(ගයාන් සූරියආරච්චි)
කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතාව සහ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම ප්‍රධාන ලක්ෂණ දැකගත හැකිය.
ඔබ රෝගීන්ට හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වීමත් සමග ඔක්සි මීටරය පිළිබඳව කාගේත් කතා බහට ලක් විය. ඔක්සිමීටර මඟින් රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය මැනීමේ හැකියාව ඇති අතර බොහෝ දෙනෙකු එය නිවැරදිව භාවිතා කරන අයුරු තවමත් නොදන්නවා විය හැක.
ඔක්සිමීටරය භාවිතා කරමින් රුධිරයේ ඇති ඔක්සිජන් ප්‍රතිශතය මෙන්ම හෘද ස්පන්දන වේගය ද මැන ගැනීමේ හැකියාව ඇත. එමගින් අප සිරුරේ ඔක්සිජන් ක්‍රියාකාරීත්වය සහ හෘද ස්පන්දන වේගය මැන ගැනීමෙන් යම් අවබෝධයක් ලබාගත හැකිය. එමෙන්ම ගුණාත්මක බවින් යුත් මීටරයක් භාවිතා කිරීම ඉතා වැදගත් වේ .
ඔක්සි මීටරය භාවිත කරන අයුරු
අප අතෙහි ඇඟිලි සියල්ලටම ඔක්සිමීටරය සම්බන්ධ කිරීමෙන් යම් අගයක් ලබාගත හැක එහෙත් සම්මතයට අනුකූලව නිවැරදිව අගයක් ලබා ගත හැක්කේ දබර ඇඟිල්ලට සම්බන්ධ කිරීමෙනි. මෙහිදී දඹර ඇඟිල්ල හා සම්බන්ධ කළ යුතු පැත්ත පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුය.
ඔක්සිමීටරය ක්‍රියාත්මක කළ පසු එහි රතු එළියක් දැල්වන පැත්තෙන් ඔක්සිමීටර විවෘත කර එහි ඇති සංවේදකය වැසෙන පරිදි දබර ඇඟිල්ල යොමු කිරීම වැදගත් වේ.
තප්පර කීපයක් ඇතුලත අගයක් ලබා දෙන අතර එය රුධිරයේ ඔක්සිජන් අගය 100-95 දක්වා පැවතීම හොඳ අගයක් ලෙස හැඳින්විය හැකිය.එමෙන්ම හෘද ස්පන්දනය 60 සිට 100 දක්වා යම්කිසි හොඳ අගයක් ලෙස සැලකිය හැකි අතර 72 ඉතා හොඳ අගයක් ලෙස සැලකිය හැකිය.
එමෙම රුධිරයේ ඔක්සිජන් මට්ටම 90 වඩා පහළට ගිය හොත් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. එහිදී ඔබට ඔක්සිජන් ලබා දිය යුතුද යන්න පිළිබඳව වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලැබේ.
මෙහිදී ඉතා වැදගත් වනුයේ රජයෙන් අනුමත කරන ලද ඔක්සිමීටරයක් භාවිතා කිරීමය. නැතහොත් වැරදි උපකරණයක් භාවිතා කර වැරදි දත්ත මත වැරදි තීරණ ගැනීමෙන් අමාරුවේ වැටීමට ද සිදුවනු ඇත.
ලෝක ආබාධිත සහ පුනරුත්ථාපන වෘත්තිකයන්ගේ සංගමයේ උප සභාපති ආචාර්ය සුජීව විරසිංහ
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඔක්සි මීටරයෙන් වැඩගන්නේ මෙහෙමයි