දිගු කලකට පසු විවෘත කෙරුණු පාසල් නැවත වතාවක් වැසීමට ඉඩ නොතබමින් සිසු දරුවන්ව ආරක්ෂාකාරීව පාසල් යැවීමටත්, පාසල තුළදී අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමෝපාය සහ දරුවන්ගේ දිවා ආහාරය ගැන වැඩිහිටියන් වශයෙන් ඔබ දැනුම්වත් විය යුතු කරුණු කාරණා අළලා පහත ලිපිය සටහන් වේ.
කොවිඩ් නිවසට රැගෙන යාමේ අවදානම වැඩිහිටියන් භාර ගත යුතුයි
දරුවන්ට කොවිඩ් වැළඳීමට බලපාන ආසන්නම හේතුව මවුපියන් ආසාදිත වීමයි. සමහර වැඩිහිටියන් මේ වනවිට කොවිඩ් අමතක කර ඇති නිසා ඒ නොසැලකිලිමත්භාවයේ අනිටු පලය ලෙස දරු පරපුර අතරටද අවදානම විහිදේ. නිවසින් බැහැර වීම සහ නැවත නිවසට පැමිණීමේදී සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව කටයුතු නොකිරීම නිසා නිවැසියන්ට ඇති කොවිඩ් අවදානම ගැන අටුවා ටීකා අනවශ්‍යයි.
සෞඛ්‍ය පුරුදු දිගටම පිළිපදින්න
මුව ආවරණය නිසි පරිදි පැළැඳීම, දෙඅත් නිතරම පිරිසුදුව තබා ගැනීම, අපිරිසුදු දෑත්වලින් නිතරම ඇස්- මුඛය- නාසය ස්පර්ශ නොකිරීම, දුරස්ථභාවය රැක ගැනීමට කටයුතු කිරීම, සෙනඟ ගැවසෙන තැන් මඟ හැරීම වැනි දෑ අදටත් අපි කළ යුත්තෙමු.
සිසුන් පාසලේදී ආරක්ෂා වන අයුරු
පන්තිවල සිසුන් එකවර නොපැමිණීමත් නිසි ක්‍රමවේදයකට අනුව කඩින් කඩ හෝ ඔවුන්ව පාසල් ගෙන්වීම වැනි උපක්‍රම අනුගමනය කළ හැකිය. එවිට වසංගත කාලයකදී එකවර සිසුන් බොහෝ ප්‍රමාණයක් ඒකරාශී විමේදී මතු වෙන අවදානම අඩු කර ගත හැකියි. එසේ වුවද දිනකට පැමිණෙන සිසුන් සුළුතරය වුවද දුරස්ථභාවය රැකෙන පරිදි කටයුතුවල නියැළීම, සාමූහික ක්‍රියාකරකම් තාවකාලිකව නවතා දැමීම වැනි ක්‍රමවලට අපද හුරු විය යුතුයි.
ක්‍රීඩා කිරීමේදී වුවද දුරස්ථභාවය රැකෙන ක්‍රීඩා පමණක් ඇරැඹිය හැකියි. එසේම පාසල් කාලය තුළදී මුව ආවරණය පැළඳ සිටීම අනිවාර්ය කිරීම, දිවා ආහාරයද සාමුහිකව නොගැනීම , දෑත් පිරිසුදු කර ගැනීම වැනි දෑ කෙරෙහි සැලකිලිමත් වීම අවශ්‍ය කෙරේ.
සිසුන්ගේ දිවා ආහාරය
නිවසේ පිළියෙළ වන ආහාර පමණක් අනුභව කිරීමට හුරු කිරීම වැදගත්ම කාරණාවයි. පිරිසුදු බව මෙන්ම පෝෂණීය ගුණයද රැකෙන පරිදි දරුවාට ආහාර ලබා දීම අවශ්‍යවේ. නිවසේ පිළියෙළ වූ ආහාර අනුභවය පවතින වසංගත තත්ත්වයට වුවද ගැලපෙනම විසඳුමයි. දින ගණනාවක් පුරාවට ඇති වූ වැසි තත්ත්වය නිසා මැසි ගහණයේද වර්ධනයක්, බෝවීමක් ඇති නිසා පාචනය වැනි ආමාශගත රෝගී තත්ත්ව වුවද ඇති වීමේ ප්‍රවණතාවක් පවතී. පාසල් ආපනශාලාවෙන් හෝ පිටත ආපනශාලාවලින් ලබා ගන්නා කෑම මගින් දරුවාගේ දිවා ආහාරය සම්පූර්ණ කිරීම සහ ඒවායෙහි ගුණාත්මකභාවය ගැන වගකීම,මෛවැනි කාලයකට ඒවා උචිතද යන්න තීරණය ගත යුත්තේ වැඩිහිටි ඔබ විසිනි.
එබැවින් නිවසේදී පිරිසුදුව පිළියෙළ කරන බත්, ඇට වර්ගයක් හෝ පෝෂණීය කෙටි ආහාරයක් දරුවාට සකසා දිය හැකියි.
සංකූලතා පෙන්වන දරුවන් පාසල් යවන්න එපා
උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තත්ත්ව ඇති නම් දරුවා සුව අතට පත්වන තුරු පාසල් නොයවා නිවසේ රඳවා ගන්න. මෙම රෝග ලක්ෂණ ඉතා ඉක්මනින් සහ පහසුවෙන් අනෙක් දරුවන් අතරත් පැතිරී යා හැකි බැවින් එවන් වාතාවරණයට ඉඩ නොතැබීම අපේ වගකීමයි. උණ ගතිය ඇත්නම් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කර ගත හැකියි.
තවද මවුපියන් කොවිඩ් පොසිටිව් වී දරුවන් නෙගටිව් වන අවස්ථාද ඕනෑ තරම්ය. එවන් විටෙකදී දරුවන් අතර රෝගය නැතැයි සිතා ඔවුන්ව පාසල් යැවීමෙන් සමස්ත පාසලේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් වීමට පුලුවනි. ඉකුත් සති දෙක තුනේ සිටම කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාවද මේ වනවිට යම් වැඩි වීමක් දක්වයි.
සංචරණ සීමා පනවා රට හුදෙකලා කළ පසුව කොවිඩ් රෝගීන්ගේ වාර්තා ගත පහළ බැසීමක් දක්නට ලැබිණි. කොළඹ ළමා රෝහලේ ඇරැඹුණු කොවිඩ් වාට්ටු බොහොමයක්ම මේ වනවිට වසා දමා ඇති අතර බෝ වන රෝග ඒකකයේ සහ රාජගිරිය ආයුර්වේද රෝහලේ ඇති කොවිඩ් වාට්ටු පමණක් දැනට පවත්වා ගෙන යයි. එහෙත් රෝගීන් නැවතත් වැඩි වුවහොත් ළමා රෝහලේ සාමාන්‍ය වාට්ටු කොවිඩ් වාට්ටුවලට හැරවීම තවත් ගැටලුවක් වනු ඇත.
කොවිඩ් වගේම ඩෙංගුත් ඇවිත්
අධික වැසි කාලගුණය හේතුවෙන් ඩෙංගු රෝගයද යළි හිස ඔසවා ඇති බවට වාර්තා වෙන ඩෙංගු රෝගීන්ගෙන් පෙන්නුම් කෙරේ. උණ ගතිය දින තුනකට වඩා පවතී නම් කොවිඩ්ද, ඩෙංගුද නොඑසේනම් වයිරස් උණ තත්ත්වයක්ද යන්න රෝග නිශ්චය ඉතාම වැදගත්ය. එබැවින් දින 03කට වඩා උණ ගතිය පවතී නම් සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර ගත යුතුයි. එහිදී සුදු රුධිරානු සහ රුධිර පට්ටිකාවල අඩු වීමක් ඇත්නම් ඩෙංගු රෝගය වීමට පුලුවන.
එසේම හිසරදය, ඇස් යට කැක්කම, බඩේ දකුණු පසට වන්නට ( අක්මාව ඇති ප්‍රදේශයේ) ඇති වන කැක්කුම , හන්දිපත් වේදනාව, මස් පිඩුවල වේදනාව රෝග සංකූලතා වේ. මුල් අවස්ථාවේදීම ඩෙංගු හඳුනා ගැනීම වැදගත් වන්නේ ඩෙංගු රක්තපාතය ,කම්පන වැනි දරුණු සංකූලතා දක්වා වර්ධනය වීම වැලැක්වීමටයි. කොවිඩ් රෝගයටත් වඩා ඩෙංගු මාරාන්තික බව සියලුම දෙනා දැන ගත යුතු ඇත්තයි.
ඩෙංගු රෝගී දරුවාට සුදුසු, නුසුදුසු කෑම බිම
මූලිකවම රෝගියාට හොඳ විවේකයක් අවශ්‍යයි. හොඳින් දියර වර්ග ලබා දෙන්න. ඒ කිසිඳු මොහොතක රතු සහ කලු පැහැති ආහාර සහ දියර වර්ග ලබා නොදීමට වගබලා ගන්න. මන්ද ඩෙංගු රක්තපාත තත්ත්වය දක්වා වර්ධනය වුවහොත් තත්ත්වය නිශ්චය කර ගැනීම අපහසු වන බැවිනි.
නිවස වගේම පාසල,පන්ති කාමරය පිරිසුදු වීමත් අනිවාර්යයි
බොහෝ විට අප පුරුදුව ඇත්තේ නිවසේ පිරිසුදුතාව රැක ගැනීමට පමණි. එහෙත් කොවිඩ් වසංගතයත් සමගින් ඩෙංගු රෝගයත් හිස එසවුවහොත් රෝග පාලනය තවත් අපහසු වේ. එබැවින් දරුවන්ගේ සෞඛ්‍යය නිරෝගී කර ගැනීමෙහිලා ඔවුන් නිතර ගැවසෙන පාසල, පන්තිකාමරයද පිරිසුදු විය යුතුයි.
දිගු කාලයක් පුරාවටම වසා දමා තිබුණු පාසල් පරිශ්‍රය මගින්ද ඩෙංගු බෝ වීමේ ඉහළ අවදානමක් පවතී. ජලය එකතුවෙන තැන්, ජලය රැඳෙන භාජන සොයා බලා ඉවත් කිරීම, මල් බඳුන්වල එකතුවෙන ජලය දිනපතා ඉවත් කිරීම, දරුවන්ව පාසල් එවීමේදී අත් පාවල පැඟිරි තෙල් හෝ මදුරු විකර්ශක ආලේපනය දෛනික ක්‍රියාකාරකම් ලෙසට පුරුදු පුහුණු විය යුතුය. නිරන්තර සෝදිසිය සහ පරෙස්සම අපට ලෙඩ රෝග ගණනාවකින්ම වැලකී සුරැකිව හිඳීමට උපකාරි වේ.
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
කොවිඩ්, ඩෙංගු සහ පාචනයෙන් දරුවන්ට රතු එළි