ලෝක දියවැඩියා දිනය මෙම 14 වැනිදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් ලොව පුරා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන අතර මෙරටද ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ. ලෝක ජනගහනයෙන් මිලියන පන්සියයක් තරම් අති විශාල පිරිසක් මේ වනවිටත් දියවැඩියා රෝගයට ගොදුරු වී සිටින අතරඑයිනුත් සංවර්ධනය වෙමින් පවතින සහ දුප්පත් රටවල ජනයා අතර ඉතා බරපතළ ලෙස මෙම රෝගයට ගොදුරු වෙමින් තිබේ. මේ වනවිට අපේ රටද දියවැඩියා රොගීන් බහුල රටක්බවට පත්වෙමින් තිබෙන අතර එම සංඛ්‍යාව රටේ ජනගහනයෙන් 23% ක් තරම් ඉහළ අගයක් ගන්නාබව අලුත්ම වාර්තා පෙන්වා දෙයි.
මොකක්ද මේ දියවැඩියාව?
අපේ සිරුරේ ග්ලූකෝස් මට්ටම පාලනය කරන්නේ ඉන්සියුලින් හෝමා්නයයි. දයවැඩියොව යනු ඉන්සියුලින් හෝමෝනය අඩුවීම හෝ ක්‍රියාකාරිත්වය අඩුවීමයි. එම නිසා ශරීරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යයි. දියවැඩියාව සිරුරේ දිගුකාලීන පරිවෘත්තීය රෝග තත්ත්වයකි. එය සිරුරේ සියලුම අවයවලට බලපෑම් කරන රෝගයකි. හෘදය, ස්නායු, වකුගඩු, දෙපා, ඇස් ආදී අවයව ඒ අතර ප්‍රධාන වේ.
ප්‍රභේද 3 ක්
දිවැඩියාව ප්‍රභෝද තුනකි.
එනම් පළමු වර්ගයේ දියවැඩියාව (Type 01)
දෙවැනි වර්ගයේ දියවැඩියාව(Type 02)
ගර්භිණී සමයේ දියවැඩියාව
මීට අමතරව වෙනත් රෝගවල ප්‍රතිඵලයක් ලෙස හෝ ගන්නා ඖෂධ හේතුවෙන්ද දියවැඩියාව ඇතිවන රොගීහු සිටිති.
පළමු වර්ගයේ දියවැඩියාව
විශේෂයෙන්ම ළමුන් අතර දක්නට ලැබෙන්නේ පළමු වර්ගයේ දියවැඩියාවයි. දියවැඩියා රෝගයට ගොදුරු වන්නන්ගෙන් සියයට 5ක් පමණ පළමු කාණ්ඩයේ දියවැඩියාවට ගොදුරු වූවන් ය.
අග්න්‍යාසය මගින් ශරීරයේ ඉන්සියුලින් හෝමෝනය නිෂ්පාදනය ඇනහිටීමෙන් පළමු කාණ්ඩයට අයත් දියවැඩියාව ඇති වේ. එහිදී ඉන්සියුලීන් නිෂ්පාදන සෛල ක්‍රම ක්‍රමයෙන් විනාශ වීමෙන් ශරීරයේ ඉන්සියුලීන් හෝමෝනය නිපදවීම අඩපණ වේ.
පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ට රෝගය පාලනය වෙනුවෙන් මුඛයෙන් ලබාදෙන ඖෂධ ප්‍රමාණවත් නොවන අතර ඉන්සියුලින් හෝමෝනය එන්නත් මගින් ජීවිත කාලයම ලබාදීමට සිදු වේ.
දෙවැනි වර්යේ දියවැඩියා රෝගීන් (Type 2)
දෙවන කාණ්ඩයේ දියවැඩියාව ඇතිවීමට මූලිකම හේතුව ලෙස ස්ථුලතාව දැක්විය හැකි ය. ක්‍රියාශීලී නොවනා ජීවන රටාව, වැරදි ආහාරපාන භාවිතය, අධික සීනි අධික පීෂ්ටය අදික ආහාර ගැනීම, ව්‍යායාම මදිකම, මානසික ආතතිය ආදී කරුණු මෙම වර්ගයේ දියවැඩියා ඇතිවීමට මූලිකම හේතුවක් වේ.
දියවැඩියා රෝගීන් අතරින් 90%කට වඩා සිටින්නේ දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගීන් ය.
ගර්භිණි කාලයේ දියවැඩියා රෝගීන්
ගැබිනි සමයේදී දියවැඩියාවට ගොදුරු වුවත් දරු ප්‍රසුතියෙන් පසුව එම තත්ත්වය පහව යයි. එහෙත් එම මවුවරුන්ට පසුකාලීනව දියවැඩියාව වැලඳිමේ අවදානම ඉහළ ය.
රෝග ලක්ෂණ මොනවාද?
අධික පිපාසය
වැඩිපුර මූත්‍ර පිටවීම
තොහොට්ටුව සහ බර අඩුවීම
තුවාල සුවවිම කල් ගතවීම හෝ සුව නොවීම
රෝග ලක්ෂණ නැතිවත් හැදෙන්න පුළුවන්
කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා වුවද දියවැඩියාව වැලඳී තිබිය හැකි ය. මෙහි ඇති බරපතළම තත්ත්වය එයයි.
දියවැඩියාව හොයන පරීක්‍ෂණ
නිරාහාර රුධිර පරීක්ෂණය (පැය 8-10 ක්) & -> 126 mg/dL mg/dL
HBA HBA1c ->6'5]
ඍඊී RBS ^Random blood sugar& අහඹු රුධිර පරීක්ෂණය >200 mg/dL mg/dL
නිරාහාර රුධිර පරීක්ෂාවේ ප්‍රතිඵල අනුව නිරෝගී අයෙකුට රුධිර ගත සීනි ප්‍රමාණය 100පටරැාක අඩු අගයක් ගන්නා අතර පූර්ව දියවැඩියා තත්ත්වයේදී 100පටරැාක - 125 පටරැාක අගයක් ගැනේ. නිරහාර රුධිර පරීක්ෂාවේ අගය 125පටරැාක වැඩි අගයක් ගැනීම දියවැඩියා රෝගියෙකුගෙන් වාර්තා වෙන අගයකි.
අවදානම් අය කවුද?
මව හෝ පියාට දියවැඩියාව ඇත්නම්
අදික බර සහ ස්ථුලතාවයෙන් පෙළයි නම්
ගර්භිණියක් නම්
ක්‍රියාශීලී අඩු නම්
අධිකව මානසික ගැටලුවලට මුහුණ දී සිටින්නේ නම්
සෞඛ්‍යමත් නොවන ආහාර රටාවක් ඇති උදවිය
මත්පැන්, දුම්වැටි හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්
වළක්වා ගන්න පුළුවන්ද?
සෞඛ්‍යමත් ආහාර පුරුදු සහ ව්‍යායාම සහිත ක්‍රියාශිලී දිවියක් ගත කරන පුද්ගලයෙකුට දියවැඩියා අවදානම අඩුය. විශේෂයෙන්ම උසට සරිලන බරක් පවත්වාගෙන යාම ඉතා වැදගත් ය. එමෙන්ම සිරුරේ සීනි මට්ටම සමබරව පවත්වා ගැනීම ද ඉතා ම අවශ්‍ය ය.
දියවැඩියාව හැදෙන වයස වෙනස්වෙලා
මීට පෙර දියවැඩියා රෝගයට ගොදුරු වූයේ මැදි වයස පසුකළ අය අතරින් වුවද මේ වනවිට වයස අවුරුදු 15 සිට 30 අතර වයසේ පසුවන්නන්ද මෙම රෝගයට ගොදුරුවන බවක් පෙනේ. විශේෂයෙන්ම රජයේ රෝහල්වල සායනවලට එන තරුණ පිරිස් ක්‍රමයෙන් වැඩිවෙමින් තිබේ. එය ඉතා අවදානම් තත්ත්වයකි.
හදිසි හෘදයාබාධවලට ප්‍රධාන හේතුව
දියවැඩියාව ඇති පුද්ගලයෙකුට හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම ඉතා ඉහළය. මේ නිසා දියාවැඩියා රෝගීන් වැඩිපුරම මිය යන්නේ හෘදයාබාධවලට ලක්වීමෙනි. නිහඬ මාරයා ලෙස දියවැඩියාව හඳුන්වන්නේද එබැවිනි.
ඊට අමතරව දියවැඩියාව නිසි ලෙස පාලනය නොකළහොත් වකුගඩු අකර්මණ්‍යවීම, ඇසේ සුද ඇතිවීම සහ අන්ධබව, ස්නායු රෝග, අංශභාගය, දෙපා අහිමිවීම, සුව නොවන තුවාල ඇතිවීම, සිරුර කෘෂවීම ආදී සංකූලතා රැසක් ඇති වේ.
පාලනය කරන්න පුළුවන්
දියවැඩියාව ඖෂධ, ආහාර සහ ව්‍යායාම මගින් සම්පූර්නයෙන් ම පාලනය කළ හැකිය. විශේෂයෙන් ම මුලින්ම හඳුනා ගතහොත් ඉතා අඩු ඖෂධ මාත්‍රාවකින් සහ ස්‍යෙඛයමත් දිවි පැවැත්මකට හුරුවීමෙන් සංකූලතා රහිතව නිරෝගීව ජීවත්වීමේ හැකියාව ලැබේ.
බෙහෙත්වලට වකුගඩු නරක් වෙනවද?
දියවැඩියා රෝගයට ලබාදෙන ඖධවලට වකුගඩු නරක්වෙනවා යැයි සමාජයේ ඇති මතයේ කිසිදු සත්‍යතාවක් නැත.එහෙත් දියවැඩියාව නිසි ලෙස පාලනය නොකිරීම නිසා වකුගඩු අකර්මණ්‍ය විය හැකිය.
දියවැඩියා රෝගීන්ට දෙන ප්‍රධාන ඖෂධය වන්නේ මෙට්ෆොමින් ^Metformin ය. මෙම ඖෂධයට වකුගඩු හානි නොවේ. මෙම ඖෂධය මගින් වකුගඩු ක්‍රියාකාරිත්වය වැඩි කළ හැකි ය.
ඉන්සියුලින්(Insulin)
ශරීරය තුළ නිපදවන ඉන්සියුලින් හෝමෝනය, බාහිරව නැවත ශරීරයට ලබාදීම සිදු කරයි. එම එන්නත වකුගඩුවලට හෝ වෙනත් අවයවයකට බලපාන්නේ නැත.
ඉලක්කමක් විතරක් නොවෙයි
තමන්ට දියවැඩියාව ඇත්දැයි සොයාගත හැක්කේ රුධිර පරීක්‍ෂාවකින් ලැබෙන ඉලක්කම් අගයකිනි. මේ නිසාමදෝ බොහෝදෙනා මේ ඉලක්කම ගැන ඒ තරම් තැකීමක් කරන්නේ නැත. මේ නිසා සිදුවන්නේ රෝගය නොතකා හැරීමය. එය ඉතා බරපතළ තත්ත්වයකි. එබැවින් ඔබ දියවැඩියා අවදානමෙන් මිදුණු අකෙු යැයි කිසිවිටෙකත් නොසිතන්න.
සීනි, තෙල්, ශුද්ධ කළ පිටි සහිත ආහාරවලින් ඈත්වෙන්න
ව්‍යායාම කරන්න.
අනවශ්‍ය ලෙස අවිවේකී වීමෙන් වළකින්න.
නොමිලයේ රුධිර පරීක්‍ෂාවක් කරගන්න - රෝහලට යන්න
ඔබ වයස අවුරුදු 35 ට වැඩි අයෙකු නම් ප්‍රදේශයේ මහ රෝහලේ හෝ මූලික රෝහලේ පිහිටුවා ඇති බෝ නොවන රෝග කල් තියා හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන වන ‘සුව දිවි මධ්‍යස්ථාන’ වෙත ගොස් රුධිර පරීක්‍ෂාවක් කරගන්න. ඔබ අවුරුදු 35 ට වඩා අඩු අයෙකු වුවත් අවදානම් සාධක සහිත නම් පරීක්‍ෂා කරගන්න.
උපදෙස් - සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අරුන්දිකා සේනාරත්න
ශ්‍රී ලංකා අන්තරාසර්ග රෝග සම්බන්ධ වෛද්‍ය ආයතනයේ සභාපතිනී, ජයවර්ධනපුර රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිමුතු ටී. මුතුකුඩ
උදේශිකා නෙලුම්දෙනිය
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
අවදානම දැනගන්න - අදම ක්‍රියාත්මක වෙන්න