සහ අනුන්ගෙන් යැපීමට සිදුවීම නිසාත් මවුවරු මානසික පීඩා විඳිනවා.
කායික සෞඛ්‍ය ගැටලු
වයසට යාමත් සමග මස්පිඩුවල ප්‍රමාණය අඩුවීම සහ අස්ථි දිරායාම සිදුවෙන්න පුළුවන්. සන්ධි වේදනා, කොන්දේ කැක්කුම් ආදිය නිසා වෙනදා මෙන් වේගයෙන් ඇවිදීමට, පඩිපෙළ නැඟීමට හෝ බැසීමට අසීරුතා ඇති විය හැකියි. පෙරට වඩා තමන්ට ක්‍රියාශීලීවීමට නොහැකිවීම නිසා සිත් තැවුලින් පසුවීමත් මානසික යහපැවැත්මට අහිතකර ලෙස බලපානවා.
අද තරුණ විය ඉක්මවා යද්දීම බොහෝදෙනා බෝ නොවන රෝගවලට ගොදුරුවෙනවා. දියවැඩියාව, කොලොස්ටරෝල්, අධික රුධිර පීඩනය වැනි රෝග නිසා පීඩා විඳින මවුවරුන් මානසිකව කඩා වැටෙන්න තිබෙන අවස්ථා වැඩියි.
වැඩිපුරම ගොදුරු වෙන්නේ ඩිමෙන්ෂියාවට
වැඩිහිටියන් වැඩිපුරම ගොදුරුවන මානසික රෝගී තත්ත්වය වන්නේ ඩිමෙන්ෂියාවයි. එහෙත් එය වැඩිහිටිවියේදී පමණක් හැදෙන රෝගයක් යැයි මෙහිදී වැරදි වැටහීමක් ඇති නොකරගත යුතුයි. එය ඕනෑම වයසක පුද්ගලයෙකුට වැලඳිය හැකියි.
ඩිමෙන්ෂියාව යනු මතකය, සංජානන හැකියාවන්, හැසිරීම්වලට බලපාන රෝගවලදී දැකිය හැකි තත්ත්වයක්. එය පුද්ගලයෙකුගේ එදිනෙදා ක්‍රියාකාරකම් කර ගැනීමට විශාල ලෙස බාධා කරනවා.
ඩිමෙන්සියාට ඇති ප්‍රධානම අවදානම සාධකය වැසයි. වයස්ගතවිමත් සමග එහි අවදානම තවත් වැඩිවෙනවා.
අම්මා ගැන සැලකිල්ලෙන් ඉන්න
කෙසේ වෙතත් ඔබේ මවගේ හැසිරීමේ සහ කතාබහේ යම් වෙනසක් දක්නට ඇත්නම් එම තත්ත්වය නොසලකා හරින්නේ නැතිව වෛද්‍ය උපදෙස් ලබාගන්න. සමහරවිට ඇය එයට අකමැති වේවි. එහෙත් ඇය සමග ආදරයෙන් කතා කර ඊට කැමති කරවාගන්න.
අම්මාවරු යනු කවදාවත් තමන්ගේ ලෙඩ ගැන සිතන පිරිසක් නොවෙයි. ඔබ මවක් නම් ඔබට සිතේ යම් වෙනස්කමක් දැනෙනවා නම් දරුවන්ට හෝ සැමියාට ඒ බව පවසන්න. එසේත් නොහැකි නම් ළඟම ඥාතියකුට හෝ පවසා වෛද්‍ය උපදෙස් ලබාගන්න.
උදේශිකා නෙලුම්දෙනිය
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව