(බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා)
කොරෝනා වයිරසය හමුවේ තරුණ, වැඩිහිටි සේම කුඩා දරුවන්ද මේ වනවිට ආසාධිතයෝ බවට පත්වෙමින් සිටිති, විශේෂයෙන් කුඩා දරුවන්ට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් නිවසේදී ඔවුන්ව රැක බලා ගන්නා අන්දම, ප්‍රතිශක්තිය වඩවන ආහාර පාන සහ අතුරු ආබාධ පහත ලිපියෙන් සාකච්ඡා කෙරේ.
කොවිඩ් ආසාධිත දරුවන් නිවසේදී රැකබලා ගන්නා අයුරු
පළමුකොටම අප මතක් කර දිය යුතු වන්නේ රෝගී දරුවාට සුවපත් වීම සඳහා නින්ද, විවේකය සේම පෝෂ්‍යදායී ආහාර වේලක් අත්‍යවශ්‍ය බවයි.
රෝගී ලක්ෂණ නොපෙන්නුවද දරුවා කොරෝනා ආසාධිතයකු නම් නිවසේ පිරිසගෙන් වෙන්වූ ස්ථානයක, කාමරයක දරුවා රඳවා තබන්න. මනාව හිරු එළිය වාතාශ්‍රය ලැබෙන ස්ථානයක් මේ සඳහා උචිතය. රෝගී දරුවා සමග ගනුදෙනු කළ හැක්කේ මවට හෝ පියාට පමණි. ඔවුන් දෙදෙනාද නිදන්ගත රෝග නොමැති වඩාත්ම නිරෝගී කෙනාට රෝගී දරුවාගේ කටයුතු සඳහා සම්බන්ධ වීමට පුළුවන.
දරුවා අවුරුදු 02ට වඩා වැඩිනම් ඔහුහට මාස්ක් එකක් පැළැඳිය හැකියි. ඔහු හා සම්බන්ධ වන මව හෝ පියා නිවැරැදිව මාස්ක් 02ක් පැළැඳිය යුතුවේ. දරුවා හමුවට යන කවර අවස්ථාවකදී වුව මාස්ක් 02 පැළැඳ සිටිය යුතු අතර ඔහුගේ අසූචි, මුත්‍රා සේම ඉවත් කරන ඇඳුම් පැළැඳුම් භාවිත කරන පිඟන් , කෝප්ප, ඇඳ ඇතිරිලි , තුවාය වැනි දෑ හොඳින් සෝදා පිරිසුදු කළ යුතුය. දරුවාගේ කාර්යභාරවලින් ඉනික්බිති තමාද හොඳින් දෑත් පිරිසුදු කර ගත යුතුය. රෝගී දරුවා නිවැසියන් සමග කටයුතු කිරීමේදී මීටරයක දුර පවත්වා ගැනීම, සෙස්සන්ද මාස්ක් එක පැළැඳ සිටීම අනිවාර්ය වේ. එසේම ඔහුට නිවසේ සෑමතැනම රිසි සේ ඇවිදීමට ඇති නොහැකියාවත්, අන් අයගේ බඩු භාහිරාදිය ස්පර්ශ නොකරන මෙන් ආදරයෙන් කියා දෙන්න. නිදන්ගත රෝග ඇති වයෝවෘද්ධ පුද්ගලයන් සේම කුඩා දරුවන් නිවසේ සිටී නම් දරුවා ඔවුන්ගෙන් ඈත් කර තබන්න. මේ කාලය තුළදී නිවැසියන් පිටස්තර නිවෙස්වලට යාමත් බාහිර පුද්ගලයන් නිවසට යාම ඒම නොකළ යුතුයි.
රෝගී දරුවාගේ පෝෂණය
මාස 06ට අඩු දරුවකුට එය සම්ප්‍රේෂණය විය හැකි ප්‍රධානතම මාර්ගය තම මවුපියන් ආසාධිතයන් වීමෙනි. එවන් දරුවකුට ප්‍රතිශක්තිය ලැබෙන ප්‍රධානම දේ මවුකිරි පමණි. ඒ හැර වෙනත් කිසිදු දෙයක් දරුවාට ලබා නොදෙන්න. කෙසේ වුවද මුල් මාස 06 මවු කිරි පමණක් ලබා දීම වෛද්‍ය නිර්දේශයද බැවින් ලෙඩ රෝගාදියට එරෙහිව සටන් කිරීමේ හැකියාව මවු කිරිවල ඇත.
උණ හෝ වයිරස් තත්ත්වයකදී එසේත් නැත්නම් වෙනත් අසනීප තත්ත්වයකදී දරුවාට ඒ සඳහා ඔරොත්තු දීමට සමබල, සමතුලිත ආහාර වේලක් අත්‍යවශ්‍යයි. කොරෝනා තත්ත්වයේදී වුවද එය එසේමය.
ඒ අනුව කාබෝහයිඩ්ඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ අඩංගු ආහාර සේම ක්ෂුද්‍ර පෝෂක එනම් විටමින්, ඛනිජ ලවණ අඩංගු ආහාර වේලක් දරුවාට මේ කාලයේදී ලබාදීම යෝග්‍ය වේ. විටමින් ‘ඒ‘,විටමින් ‘බී‘,විටමින් ‘සී‘,විටමින් ‘ඩී‘, විටමින්‘ඊ‘ සහ විටමින්‘කේ‘ඇතුළත් වන පරිදි සින්ක් යකඩ සහ කැල්සියම් අහාරද ඇතුළත් කළ යුතුයි. ඉහත පෝෂක කොටස් දරුවාගේ පෝෂණය සම්බන්ධයෙන් ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරයි.
සාමාන්‍යයෙන් දරුවා රෝගීව සිටින මේ අවදියේදී ප්‍රධාන ආහාර වේල් 02ක් වන පරිදි සියලුම ආහාර වේල් 05ක් වන පරිද්දෙන් දිනක පෝෂණ අවශ්‍යතාව පිරිමැසිය යුතුයි.
නිවසේදී පිසින ලද ආහාර පමණක් හොඳින් රත්කර දරුවාට ආහාරයට ලබා දෙන්න. ඒ වගේම මඳ උණුසුම් ජලය පානය කිරීමටත් හුරු කරවන්න. ඒ අතරට දෙහි,දොඩම්,නාරං,බැදි හාල් කැඳ,ජීවනී වැනි දියර වර්ග ලබා දෙන්න. කිසි විටෙකත් දරුවා විජලනය වගේ තත්ත්වයකට පත් නොවීමට වග බලා ගන්න.
දරුවාගේ රෝග ලක්ෂණ ගැන විමසීමෙන් සිටින්න
දරුවා වෙතින් පහළ වෙන හිසරදය, උණ,කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, සමහරුන්ට බඩඑළිය යාම,පාචනය, ඇඟපත රුදාව,සෙම ගතිය වැනි රෝග ලක්ෂණ වර්ධනය වීම කෙරෙහි මවුපියන් දැඩි අවධානයකින් පසුවන්න.
උණ ඇත්නම් නියමිත පැරසිටමෝල් මාත්‍රාව පැය 06න් 06ට ලබා දෙන්න. දරුවාගේ රෝග ලක්ෂණ අනුව වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ ලබා දිය යුතුයි.
අතුරු ආබාධ ගැනත් සැලකිලිමත් වන්න
කුඩා දරුවන්ට රෝගී තත්ත්ව ගැන කීමට තරම් හරිහැටි අවබෝධයක් නැත. එය තේරුම් ගනිමින් මවුපියන් නිරන්තරයෙන් දරුවාගේ රෝග තත්ත්වය ගැන විමසිල්ලෙන් පසුවන්න. අතුරු ආබාධ ලෙස රුධිරයේ කැටි ගැසීමක් පවතීද, පෙනහළුවල නිව්මෝනියා තත්ත්වයක් ඇති වුව හොත් එය ද්විතීක බැක්ටීරියා ආසාදනයක් විය හැකිය. එවිට දරුවාගේ රුධිර පරීක්ෂණයක් සඳහා යොමු කෙරේ. හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතී නම් එක්ස් රේ පරීක්ෂණයක් සඳහාද යොමු කෙරේ. ඒ අනුව කෘතිම ස්වසනය ලබා දීමට පවා සිදුවේ. සමහර අවස්ථාවලදී ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට නිර්දේශ කෙරේ.
දරුවාගේ පවතින රෝග ලක්ෂණවල යම් වර්ධනයක් හුස්ම ගැනීමේ අපහසුතාවක් දැඩිව පෙන්නුම් කරයි නම් ළඟම ඇති රජයේ රෝහලක් වෙත වහාම දරුවා රැගෙන යන්න.
ප්‍රතිශක්තීකරණයට දරුවන්ටත් එන්නත්
වයිරසයේ බලපෑමෙන් ආරක්ෂා වීමටත්, ප්‍රතිශක්තීකරණය වැඩි කර ගැනීම උදෙසාත් විදේශ රටවල නම් අවුරුදු 12ට වැඩි ළමයින් උදෙසා ෆයිසර් එන්නතත්, අවුරුදු 16ට වැඩි ළමයින් සඳහා සයිනොෆාම් එන්නතත් ලබා දෙයි. ඒ අනුව මෙරටේ දරුවන්හටත් සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙළක් කාලීන අවශ්‍යතාවකි. මෙයාකාරයෙන් දෛනිකව වාර්තා වෙන රෝගී සංඛ්‍යාව අඛණ්ඩව වර්ධනය වුවහොත් සෞඛ්‍ය අංශ , රෝගීන් පවා පත් වන්නේ දැඩි අසීරුතාවකටයි. ඉදිරියේදී මෙය තවත් රැල්ලක් ආකාරයෙන් වුවද පැමිණිය හැකියි.
-සටහන- මාධවී ධර්මරත්න
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොවිඩ් රෝගී දරුවකු නිවසේදී රැක බලා ගන්නා අයුරු