ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිපදවන ඇතැම් රටවල ඇතිවූ අර්බුදය සමග ගෝලීය එන්නත් හිඟයක් නිර්මාණය විණි. එහි අතුරුපල ලෙස එම එන්නත ඇනවුම් කර තිබූ රටවල පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් ප්‍රමාදයක් ඇතිවන බව දක්නට ලැබුණි.
මතභේදයට තුඩු දුන් මෙවන් පසුබිමක පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා ලබා ගෙන දෙවැනි මාත්‍රාව ලෙස වෙනත් එන්නත් භාවිත කළ හැකිද සහ කොපමණ කාල පරාසයකදී දෙවැනි මාත්‍රාව ලබා දුනහොත්ද මනා ප්‍රතිදේහ ජනනය සිදුවන්නේද යන්න කාරණා අළලා පර්යේෂණ වාර්තා කිහිපයක්ම පසුගියදා නිකුත් කෙරිණ
මේ සියලුම පර්යේෂණ දැනට මූලික අවදිවල පැවතුණද ඉන් ලැබෙන ප්‍රතිඵල ඉතා සාර්ථක මට්ටමේ පවතින බව කිව යුතුය.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මෑතක පළකළ පර්යේෂණ වාර්තාවකට අනුව ඇස්ට්‍රාසෙනෙකා පළමු හා දෙවැනි මාත්‍රාව අතර කාලසීමාව සති 45 දක්වා දිගු වුවද ප්‍රතිශක්තීකරණය සාර්ථක බව දැක්වේ. ලොව පුරා ඇතිවුණු එන්නත් හිඟය සමග දෙවැනි මාත්‍රාව ප්‍රමාද වූ රටවලට මෙය සුබදායී පුවතකි. තවත් පර්යේෂණ මාලාවකින් මතු කෙරුණු තොරතුරක් වන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවැනි මාත්‍රාව සඳහා ෆයිසර් වැනි M.R.N.A. එන්නත් භාවිතයෙන් සිදුවන ප්‍රතිශක්ති ජනනය යහපත් බවයි.
මෙහිදී සිදුවන ප්‍රතිශක්ති ජනනය ඇස්ට්‍රාසෙනිකා එන්නතේම දෙවැනි මාත්‍රාව ලබා ගැනීමේදී සිදුවන ප්‍රතිශක්ති ජනනයට සමාන හෝ ඊටත් වඩා වැඩි විය හැකි බවයි.
මූලික අදියරේ පවතින මේවායේ සාක්ෂි ගෝලීය එන්නත් හිඟයෙන් පීඩා විඳින රටවලට අස්වැසිල්ලක් වනවා සේම ලෝක කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ නව දිශානතියකටද යොමු කෙරෙනු ඇති.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරුඇසුරිනි.)
සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාවේ විකල්පය