‘කැපවී හදවතින් -සියලු හදවත් සුවපත් කරමු‘ යන තේමාව රැගත් ලෝක හදවත් දිනය මේමස 29 වැනිදාට යෙදී ඇත. මෙම ලිපිය පළ වන්නේ ඒ නිමිත්තෙනි.
වසරකට ලෝකය පුරා මිලියන 18කට අධික පුද්ගල මරණ සිදු වීමේ හේතු කාරකය වනුයේ හෘදය හා ඒ ආශ්‍රිත රෝගාබාධයි. එනම් හෘදයාබාධ, අධික රුධිර පීඩනය, ආඝාතය හෙවත් අංශභාගය වැනි රෝගාබාධ නිසා සිදුවන මරණ වේ.මෙකී රෝග බොහොමයක්ම ගතහොත් අපි නිකරුණේ වැළඳ ගන්නා රෝග වීම කනගාටුදායක පුවතකි. මේ හදවත් රෝග නිසා ලෙඩ වන්නේ ඔබ පමණක්ද? අන් හැමටම වඩා ඔබ ආදරය කරන ඔබේ ආදරණීයන් , පවුලේ සාමාජිකයන් කෙතරම් දුකට පීඩාවට පත්වනවාද? දැන්වත් මේ අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් මිදීමට කාලයයි.
හදවත් රෝගවලට ගොදුරු වන්නේ කොහොමද? මේ රෝගාබාධ වැළඳෙන්නේ වයසට පත්වනවිටද ?
ස්වාභාවිකත්වයෙන් මිදුණු අහිතකර ආහාර රටාව නිසා ඉතා අඩු වයසින් වුවත් හදවත් රෝග වැළඳීමට පුළුවන.
ඒ වෙනුවට ලුණු, තෙල්, සීනි, රසකාරක, කල් තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු ආහාර අපි දෛනිකව අනුභව කිරීමට පෙළැඹීම.
කාර්යබහුල ජීවන රටාවක් ගත කිරීම හේතුවෙන් ව්‍යායාම මඟ හැරීම,
දුම්පානය, මත්පැන් පානය වගේම වායු දූෂණය මීට හේතු වේ.
මෙම රෝගවලට අඩිතාලම වැටෙනුයේ පුද්ගලයකු කුඩා කල සිටමයි. වයස අවුරුදු 30,40 වනවිට රෝග ලක්ෂණ මත වුවද රුධිරවාහිනි පද්ධතියේ වෙනස්වීම් සිදු වන්නට පටන් ගන්නේ කුඩා අවදියේ සිටමයි. ලුණු අධික ක්ෂණික ආහාර, රෝල්ස්, පැටිස්, පිට්සා ,කොත්තු ආදියට කුඩා කල සිට හුරු කළහොත් ඒ නිසාම රුධිර වාහිනී තුළ ජලය රඳන ප්‍රමාණය වැඩි වී රුධිරයේ පරිමාව වැඩි වේ. ඊට අනුවර්තනය වීම සඳහා රුධිර වාහිනී පටු වීම මෙන්ම ලුණු නිසා ප්‍රදාහයන්ටද ලක්වේ.මේ තත්ත්වය කුඩා කල සිට ඇති වුව හොත් තරුණ වියට පත් වන අවස්ථාව වනවිට අධික රුධිර පීඩනයට ඒ නිසාම හෘදයාබාධවලට , අංශභාගයට ගොදුරු වීමේ අවදානම වැඩිවේ.
එමෙන්ම තෙල් අධික ආහාර ගැනීමෙන් මෙන්ම සත්ව ආහාර අධිකව ගැනීමෙන් සන්තෘප්ත මේදය වැඩි වී කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ යාමට අවදානම වැඩි වේ. එවිටද රුධිර වාහිනී ඝන වීම්, පටු වීම් මෙන්ම ඇදෙන සුළු ගතිය අඩු වීමෙන් රුධිර පීඩනය ඉහළ යයි. එමෙන්ම රුධිරය කැටි වීමට හැකියාවක් ඇති අතර එම රුධිර කැටියක් හෘදයට රුධිරය සපයන නාලයක ( කිරීටක නාලිකාවක) හිර වීමෙන් හෘදයාබාධයක් ඇතිවිය හැකි අතර මොළයේ රුධිර නාලිකාවක හිරවුවහොත් අංශභාගය හෙවත් ආඝාතය ඇති වේ.
එමෙන්ම සීනි , පිටි සහිත ආහාර වැඩිපුර ගැනීමෙන් මෙන්ම ක්‍රියාශීලී නොවීමෙන් ශරීරයේ බර වැඩි වීමෙන් හෝ තරබාරු වීමෙන් මෙම අවදානම තව තවත් වැඩි වේ. මේ සියල්ලේම ප්‍රතිඵලය වන්නේ හෘදය හා රුධිර වාහිනී ආශ්‍රිත හෘදයාබාධ, අධික රුධිර පීඩනය , අංශභාගය වැනි බෝ නොවන රෝගවලට ගොදුරු වීමයි.
එමෙන්ම මත්පැන් පානය, දුම්පානය මෙම අවදානම තව තවත් ඉහළ දමයි. එබැවින් අප අවබෝධ කර ගත යුත්තේ අපේ ජීවන රටාව, ආහාර රටාව, ව්‍යායාම මඳකම යන සියල්ලේ එකතුව අපව හදවත් රෝගීන් බවට පත් කරන බවයි. මෙකී මූලාශ්‍ර ගැන ඔබ මෙන්ම පවුලේ සාමාජිකයන්ද දැනුම්වත් වුවහොත් ඒ අනුව ක්‍රියාකාරී වුවහොත් මෙකී අවදානමෙන් මිදීමට මෙන්ම රෝග ඇති වීම පාලනය කිරීමටද හැකි වේවි.
ප්‍රථමයෙන්ම ඔබ හදවත් රෝගියකු නොවීමට වගබලා ගන්න. දෙවැනුව ඔබගේ ආදරණීයන් හදවත් රෝගීන් නොකිරීමේ වගකීමද ඔබ සතු වන බව සිහියට ගන්න. මවක්, බිරිඳක්, ගෘහණියක් ලෙස ඔබේ පවුලේ හදවත් රැක දෙන්නට ඔබ ක්‍රියා කළ යුතු වේ. ඒ සඳහා ඔබට පහත සඳහන් උපදෙස් පිළිපැදිය හැකියි.
හෘදයාබාධවලින් තොර නිරෝගී ජීවිතයක් සඳහා
ලුණු, තෙල්, සීනි අධික ආහාර භාවිතය හැකිතාක් දුරට අඩු කිරීමට වගබලා ගන්න.
ආහාර පිළියෙළ කිරීමේදී එක් පුද්ගලයකු සඳහා නිර්දේශ කරන්නේ දිනකට ලුණු තේ හැඳි 01 ( ග්‍රෑම් 05) ප්‍රමාණයකි. බත් පිසින විට ලුණු එකතු නොකරන්න.
දිනකට පුද්ගලයකු සඳහා නිර්දේශිත සීනි ප්‍රමාණය තේ හැඳි 06ක් හෝ ඊට අඩු ප්‍රමාණයකි. බිස්කට් වර්ග,කේක් වර්ග ,පැණි බීම ,රස කැවිලි හැකිතාක් සීමා කරන්න.
මස් වර්ග, සත්ව ආහාරවල සන්තෘප්ත මේදය අඩංගු බැවින් ඒවා හැකිතාක් සීමා කරන්න.
ආහාර මිලදී ගැනීමේදී පැකට් කළ ආහාර පැකැට්ටුවේ ඇති වර්ණ සංඥා ගැන සැලකිලිමත් වන්න.
රතු, කහ සහ කොළ වර්ණයෙන් සටහන් කර ඇති තෙල්, ලුණු, සීනි ලාංඡනයේ රතු පැහැති එක් කොටුවක් හෝ තිබේනම් එම ආහාර නිතර ගැනීමෙන් ඉතා වැඩි අවදානමක් අධික රුධිර පීඩනය, හෘදයාබාධ සහ දියවැඩියාව ඇති වීමට තිබෙන බව අවබෝධ කොට ගන්න.
එබැවින් එම ආහාර මිලදී ගැනීම හැකිතාක් සීමා කරන්න. රතු ලේබල් එකක් හෝ නොමැති වුවත් කහ ලේබල් එකක් හෝ තිබේනම් ඒවාද ඉහත අවදානම ඇති කරන බැවින් සීමා කිරීම කළ යුතු වේ. ආහාර මිලදී ගැනීමේදී මේ දේවල් ගැන යම් හෝ අවබෝධයක් ලබා දෙනු පිණිස දරුවන්වද සහභගී කරවා ගත හැකියි.
හැකිතාක් එළවළු, පලතුරු ,පළා වර්ග ආහාර වේලට එකතු කර ගන්න.
හොඳින් ජලය පානය කරන්න. වැඩිහිටියකු නම් ලීටර් 02ක් දෙකහමාරක් ( වීදුරු 8-10) ජලය, තැඹිලි, බෙලිමල් වැනි ස්වාභාවික පාන වර්ගවලට යොමු වන්න. ජලය පානය කිරීමට කිසිවිටෙකත් පිපාසය ඇති වන තෙක් නොසිටින්න.පුරුද්දක් ලෙස දවස පුරා ජලය හොඳින් පානය කරන්න.
දිනකට පැය භාගයක්වත් ව්‍යායාම කරන්න. එදිනෙදා වැඩ කටයුතුවලදී ශරීරයේ ශක්තිය වැය වන පරිදි ක්‍රියාශීලී වීමට වගබලා ගන්න. දරුවන් පැය 1ක් 2ක් පමණ දුවන,පනින කය වෙහෙස වන ක්‍රියාකාරකම්වල යොදවන්න.
දුම්පානය, මත් පැන්වලින් ඈත් වන්න.
දුවන්නන් වාලේ දුවන්නට නොගොස් , තම අරමුණු ඉටු කර ගැනීමට සීමා සහිතව වෙහෙස වන්නට , අසීමාන්තික නොවීමට වගබලා ගන්න.
දිනකට අඩුම තරමේ පැය 6ක්වත් නින්දට යන්න. දවස පුරා වෙහෙස වූ ඔබේ සිරුරට, මොළයට, සහනයක්, විවේකයක් යථාවක් වීමක් සිදු වන්නේ එවිටයි.
මේ ගැන ඔබ අවධානය යොමු කළ හොත් ඔබ සහ ඔබේ ආදරණීයන්ගේ හදවත් ලෙඩ නොවී තබා ගැනීමට ඔබට දායක විය හැකියි.
-සටහන- මාධවී ධර්මරත්න
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
කැපවී හදවතින් -සියලු හදවත් සුවපත් කරමු