වර්තමානයේ මත්පැන්, දුම්වැටිවලට සහ හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ තරුණ තරුණියන් බොහෝමයකි.ඒ ඇබ්බැහි වීම් මොවුන්ගේ නිරෝගී සෞඛ්‍යයට හානි පමුණුවනවා පමණක් නොව සමාජයීය ගැටලු රැසක්ම නිර්මාණය කිරීමට තරම් ප්‍රබල වී ඇත. මොවුන්ව ඒ ඇබ්බැහි වීම්වලින් මුදාලන්නේ කෙසේද, දිගු කාලයක් මුළුල්ලේ සිට ඇබ්බැහි වීම්වලට නතුව සිටියදී ඉන් වැළැකිය හැකිද, අපහසුවෙන් හෝ ඉන් මිදුණොත් පසු කලකදී ආයෙම ඊට ඇබ්බැහි වේද? පහත ලිපිය ඒ ගැනයි.
මත්පැන්වලට ඇබ්බැහි වූවකුට මනෝ වෛද්‍ය ප්‍රතිකාර අද මත්පැන් පානය කරන්නෝ සුලබය. අපේ රටේ මෙකී ඇබ්බැහියේ තරම කෙතරම්ද කීවොත් පිරිමි අය සේම ඇතැම් කාන්තාවන්ද මෙය පුරුද්දක් කරගෙන ඇති බවක් පෙනේ. මෙම පුරුද්ද ඇබ්බැහියක් වී පාලනයෙන් ගිලිහී ගිය කල වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වේ. මෙබඳු පිරිස් මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කළහොත් ඔහුගේ මත් ද්‍රව්‍ය භාවිතයට අදාල රෝග ඉතිහාසය ගැන දීර්ඝ වශයෙන් අධ්‍යයනයට ලක් කෙරේ. ඒ අනුව අදාල පුද්ගලයා දිනකට කෙතරම් මත්පැන් ප්‍රමාණයක් භාවිත කර ඇත්ද, මීට කලින් මත්පැන් පානය නතර කිරීම නිසා අපස්මාරය හෝ සිහිය විකල් වීම වැනි තත්ත්ව ඇතිවී තිබේද කියා සොයා බැලේ. එසේම ඔහු අවසන් වරට මත් ද්‍රව්‍ය ලබා ගත් වෙලාව, මේ භාවිතය නිසා ශාරීරික සෞඛ්‍යයට, මානසික සෞඛ්‍යයට සේම සමාජ ජීවිතයට වී ඇති හානිය දීර්ඝව සලකා බැලේ. ඉන්පසු රුධිර පරීක්ෂණ සිදු කරමින් අක්මාවට කෙතරම් හානි වී ඇත්දැයි නිර්ණය කෙරේ.
එහිදී දිනකට මත්පැන් බෝතලයක් පානය කළ අයකුට විශේෂිත ඖෂධයක් සෑම පැය 6කටම වරක් දින 05ක් ලබා ගැනීමට නිර්දේශ කෙරේ. මෙහිදී නින්ද නොයාම, වෙව්ලීම, අධිකව දහදිය දැමීම, සිහිය විකල් වීම වැනි බරපතළ සංකූලතා කිසිවක් මත්පැන් නතර කළ මුල් දින කීපයේදී මෙකී ඖෂධය ලබා ගත්තායැයි සිදු නොවේ. එසේම 'Thiamin' නම් B ගණයේ විටමින් පෙති හෝ එන්නත් මඟින් ලබා දේ. එය ලබා දෙන්නේ මත්පැන් නතර කිරීම නිසා ඇති වන ස්නායු දුර්වල වීමෙන් සෑදෙන රෝගී තත්ත්ව දෙකක් වන 'Wernicke's encephalopathy' සහ 'Wernicke korsakoff' වැළැක්වීමටය.
නැවත මත්පැන් පානය නොකිරීමට ලබා දෙන ඖෂධ ප්‍රතිකාර මොනවාද?
මත්පැන් භාවිතය නතර කර මුල් දින කිහිපය ගෙවාගත්තකුට නැවත මත්පැන් භාවිතයට යොමු නොවීමට ඖෂධීය ප්‍රතිකාර මෙන්ම චර්යාමය සහ මනෝ චිකිත්සකමය ප්‍රතිකාර ක්‍රම පවතී. මෙය වෛද්‍ය විද්‍යාවේදී Relapse prevention ලෙස හැඳින්වේ.
හෙරොයින්වලට ඇබ්බැහි වූවන්ට ඇති ප්‍රතිකාර හෙරොයින් , සමාජ පිළිලයක් වන තරමට ඔඩු දුව ගිය ගැටලුවකි. හෙරොයින් ගැනීමට හුරු වූ පුද්ගලයකුට මේ භාවිතය නතර කිරීම නිසා ඇති වන ශාරීරික අපහසුතාවන්ට ප්‍රතිකාර කිරීමට ඖෂධ ලබා දීම ප්‍රථමයෙන් සිදු වේ.
මෙයාකාරයට හෙරොයින් නතර කිරීම නිසා ශරීරයට ඇති වූ අපහසුතාවට ප්‍රතිකාර කොට අනතුරුව නැවතත් හෙරොයින් ගැනීමෙන් වළක්වා ගැනීමට කටයුතු කෙරේ. මෙවැනි රෝගීන්ට අපේ රටේ විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් පවතී. එනම් මෙයාකාරයට ඇබ්බැහිවූවන්ට ලබා දෙන නේවාසික ප්‍රතිකාරයයි. ඒ සඳහා රෝගීන්ව මාස 02ක පමණ කාලයක් රඳවා ගෙන ප්‍රතිකාර කටයුතු ඇරැඹේ.
මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන නිට්ටඹුවේ 'නව දිගන්තය' නමින්ද,ගාල්ලේ උණවටුන රෝහල ආශ්‍රිතවද, රාජගිරිය තලංගම රෝහල මුල් කරගෙන පවත්වා ගෙන යනු ලැබේ. රෝගියා නේවාසිකව හිඳින මාස දෙක තුළ සම්පූර්ණ ප්‍රතිකාර නොමිලේ ලබා දෙන අතර ශ්‍රී ලංකා අන්තරායකර ඖෂධ පාලන අධිකාරිය මගින් මෙකී සෑම මධ්‍යස්ථානයක්ම පාලනය වේ. මෙම සෑම ප්‍රතිකාර ක්‍රමයකදීම අවධාරණය කළ යුතු විශේෂ කාරණාව වන්නේ ,ඇබ්බැහි වූ පුද්ගලයාගේ කැපවීම සහ උනන්දුවත් මෙයින් මිදීමට ඉතා වැදගත් බවයි.
දුම්වැටි භාවිතයේ අනිසි විපාක දුම්පානය කරන සෑම පුද්ගලයන් දෙදෙනකුගෙන් එක් අයකු දුම්වැටි ආශ්‍රිත කායික රෝග නිසා මරණයට පත් වේ. සිගරට් දුමෙහි ප්‍රධාන වශයෙන් නිකොටින්, තාර සහ කාබන් මොනොක්සයිඩ් යන රසායනික ද්‍රව්‍ය තුන අඩංගුය. මින් නිකොටින් යනු ඇබ්බැහිකාරක මත් ද්‍රව්‍යයක් වන අතර අනෙකුත් විස රසායනික මඟින් පෙනහළු පිළිකා, හෘදයාබාධ, ආඝාතය වැනි මාරාන්තික රෝග ඇති කරවයි.
ප්‍රතිකාර දුම්පානයට ඇබ්බැහිවූ පුද්ගලයකුට එයින් ගැලවීම සඳහා ප්‍රතිකාර ක්‍රම ගණනාවක්ම බටහිර වෛද්‍ය විද්‍යාව සතුව පවතී. මෙහිදී යොදා ගැනෙන ප්‍රධාන ඖෂධ ප්‍රතිකාර ක්‍රමය වනුයේ, Nicotine replacement therapy නම් විශේෂ ඖෂධයකි. මෙහිදී නිකොටින් ලොසින්ජරයක් ආකාරයට රෝගියාට නිර්දේශ කෙරේ. එහිදී රෝගියා කළ යුතු වන්නේ දුම්පානය කිරීමට හිතෙන කවර අවස්ථාවකදී වුව මෙම නිකොටින් අඩංගු ලොසින්ජරය මුඛයේ තබා ගෙන එහි රසය දිවට දැනවීමට සැලැස්වීමය. මෙමඟින් රෝගියාගේ සිරුරට නිකොටින් ලැබෙන මුත් සිගරට් දුමෙහි අඩංගු මාරාන්තික විස රසායනික ශරීර ගත නොවේ. තවද මෙම නිකොටින් ලොසින්ජරය භාවිතයෙන් දුම්වැටිවලට ඇබ්බැහිවූවන් ඉන් මිදීමේ ප්‍රවනතාව එසේ නොලැබුණ පුද්ගලයන්ට වඩා දෙගුණයක් බව වෛද්‍ය පර්යේෂණවලින් පවා සනාථ වී ඇත.
-සටහන- මාධවී ධර්මරත්න
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඇබ්බැහි වීමකින් මිදෙන්නේ කොහොමද?