IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


ඇසේ පෙනුමට හානි කරන වැරැදි පුරුදු අත් හරින්න

කාන්තාවෝ තම රූසපුව අලංකරණය සඳහා බොහෝ වෙහෙසෙති. මුහුණ, දෙතොල්, වරලස සේම ඇස් දෙකද අලංකාරව තබා ගැනීමත් රූපලාවන්‍යයේ විශේෂිත කොටසකි. ඒ උදෙසා යෞවනියන් සේම කාන්තාවෝද ඇස් අලංකරණය පවත්වා ගැනීමට ඉතා කැමැතිය.

නිරෝගී ඇස් දෙකක්

නිරෝගී ඇස් දෙකක් යනු අලංකාරයම පමණක් නොව පෙනීමද ආරක්ෂා වූ නෙත් යුවළකි. එවන් ඇස් දෙකක් පුද්ගලයකුට කෙතරම් වටිනවාද? අපේ පරමායුෂ දක්වාම එදිනෙදා වැඩ කටයුතු බාධාවක් රහිතව කර ගැනීමට ඇස්වල පෙනීම අත්‍යවශ්‍යයි. නිරෝගී ඇස් දෙකකට පෙනීම රකින, පෙනුම වර්ධනය කරන ආහාර පාන සේම ඇස් සම්බන්ධව අප බාහිරින් සිදු කරන වැරැදි පුරුදුවලින්ද මිදිය යුත්තෙමු.

නිෂ්පාදනවල අඩංගු දේවල්

දෙඇස් අලංකාර කිරීමට යොදා ගැනෙන මෙම මේකප් වර්ග, දියර වර්ගවල සංයුතිය රසායනික ද්‍රව්‍ය ගණනාවකගේම සංයෝගයකි. අද වනවිට ජලයට පවා මැකී නොයන ඇස් ආලේපන වර්ග බොහොමයකි. ඒ බොහොමයකම රසායනික සංයුතිය ඒ තරමටම ඉහළය. මෙම රසායනික අපේ සමට කෙතරම් හිතකරද යන්න මූලික ගැටලුවයි. විශේෂයෙන් මේවා ඇස්වලට යොදන බැවින් අප බෙහෙවින් සැලකිලිමත් විය යුතුමයි.

ඇස්වල පෙනීම රැක ගැනීම ප්‍රධානයි

ඇස් හැඩ කරන සියලුම නිෂ්පාදනවල ප්‍රමිතිය ගැන ඔබේ අවධානය යොමු කරන්න. ප්‍රමිතියකින් තොර නිෂ්පාදන නිසා ඇහේ පෙනුම පවා නැති වීමට ඉඩ ඇත. ඇස් යට අලංකරණයේදී ඇසේ මුල සිට පැන්සලින් හැඩ ගැන්වෙන අවස්ථා දැක ඇත.

ඇසේ කොණ වැනි ඉතාම සංවේදී කඳුළු උණන තැන් මෙයාකාරයට අවහිර කිරීම ඉන් සිදු වේ.

මෙය අඛණ්ඩව සිදු වීම නිසා ඇස් ඉදිමිය හැකියි. ආසාදනයකට පවා ලක්වීමට ඉඩ ඇත. ඇස් හැඩ ගැන්වීමෙහි කිසිඳු වරදක් නැති අතර ඉතා සියුම් මෙවන් තැන් අවහිර නොවනා ආකාරයට ඔබ කටයුතු කළ යුතුයි.

ඇස් ආලේපන ඉවත් කිරීමේදී පවා ඇස් ඇතුළට ඒවා නොයන සහ නොවැටෙන පරිදි මෘදුව පිස දැමීමෙන් පසු ගැල්වූ දෑ පිරිසුදු ජලයෙන් සෝදා හැරිය යුතුය.

පිටස්තර පුද්ගලයකු වෙතින් ඇස් අලංකරණ කටයුතු සිදු කර ගැනීමේදී ඇස් තුළට කිසිඳු ද්‍රව්‍යයක් නොවැටෙන, නොවදින ලෙස සිදු කර ගන්න. එය ඔබේ දෘෂ්ටි කෝණයට සෘජුවේම බලපානු ලැබේ. සාමාන්‍යයෙන් eye liner සඳහා ඉටි, තෙල්, සිලිකොන් බහුලව යොදා ගැනෙන අතර දිගුකල් භාවිතය සුදුසු නැත.

ඇස් දෙකේ බාහිර ලස්සන මෙන්ම පෙනීම රැක ගැනීමේ වගකීමද උදෙසා අපි මෙතෙක් කළ වැරැදි පුරුදුවලින් මිදිය යුතුවෙමු.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

ඇසේ පෙනුමට හානි කරන වැරැදි පුරුදු අත් හරින්න

" ගූගල්-ඇඳිරිය " Monday, 05 September 2022 01:49 PM

එදා කාලේ " ඇස් අස්සෙන් සොකරි " නටවලා හතලිස් ඇඳිරිය වයසේ හැටියට ආවත් අනේ අපොයි අද කාලේ " ගූගල් අස්සෙන් " ඇස් නටවලා " ගූගල්-ඇඳිරිය " තරුණ වයසෙන්ම දැකිය හැක..!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

සුව දිවියට අත්වැලක්

දැන දැන වැරදි කළාම හැදෙන හෘදයාබාධ
2025 ජනවාරි මස 22 2978 2

වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික



සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව
2024 ඔක්තෝබර් මස 01 1385 0

වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන


අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව
2024 අගෝස්තු මස 28 1661 0

ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?


පියකරු මුහුණක් - සිතට සතුටක්
2024 මැයි මස 31 1194 0

මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න


වයස අවු. 40 ට වැඩි නම් ප්‍රෙෂර් බලාගන්න
2024 මැයි මස 06 2360 1

වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1018 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 438 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 586 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site