අපේ ඇස් රැක ගත යුත්තේ ඇස් පරිද්දෙනි. හිතාමතා හෝ නොසිතා කරන සුළු හෝ වරදක් නිසා පෙනීම මුළු ජිවිත කාලයටම අහිමි වී යා හැකියි. විශේෂයෙන් ඇස් රෝග උූදෙසා අපට සිතුමතේ බේත් හේත් වුවු භාවිත කළ නොහැකියි.
පසුගිය වසර දෙක පුරාම රටේ ඇති වූ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මාර්ග ගත අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දෙනු ලැබිණි. මාර්ග ගත අධ්‍යාපන ක්‍රමය නිසා කුඩා දරුවාගේ සිටම වැඩිහිටි පුද්ගලයා දක්වාම දිගු වේලාවක් පරිගණක තීරය, ස්මාට් ජංගම දුරකතන තිරය දෙස බලා සිටීමේ අනිටු ප්‍රතිඵලද මේ වනවිට වාර්තා වෙමින් පවතී.
එනම් හිසේ කැක්කුම , ඇස් වටා ප්‍රදේශය රිදීම, ඇස්වල කැක්කුම් ගතිය මීට උදාහරණ වේ. විවිධ පැති දෙස නොබලා එකම දිශාවක ඇති දෙයක් දෙස දිගු වෙලාවක් බලා සිටීමෙන් ඇස් වෙහෙසට පත් වීම මීට හේතුවයි.
ඇහේ මාංශ පේශි සංකෝචනය වීම නිසා ඇහැ රිදීමට පටත් ගැනේ. කඳුළු ගලා ඒම, බෙල්ල රිදීම, වමනය ගතිය, අධික නොරිස්සුම වැනි තත්ත්වද ඇති කරවයි. මෙය ‘Computer vishion syndroma ‘ නමින් හැඳින්වේ. විනාඩි 20 ට වඩා ඩිජිටල් තිරයක් දෙස එක එල්ලේ බලා සිටීමෙන් ඇස් පිල්ලම් නොගසා බොහෝ වේලාවක් සිටීමෙන් ඇස් වේලීම, ඔළුව නවා ගෙන දිගු වේලාවක් සිටීමෙන් බෙල්ලේ මාංශ පේශීන්වලට බලපෑම් එල්ල වේ.
කුඩා දරුවනුත් අද දෘෂ්ඨි ආබාධවලට ගොදුරු වෙලා
අද වනවිට වයස්ගත වීම නිසා සිදුවන ඇස් නොපෙනීමේ තත්ත්වයට වඩා කුඩා දරුවන් අතර පවා ඇස් ආබාධ, දෘෂ්ඨි ආබාධ හට ගත හැකියි. මවුපිය නොදැනුම්වත්භාවය හරහා දරුවාට කුඩා කල සිට තිබූ ඇස් ආබාධ හෙතෙම වයසින් වඩෛත්ම ප්‍රතිකාර මගින් සුව කළ නොහැකි අවධීන් දක්වා පැතිරී යා හැකිය. එබැවින් දරුවා ගැන විමසිලිමත් වනවා සේම දරුවාගේ පෙනීම සම්බන්ධවත් මවුපිය වගකීම, අවධානය ලබා දෙන්න.
මේ අනුව ඔබේ දරුවාගේ ඇස්වල පෙනීම ගැන සුළු හෝ සැකයක් ඇත්නම් වහාම ළඟම පිහිටි අක්ෂි සායනයකට හෝ අක්ෂි විශේෂඥ වෛද්‍යවරයකු වෙතට හෝ දරුවාව යොමු කරවන්න.
‘Computer vishion syndroma ‘වලක්වා ගැනීම
1) 20: 20:20 පුරුද්දට අනුගත වන්න.
2) එනම් විනාඩි 20ට වතාවක් තමාට අඩි 20ක් දුරින් පිහිටි දෙයක් දෙස තත්පර 20ක් බලා සිටින්න.
3) පරිගණක තීරය තම මුහුණ මට්ටමට වඩා අංශක 30ක් පහළින් තබා ගන්න.
4) ඔබ ඉන්නා ස්ථානයේ දීප්තියට වඩා අඩු වන පරිදි පරිගණක තිරයේ දීප්තිය සකසා ගන්න.
5) සෑම විනාඩි 10ටම 15කටම වතාවක් ඇස් වසන්න. ඇගිලි තුඩු මගින් ඇස් මෘදුව සම්භාහනය කරන්න.
පෝෂ්‍යදායී ආහාර රටාවකට අනුගත වෙමු
විටමින් ‘ඒ‘ ඌනතාව නිසා රාත්‍රී කාලයට ඇස් නොපෙනීමේ තත්ත්වයක් මතු වේ. පළා වර්ග, කහ පාට එළවළු, පලතුරු , පොඩි මාලු වර්ග ආහාරයට අමතක නොකරම එකතු කර ගන්න. එමෙන්ම මෝර ගුලි, ඔමෙගා ඔයිල්, ෆිෂ් ඔයිල් වැනිදෑ ඇහේ පටකවලට ඇති වන ආබාධ අඩු කරවයි.
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇස් ආබාධ සඳහා පාර කපන අපේ වැරැදි පුරුදු