කලින් කලට උණ වයිරස තත්ත්ව හිස ඔසවනු දැකිය හැකිය. ඩෙංගුත් නොවන කොවිඩ්-19 නොවන උණ වයිරස නිසා ළමා, තරුණ, වැඩිහිටි සියල්ලෝම පොදුවේ ගොදුරු වෙති. උණ යනු රෝග ලක්ෂණයක් මිස රෝගී තත්ත්වයක් නොවෙයි.
ඉතින් මේ අප දකින උණ තත්වයන්ට හේතු වූ රෝගය කුමක් විය හැකි ද? උණ තිබේ නම් කළ යුත්තේ කුමක් ද? නොකළ යුතු දෑ මොනවා ද? යන්න ඔබව දැනුම්වත් කිරීම අද ලිපියේ අරමුණයි.
මේ දිනවල පැතිරයන උණ තත්ත්වයට හේතු වී ඇත්තේ , ශ්වසන වෛරසයක් වන ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ අලුත් ප්‍රෙභ්දයක් යැයි වෛද්‍ය විශේෂඥයින් මත පළ කොට තිබේ. කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව වැනි ලක්ෂණ සමඟ උණ ගැනීමද සිදු වේ. කෙසේ නමුත් මෙවැනිම රෝග ලක්ෂණ පෙන්වන කොවිඩ්-19 ඇතුළු තවත් ශ්වසන වෛරස අප අවට පරිසරයේ පවතින බවද සැබැවි.
රට තුළ ඩෙංගු රෝගීන්ද සීග්‍රයෙන් ඉහළගොස් තිබෙන වකවානුවක අප දකින ඇතැම් උණ තත්ත්ව ඩෙංගු රෝගය වීමට වුවද පුළුවන. මී උණ වැනි අප රටේ පැතිර පවත්නා තවත් බෝවෙන රෝගවලටත් උණ හට ගැනීම පොදු ලක්ෂණයකි.
මෙවැනි හේතු ගණනාවක් නිසා උණ ඇතිවිය හැකි වුවත් අපට සාමාන්‍ය දැනුම මත පිහිටා කටයුතු කළ නොහැකි අතර නිවැරැදි රෝග විනිශ්චය අත්‍යවශ්‍යම වේ.
එබැවින් නිසි වෛද්‍ය උපදෙස් අනුව සංකූලතා අවම කරගෙන ඉක්මනින්ම සුවපත්වීම ඉතා වැදගත්ය.
ඔබට හෝ සමීපතමයෙකුට උණ ඇතිනම් හොඳින් දියර ජාති ලබා දිය යුතුය. විවේකීව සිටීමද අනෙකුත් වැදගත් කාරණයයි. පානීය ජලය පමණක් නොව කැඳ, සුප්, තැඹිලි වැනි ඛනිජ ලවණ අඩංගු පාන ජාති උණ වයිරස රෝගීන් සඳහා සුදුසු ය. එමෙන්ම ශරීරයේ දියර මට්ටම ඉක්මනින් ඉහළ නංවන,විජලනයෙන් වලකන සහ පහසුවෙන් සකස් කරගත හැකි පානයක් වන ජීවනී පානයට දීමද ඉතා උචිතය. පාන ජාති සේම උණ රෝගියාගේ ආහාර ගැන සැලකිලිමත් වීමද ඉතා වටී. ඒ අනුව පෝෂණීය ආහාරවේලක් ලබාගැනීමත් ඉක්මන් සුවයට උපකාරයක්.
උණට සහ වේදනාවට පැරසිටමෝල් ඖෂධය පමණක් නිසි මාත්‍රාව අනුව නියමිත කාලයට ලබා ගැනීමත් මතක තබා ගත යුතුය. කිසිදු හේතුවක් නිසා පැරසිටමෝල් හැර වෙනත් වේදනානාශක ඖෂධ ලබාගැනීම නොකළ යුතුයි. ප්‍රතිජීවක ඖෂධ ලබා ගත යුත්තේද වෛද්‍යවරයකු නිර්දේශ කළ හොත් පමණි. තවද ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධද වෛද්‍ය නිර්දේශයට පටහැනිව තම අභිමතය පරිදි ගැනීමද ඉතාම අනතුරුදායක වේ.
ඔබ වයස්ගත පුද්ගලයෙකු , ගැබිණි මවක හෝ වෙනත් නිධන්ගත රෝගයකින් පෙළෙන සංකූලතා ඇති අයකු නම් උණ ඇති වූ පළමු දිනයේදීම වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වීම වැදගත්ය. එසේ නොමැති නිරෝගී අයකු වුවත් දින දෙකකට වඩා උණ පවතී නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයකු වෙත යොමුවී රෝගී තත්ත්වය පරීක්ෂා කර ගැනීම වැදගත්ය.
ඇතැම් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ට උණ සුව වුවද කැස් ගතිය කල් අල්ලා පවතින බවද වාර් තා වී ඇත.
මෙවන් සංකූලතාවලදී වෛද්‍යඋපදෙස් මත ලබාගන්නා ඉන්හේලර් (Inhaler) හෝ වෙනත් ඖෂධ කෙටි කාලයක් යනතුරු අඛණ්ඩව ලබා ගැනීම අවශ්‍ය වේ.
වෛරස මගින් බෝවන ශ්වසන රෝග වළක්වාගැනීමට ඔබ දැනටමත් දන්නා සෞඛ් යපුරුදු තවදුරටත් පවත්වා ගැනීම කළ යුතුවේ.
ඒ අනුව නිතර දෑත් පිරිසුදු කරගැනීම, මුහුණු ආවරණ පැළඳීම, හැකි හැමවිටම පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම, කහින කිවිසින විට වැළමිටේ ඇතුල්පැත්තට හෝ ටිෂූ කඩදාසියකට එය පිටකිරීම වැනි ක්‍රම භාවිත කළ හැකිය.
ඩෙංගු ආසාදන වලක්වා ගැනීමට මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ මදුරු දශ්ඨනයෙන් වැළකීම ඉතා වැදගත්ය. මී උණෙන් වැළකීමේ වැදගත් පියවරක් ලෙස ඔබගේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයෙන් (MOH) ලබාදෙන ඖෂධ ලැබෙන උපදෙස් පරිදි කෘෂිකාර්කමික කටයුතු සිදු කෙරෙන කාල සීමාව තුළ ලබා ගත යුතුය.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිණි)
-සටහන- මාධවී ධර්මරත්න
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
උණ සුව වෙලත් තාම කැස්සද?