අපට වැළඳෙන උණ තත්ත්වයකදී එය සාමාන්‍යාකාරයෙන් දැකීමට බොහෝ දෙනා පුරුදුව සිටිති. උණ තත්ත්වයකදී අපි හිතන්නේ එක්කෝ එය සාමාන්‍ය වයිරස් උණක් පරිද්දෙනි. නැතහොත් ඩෙංගු ,ඉන්ෆ්ලුවන්සා හෝ කොවිඩ් ලෙසට සැක පහළ කරති.
එහෙත් මේ තත්ත්ව විතරක්ම විය හැකිද? මැලේරියා අවදානම තවමත් පවතින රටකට ඔබ මෑතක ගියා නම්, එම රටවල සිට පැමිණියා නම් මැලේරියා අවදානමත් විය හැකි බවට මතක තබා ගන්න.
ඉතා මෑතකදී මැලේරියාව නිසා පුද්ගල මරණයක් වාර් තා වීම නිසා නැවතත් මැලේරියා අවදානම ඇති බව පැවසීම, සිහිපත් කිරීම ලිපියේ අරමුණය.
මැලේරියාවෙන් මෙවැනි ජීවිත හානියක් අපේ රටේ අවසාන වරට වාර් තා වුණේ මීට අවුරුදු දාහතරකට පෙරදිය.
මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් වශයෙන් මෙරටේදී තවදුරටත් මැලේරියාව බෝ වීම සිදු නොවුණත්, මැලේරියාව අවදානම් කලාපයේ රටවල සංචාරකයන් හට පහසුවෙන්ම රෝගය සම්ප්‍රේෂණය විය හැකිය.
ඒ අනුව අප්‍රිකානු, ආසියානු ,ඩොමිනිකන් රජය / හයිටි, මැද පෙරදිග ඇතැම් කලාප
සේම ඇතැම් පැසිපික් දූපත් එවන් අවදානම් කලාප ලෙසට නම් කොට ඇත.
මැලේරියා පරපෝෂිතයා ආසාදිත ඇනෝපිලිස් මදුරුවෙකුගේ දෂ්ටනයකට ලක් වුවහොත් දින 10 - 15 ත් අතර කාලයක දී රෝග ලක්ෂණ ඇති කරයි. එනමුත් ඇතැම් පුද්ගලයන්ට මැලේරියාව ආසාදනය වී මාස ගණනක්, ඇතැම් විට වසර කිහිපයක් ගත වූ පසුද රෝග ලක්ෂණ පෙන්වීමට ඉඩ ඇත.
ඒ අනුව මැලේරියා අවදානම සහිත රටක සිට පැමිණි ඔබ, වසර තුනක් ගතවන තුරු උණ රෝග තත්ත්ව වැළඳෙන අවස්ථාවල දී මැලේරියාව පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ
උණ රෝග තත්ත්වයක දී මැලේරියාවට අවදානමක් ඇති ඔබ නොපමාව මැලේරියා පරපෝෂිතයා හඳුනාගැනීමේ රුධිර පටල පරීක්ෂණයකට [ Malaria Parasite (MP) Test] යොමු විය යුතුය. කල් වේලා ඇතිව රෝගය හඳුනා ගතහොත් අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දී මාරාන්තික තත්ත්ව හා සංකූලතා වළකා ගැනීමට හැකියාව තිබේ.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර් යාංශය ලබා දුන් විස්තර ඇසුරිණි)
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
උණ ඇත්නම් මැලේරියාව වෙන්නත් පුළුවන්