IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


කෙට්ටු වීමේ කෙටිම ක්‍රමය

 

කාර්යබහුල ජීවන රටාවත්, පෝෂ්‍යදායී ආහාර නොගෙන පිටි, තෙල්, සීනි,ලුණු අධික ක්ෂණික ආහාර රටාවට හුරු වීම නිසා අද ගොඩක් දෙනා තරබාරු, ස්ථුලතාවෙන් පීඩා විඳිති. මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම පොදු ප්‍රශ්නයක් වන අතර කෙට්ටු වීම සඳහාද නොයෙක් ක්‍රම අත්හදා බලති. ඒ අතර ආහාර පාලනයේදී අනුගමනය කරන වැරැදි පියවර ගැන සඳහනක් නොකරම බැරිය. බර අඩු කර ගැනීමට බොහෝ දෙනා කෑම වේල් මඟ හැරීම, පැය ගණන් එක දිගට ආහාර නොගෙන සිටීම වැනි දෑ අද වනවිට ජනප්‍රිය පුරුදු බවට පත්ව ඇත.

නොකා, නොබී කෙට්ටු වෙන්න පුළුවන්ද?

පැය ගණනක් යනතුරු කිසිවක් ආහාරයට නොගෙන සිටීම හිතකර ක්‍රියාවලියක් නොවේ. දිගු වේලාවක් නිරාහාරව සිටීමෙන් ආමාශයේ හට ගැණෙන ගැස්ට්‍රික් යුෂ ඔබව තවත් පීඩාවට පමුණුවයි. ශරීර බර අඩු කර ගත යුත්තේ නිරාහාරව හිඳ නොව ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීමෙනි. එයද එකවර සිදු නොකළ යුතු අතර පියවරෙන් පියවර අඩු කිරීම හොඳය.

වතුර පානය කිරීමේ රහස

ඔබට මෙය නුපුරුදු අත්දැකීමක් නොවේ. බඩ පුරවා ගැනීමට අවශ්‍ය නම් ආහාර අනුභවයට පෙර ඔබ හොඳින් වතුර වීදුරුවක් පානය කරන්න. එවිට බඩ පිරී ඇති බවක් දැණෙන නිසා ආහාර ගන්නා ප්‍රමාණය අඩු කළ හැකිය.

හාමතේ හිඳ තුන් ගුණයකින් කෑම ගැනීම

ශරීර බර අඩු කිරීමට පැය ගණන් දුක් විඳ නිරාහාරව සිට ඉන්පසු ආහාර නොගෙන සිටි පැය ගණනටත් එක්කම කෑම ගන්නවානම් එහි අවාසියත් ඔබටමයි. නිරාහාරව සිටිද්දී වැඩි කෑම ප්‍රමාණයක් ආහාරයට ගත හැකි වීම ඔබට අවාසියක් මිස වාසියක් නම් නොවෙයි.

අහිතකර ආහාර මොනවාද?

ඔබ ස්ථුල අයකු නම් පිටි සහිත බේකරි නිෂ්පාදන, තෙල්-සීනි-ලුණු අඩංගු ක්ෂණික ආහාර නිතිපතා භාවිතය නම් සුදුසුම නැත. කෙට්ටු වීම කෙසේ වෙතත් ඉහත ආහාර ලැයිස්තුව හෘදයාබාධ, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝගවලට ඔබ ගොදුරු කරවනු ඇත.

ඔබේ කෑම පිඟාන

ඔබ ආහාරයට ගන්නා බත් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කරන්න. සරලව කියනවා නම් බත් අඩුවෙන් ආහාරයට ගෙන එළවළු, පළා වර්ග වැඩිපුර සහ මස්,මාළු යනාදියද යම් ප්‍රමාණයකින් එකතු කර ගැනීම සුදුසුය.

කෙට්ටු වෙන්න පියවරෙන් පියවර

පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් ගන්න.

අහිතකර ආහාර ඉවතලා හිතකර ආහාරවලට යොමු වන්න.

ඉහතින් දැක්වූ පරිදි නිවැරැදි ආහාර පාලන ක්‍රමයකට හුරු වීම සුදුසුය.

හොඳින් ජලය පානය කරන්න.

දිනකට විනාඩි 20ක්වත් ව්‍යායාමයක නිරත වීම අමතක නොකළ යුතුය.

තමන්ගේ සිත සැමවිටම සතුටින් තබා ගන්න. මන්ද මනසේ සුවපත්භාවයද මෙයට ප්‍රධාන වන බැවිනි.

ආහාරවලින් පමණක් ශරීර බර අඩු කළ නොහැකිය. ඒ සඳහා ක්‍රමවත් ව්‍යායාම් ක්‍රම, අපේ සිතුවිලිවල ධනාත්මකභාවයද එකතු විය යුතු අතර ඒවා සියල්ල සපිරුණු විටෙකදී පහසුවෙන්ම අපේ ඉලක්ක වෙත ළඟා වීමට හැකිවනු ඇත.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

කෙට්ටු වීමේ කෙටිම ක්‍රමය

ඔබේ අදහස් එවන්න

 

 
 

සුව දිවියට අත්වැලක්

දැන දැන වැරදි කළාම හැදෙන හෘදයාබාධ
2025 ජනවාරි මස 22 2993 2

වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික



සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව
2024 ඔක්තෝබර් මස 01 1387 0

වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන


අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව
2024 අගෝස්තු මස 28 1662 0

ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?


පියකරු මුහුණක් - සිතට සතුටක්
2024 මැයි මස 31 1194 0

මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න


වයස අවු. 40 ට වැඩි නම් ප්‍රෙෂර් බලාගන්න
2024 මැයි මස 06 2363 1

වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 108 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 28 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1062 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site