IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


කොරෝනා වෙන් වැළකෙන හැටි ආචාර්ය ජීවන්දර කියයි

(සුජිත් හේවාජුලිගේ)

විශේෂ වයිරස ප්‍රභේද ගැන පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කොවිඩ් රෝගය පාලනය කර ගැනිම සඳහා අනුගමනය කළ හැකි වඩාත් ප්‍රතිඵලදායි ක්‍රම හයක් ජනතාවට හඳුන්වා දෙයි.

කොරෝනා මර්දන එන්නතක් ලැබෙනවානම් එය ලැබෙන මුල් අවස්ථාවේදීම ලබා ගැනීම,මුව ආවරණ නිවැරදිව පැළඳීම ,පුද්ගලයන් අතර අඩි හයක පරතරයක් තබා ගැනීම, අත් නිවැරදිව සබන් යොදා සේදීම සහ දැන් විසබීජ නාශක දියර වලින් සේදීම,සෙනග විශාල වශයෙන් රැස්වන ස්ථානවලට නොයෑම සහ අත්‍යාවශ්‍යම කාරණයකට එසේ යෑමට සිදු වුවහොත් මිනිත්තු 15 කට පෙර එම ස්ථානවලින් පිටවීමට වග බලා ගැනීම ,තමන්ට යම් කිසි සැක සහිත රෝග ලක්ෂණ තිබේ නම් හැකි ඉක්මනින් ම පී .සී.ආර් පරීක්ෂණයකට යොමුවීම හා පවුලේ සාමාජිකයන් ගෙන් සාමාජිකයන් ගෙන් ඈත්ව කටයුතු කිරීම එම ක්‍රම හය බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය .

දැනට මෙරට තිබෙන සියලුම එන්නත් ඉතාම හොඳ බවත් රෝගය පාලනය කර ගැනීමට ඇති ප්‍රධානම මෙවලම එන්නත බවත් ඔහු ප්‍රකාශ කළේය.

එන්නත් සම්බන්ධයෙන් විවිධ කරුණු විමසා ජනතාවගෙන් තම අධ්‍යයන අංශයට දුරකථන ඇමතුම් හාරසියයක් පමණ දිනකට ලැබෙන බව කී ජීවන්දර මහතා ලැබෙන කුමන හෝ එන්නතක් වුව හැකි ඉක්මනින්ම ලබා ගැනීම ඉතා සුදුසුම ක්‍රියාමාර්ගය බව ඒ හැම කෙනෙකුටම ලබාදෙන උපදෙස යයි පැවසුවේය.

ඉදිරි මාසය ඉතාම තීරණාත්මක බවටත් අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිම කාරණයකට නිවෙස්වලින් පිටවීම නොකළ යුතු බවටත් ඔහු ජනතාව දැනුම් දෙයි.

"එක එක එන්නත් ගැන විමසමින් ඒවා එනකම් ඉන්න එපා.ලැබිලා තියෙන එන්නත ඉක්මනට ගහගන්න.එහෙම නොකළ හොත් ඔබගේ ජීවිතය නැති වෙන්න වුණත් පුළුවන්" ජීවන්දර මහතා අවධාරණය කළේය.

උණ,කැස්ස ,උගුරේ වේදනාව ,ඇඟපත වේදනාව සහ ගඳ සුවඳ නොදැනීම කොරෝනා රෝගයේ ප්‍රධාන ලක්ෂණ බවත් මෙවැනි සැකසහිත ලක්ෂණ තිබේ නම් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතු බවත් ආචාර්යවරයා ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.

 



අදහස් (7)

කොරෝනා වෙන් වැළකෙන හැටි ආචාර්ය ජීවන්දර කියයි

sharm warn Wednesday, 12 May 2021 03:56 AM

දුරස්ථභාවය රකින්නයි මුව ආවරණ පාවිච්චි කරන්නයි කියනවාට වඩා හොද නැද්ද ? පානය කළ යුතු දේවල් හුමාලය ඇල්ලීම වගේ ප්‍රතිකර්ම ගැන නේද මේ ගොල්ලෝ මිනිස්සුන්ට කියන්න ඕන?

:       6       8

jayath Wednesday, 12 May 2021 05:05 AM

මේවා විද්‍යාත්මක සත්‍යයන් නමුත් සමාජගත වෙන්නේ , සමාජගත කරන්නේ බොරුවත් මිත්‍යාවත් නෙව ඉතින් එහෙම එකේ මේ වගේ දේවල් ගගට කපපු ඉනි වෙනවා . දැන් අලුතින් අර තෙලක් ද පැනි යක් ද විකුනන්න හදන්නේ මිනිස්සු අවිද්‍යාව පස්සේ යනවා එක නවත්වන්න අමාරුයි ඒ වගේම මිත්‍යාවට රාජ්‍ය අනුග්‍රහයත් ලැබෙනවා නමුත් ඒවා පස්සේ ගිහින් අමාරුවේ වැටෙනවා ප්‍රශ්නේ එකයි

:       1       18

විපරමා Wednesday, 12 May 2021 09:05 AM

තම තමුන්ගේ ආරක්ෂාව ගැන හිතලා , අවදානයෙන් කටයුතු නොකරන කමින් විපාක විදින්ට වෙන්නේ අපිටමයි..මිත්‍යා විශ්වාස පස්සේ යන මෝඩ මිනිස්සු ඉන්නවා ,ඒ අතර කොරෝනාව ගරානාවක් කරගෙන.

:       0       10

thilak Wednesday, 12 May 2021 10:45 AM

අනේ මන්ද. මේ කියල තියෙන දේවල් අපි නම් දැනගෙන ගොඩක් කල්.

:       0       8

Lalith m Wednesday, 12 May 2021 11:54 AM

අවුරුදු 30 අඩු සහ 60 වැඩි අයට ජීවත් වන අයිතිය අහෝසි කර දැමිය නොහැක. ඔවුන් හට එන්නත නොදෙන්නේ ඇයි.

:       0       10

ranjan Wednesday, 16 June 2021 03:35 PM

ඇත්තටම පිටින් එන්නත් හැදුවේ නැත්නම් අපේ දොස්තර ගොල්ලෝ අනාතයි ෙ

:       0       37

ranjan Wednesday, 16 June 2021 03:47 PM

ඇත්තටම කොරෝනාවට එන්නත් පිටින් ආවේ නැත්නම් අපේ දොස්තරලා අනාතයි. මොකද අපේ අය මොනවාද? හොයාගෙන තියෙන්නේ. ඉගෙනගෙන තියෙනවා ලෙඩ ටිකක් සහ එයට සරිලන බෙහෙත් ටිකක් ඒකේන් රෝලයනවා. නොදන්නා ලෙඩක් ආවොත් අනාථයි...

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

සුව දිවියට අත්වැලක්

දැන දැන වැරදි කළාම හැදෙන හෘදයාබාධ
2025 ජනවාරි මස 22 2477 2

වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික



සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව
2024 ඔක්තෝබර් මස 01 1269 0

වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන


අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව
2024 අගෝස්තු මස 28 1645 0

ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?


පියකරු මුහුණක් - සිතට සතුටක්
2024 මැයි මස 31 1183 0

මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න


වයස අවු. 40 ට වැඩි නම් ප්‍රෙෂර් බලාගන්න
2024 මැයි මස 06 2328 1

වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 223 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 799 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 785 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site