අප්‍රේල් කියන්නේ රසකැවිලි බහුල මාසයකි. විශේෂයෙන් විවිධ පැණිරස,තෙල් කෑම සුලබව දක්නට ලැබෙන වකවානුවකි.
බොහෝ නිවෙස්වල කුඩා දරුවන් සිටී නම් කෑම බීම බහුල වීම සාමාන්‍යය. කෑම බීම ඇති තැන්වල මැසි,කෝඳුරු වැනි සතුන්ගේ ගහණයද බහුලය. එබැවින් කුඩා කෘමි සතුන්ගෙන් මෙන්ම හූණන්ගෙන්,මැස්සන්ගෙන්, කෝඳුරුවන්ගෙන්, මීයන් වැනි සතුන්ගෙන් කෑම බීම ආරක්ෂා කර ගත යුතුය. කුඩා දරුවන් සිටීනම් විශේෂයෙන්ම නිවස සතුන්ගෙන් මුක්ත කලාපයක් සේම පිරිසුදුව තබා ගත යුතුමය.
සමහර කුඩා දරුවෝ ආහාර පාන නිවසේ සැම තැනටම ගෙන ගොස් කෑමට පුරුදුව සිටිති. කෑම කාමරය මඟ හරින ඇතැම් දරුවන් රූපවාහිනිය නරඹන ගමන් මෙන්ම විසිත්ත කාමරයේ එහා මෙහා ඇවිදින ගමන්ද ආහාර ගැනීමට හුරුවී සිටිති.මේ පැණි රස කෑම හැමතැනම හැළීම නිසා ඉතා ඉක්මනින්ම කෘමි සතුන් ඒ ඒ තැන්වලට ඇදී ඒමත් ඔවුන්ගේ ගහණය ඒ ආශ්‍රිතව වර්ධනය වීමත් ඇරැඹේ. මෙය කුඩා දරුවන්ට හොඳ තත්ත්වයක් නම් නොවේ.
කෘමි සතුන් සපා කෑම නිසා අසාත්මිකතා මතුවූ දරුවන් සේම සමහර දරුවන්ගේ කනට කුඩා සතුන් යාම නිසා ගැටලු මතු වීමට පටන් ගෙන ඇත. එසේම නිවසේ සුරතලයට ඇති කරන සතුන් මත මැක්කන් ,කිණිතුල්ලන් වැනි සතුන් බෝ වීම නිසාද ඉහත තත්ත්වය වඩාත් දරුණු වී ඇත.එනිසා සැවොම මේ කාලයේදී දරුවන් ගැන නිසි විමසිල්ලෙන් පසු වීම වැදගත්ය. ඒ අතර දරුවන්ට කුඩා කල සිටම යහ පුරුදු උගැන්වීමද මවුපිය වගකීමකි.
මේ කාලයේදී බිළින්දෙකු කිසිම හේතුවක් නැතිව හඬයි නම් හැඳ සිටින ඇඳුමේ කුඩා සතුන් සිටීදැයි බලන්න. ඉන්පසුව විදුලි පන්දමක් වැනි දෙයක් භාවිත කර කන ඇතුළත සුපරික්ෂාකාරීව බලන්න. සතකු කන ඇතුළට ගොස් ඇත්නම් සුදුසුම දේ හැකි ඉක්මනින් ළදරුවාව වෛද්‍යවරයකු වෙත ගෙන යාමයි. මෙවැනි විටෙකදී ඇතැම් මවුපියෝ කන තුළ සිටින සතා එළියට ගැනීමට විවිධ දෑ යොදා ගනිති. ඒ සඳහා අඩු ,කටු වැනි දෑද වේ. ඉන්වනුයේ අපි නොසිතන තරමේ හානියකි. මේවායින් කර්ණ පටහා පටළයට හානි ගෙනදීමට පුළුවන. ඔලිව් තෙල් හෝ පොල්තෙල් ස්වල්පයක් කනට දමා එමගින් කෘමි සතාව කනෙන් එළියට ගත යුතුය. එබැවින් වෛද්‍ය උපදෙස්වලින් තොර කිසිඳු අත් බෙහෙතක් කනට දැමීම ඉතා අහිතකරය.
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
කෘමි සතුන් උවදුරෙන් දරුවන් රැක ගනිමු