කාන්තාවකට ඇති අවදානම පිරිමි පාරශ්වයට වඩා සිය ගුණයකින් වැඩියි
වර්තමානයේදී කාන්තාවන් පියයුරු පිළිකාවලට ගොදුරු වීමේ ප්‍රවනතාව ඉහළ ගොස් ඇත. වසරකට අපේ රටින් පිළිකා රෝගීන් 30,000ක් පමණ වාර්තා වේ. ඉන් රෝගීන් 8දෙනකුගෙන් එක් අයකු පියයුරු පිළිකා රෝගියෙකි. මෙම රෝගී තත්ත්වය පිරිමි පාර්ශ්වය අතරද ඉතා සුළු වශයෙන් දක්නට ලැබෙන අතර කාන්තාවකට සිය ගුණයකින් වැඩි අවදානමක් පවතී.
අවදානම් සාධක
කාන්තාවක් වීමම පියයුරු පිළිකාවට නතු වීමට හේතුවක් වන අතර අවදානම් කණ්ඩායම් මෙසේ හඳුනා ගනිමු.
* ජානමය සම්බන්ධතාවක් පැවතීම.
එනම් තම පවුලේ සාමාජිකයකු (තම මව හෝ මිත්තණිය ) රෝගයට ගොදුරු වී සිටීමෙන් පසු පරපුරේ සාමාජිකයන්ටද පියයුරු පිළිකා අවදානම ඇත. එසේම අවුරුදු 40ට අඩු කාන්තාවන්ගෙන් ඇතැම්හු පියයුරු පිළිකා රෝගයෙන් පෙළෙති. එයද ජානමය සම්බන්ධතාව නිසා ඇති වූවකි.
* වයස් ගත වීම.
එනම් අවුරුදු 50ට 60ට වැඩි මැදි වියේ පසුවන කාන්තාවන් සඳහාද අවදානම පවතී.
* අධික තරබාරුවෙන් පෙළෙන මෙන්ම ශරීර ස්කන්ධ දර්ශකය නියමිත පරිදි පවත්වා ගත නොහැකි කාන්තාවන්ද විශේෂයෙන් රෝගය ගැන සැලකිලිමත් වන්න. කාර්ය බහුල ජීවන රටාවකට හුරු වීම නිසා සිරුරට නිසි ව්‍යායාමයක් නැති වීම, වැරදි ආහාර පුරුදු මේ සඳහා ඉවහල් වේ.
* මධ්‍යසාර, දුම්කොළ සහ දුම්පානය කිරීම.
* මාසික ශුද්ධියෙන් පසු හෝමෝන ලබා ගන්නා කාන්තාවන්ටද පියයුරු පිළිකා අවදානම පවතී.
* අවුරුදුු 10ට වඩා අඩු වයසෙදි මල්වර වීමද අවදානම් සාධකයකි.
* දරුවන් නොමැති විවාහක කතුන්ට මෙන්ම වයස් ගත වී දරුවන් ලැබීමද පියයුරු පිළිකාවට අවදානමකි.
* අයනීකරණ විකිරණද (Ionizine Radiation ) ඉතා අහිතකරයි.
* ඒ වගේම මවුකිරි දීම වේලාසනින් (කල්තියා) නැවැත්වූ කාන්තාවන්ටද අවදානමක් පවතී. එමෙන්ම මවුකිරි දෙන කාන්තාවක් නම් පියයුරු පිළිකා අවදානම සියයට 4.3 කින් අඩු කර ගත හැකියි. එබැවින් මාරුවෙන් මාරුවට පියයුරු දෙකෙන්ම තම බිළිඳාට අවශ්‍ය පරිදි මවු කිරි ලබා දෙන්න.
* උපත් පාලන පෙති භාවිතයද යම් තරමකට අවදානමක් ඇති කරයි. පියයුරු පිළිකාවලට අවදානමක් ඇති කාන්තාවන් උපත් පාලන පෙති ගැනීම අවදානම තවත් ඉහළ යාමට හේතුවකි. ඒ අනුව ජානමය අවදානමක් ඇති කාන්තාවන් උපත් පාලන පෙති භාවිතය සුදුසු නොවේ.
රෝග ලක්ෂණ
* මෙය ගැටිත්තක් ලෙස වර්ධනය ඇරැඹේ. අතට අසු වෙන පරිදි වර්ධනය අරඹන ගැටිත්ත වේදනා සහිත හෝ රහිත හෝ විය හැකියි.
* පියයුරේ සමෙහි පැහැය වෙනස් වේ.
* පියයුරෙහි ඉබේටම ඇති වූ තුවාලයක් ඇත්නම්.
* පියයුරේ සම දොඩම් ලෙල්ලක් මෙන් වීම.
* තණ පුඩු මිරිකූ විට ලේ හෝ වතුර වැනි ද්‍රාවණයක් පිට වීම.
* අසාමාන්‍ය ආකාරයට තණ පුඩුව ඇතුළට නෙරා තිබීම.
කල්තියා හඳුනා ගැනීම
පිළිකා සෛල නිරතුරුව සහ ඉක්මනින් පැතිරීම අරඹන නිසා කල්තියා හඳුනා ගැනීමෙන් රෝගියාගේ ජීවිතයට ඇති අවදානම අවම කරගත හැකි වනු ඇත.
පියයුරු පිළිකාවට අවදානම් ඇති හෝ නැති සියලුම කාන්තාවන්ට ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කර ගත හැකිය. එයින් පියයුරු පිළිකාව කල්තියා හඳුනා ගැනීමට පුලුවන.
ඒ අනුව අපේ රටේ අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක්ම ඔසප් චක්‍රය සිදු වී සතියකට පසු තමන් විසින්ම පියයුරු පරීක්ෂාව කර ගැනීම සිදු කළ යුතුයි.
පියයුරු ස්වයං පරීක්ෂාව
කණ්ණාඩියක් ඉදිරියට ගොස් පියයුරු දෙකෙහි අසාමාන්‍ය වෙනස් වීමක් ඇද්ද යන්න බාහිරව නිරීක්ෂණය කළ හැකියි. එනම් පියයුරුවල හැඩයේ වෙනසක්, පියයුරේ හමෙහි වෙනස් වීමක්, පියයුර රතු වී හෝ තුවාල වී ඇත්ද යන්න මෙහිදී විමසිලිමත් වීම වටී. අනතුරුව පහසු ඉරියව්වක සිටිමින් මෙය තමාටම පරීක්ෂා කර ගත හැකියි. ඔරලෝසුවේ කටු කැරකෙන දිශාවට අනුව තම අතින් තණ පුඩුව දක්වාම පියයුර හොඳින් ස්පර්ශ කර බැලිය හැකියි.
'සුවනාරී' සායන ගැන ඔබ දන්නවාද?
තමන් පදිංචි ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලය මෙහෙයවන සුවනාරී සායනයට යොමු වීම මඟින්ද ඔබට පියයුරු පරීක්ෂා කර ගත හැකියි. එහිදී ඔබට පළපුරුදු වෛද්‍යවරයකුගේ හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලදාරිනියකගේ සහාය ලැබෙනු ඇත. ඒ අනුව අවදානම් රහිත කාන්තාවන්ට වසර දෙකකට වතාවක් සුවනාරී සායනය හා සම්බන්ධ වී පියයුරු පරීක්ෂා කර ගත හැකියි.
රෝග විනිශ්චය කිරීමේ ක්‍රම
'මෙමෝග්‍රෑම් ' පරීක්ෂණය
සැකසහිත ගැටිත්ත පියයුරු පිළිකාවක්ද නැද්ද යන්න සැක හැර දැන ගැනීම සඳහා මෙමෝග්‍රෑම් පරීක්ෂණය ඉවහල් වේ. මෙය අවුරුදු 45ට වැඩි කාන්තාවන් අරඹයා සිදු කෙරෙන අතර අවදානමක් නැත්නම් අවුරුදු දෙකකට වතාවක් මෙම පරීක්ෂාව සිදු කර ගත හැකියි.
පටක පරීක්ෂාව (බයොප්සිය)
ගැටිත්තෙන් පටකයක් ලබා ගෙන සිදු කරන පරීක්ෂණයකි. මෙමඟින්ද පියයුරු පිළිකාවක්ද නැද්ද යන්න තහවුරු කර ගත හැකි ය.
ස්කෑන් පරීක්ෂාව
පියයුරු පිළිකාව කෙතරම් දුර පැතිරී ඇත්ද යන්න බලා ගැනීමට ස්කෑන් පරීක්ෂණය සිදු කරයි.
ප්‍රතිකාර ඇරැඹීම
ඉහත පරීක්ෂණ මඟින් පියයුරු පිළිකාව වර්ධනය, පැතිරීම ගැන තහවුරු කර ගැනීමෙන් අනතුරු සැත්කම සිදු කෙරේ. මෙය ප්‍රධාන ප්‍රතිකාරයයි. මෙගින් සම්පූර්ණ පියයුර සේම වසාගැටිති ඇති ප්‍රදේශය සැත්කමෙන් ඉවත් කරනු ඇති. ඉන්පසුව විකිරණ ප්‍රතිකාරය, කීමෝ තෙරපි ප්‍රතිකාරයත්, හෝමෝන ප්‍රතිකාරයත් ලබා දේ.
එබැවින් පියයුරු පිළිකා රෝගය කල්තියා හඳුනා ගෙන අදාල ප්‍රතිකාරවලට නොපමාව යොමු වීමෙන් පිළිකා සෛල පැතිරීම වලක්වා ගෙන තම ජීවිතය සුරක්ෂිත කර ගත හැකියි.
-සටහන- මාධවී ධර්මරත්න
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
කල්තියා හඳුනා ගැනීමෙන් පියයුරු පිළිකාවෙන් රැකෙමු