වසර කිහිපයක් මුළුල්ලේ සිටම කොවිඩ් -19 වසංගතය හා අපි ඔට්ටු වීමු. ආසාදිතයන් සේම පුද්ගල මරණ අනුපාතයද ඉහළ දමමින් වරින් වර වසංගතය අඩු වැඩි වෙමින් පැවැතිණි. කොවිඩ් වසංගතයේ පාලනය උදෙසා සෞඛ්‍ය අංශ විසින් සෞඛ්‍ය පුරුදු හඳුන්වා දුන් අතර මර්දනයේ එක් පියවරක් ලෙස වරින් වර රට අගුලු ලැවිණි. කෙසේ වුවද සෞඛ්‍ය පුරුදුවලට අනුගත වීමත් ,ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමත් මත කොවිඩ් -19 මර්දනය පහසු විය.
එහෙත් පසුගිය කාලයේදී නැවතත් ජපානය, චීනය, ඇමරිකාව ඇතුළුව රටවල් කිහිපයකින් කෝවිඩ් 19 වැළඳුණු පුද්ගලයින් හමු වීමේ යම් වැඩි වීමක් පෙන්නුම් කෙරෙන බවට ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේය. ඒ සමඟම අපේ රටේද ඒගැන යම් කතිකාවක් මතු විණි.
විද්‍යාත්මක පදනමින් එපිටට ගිය සැබෑ දත්ත පදනම් කර නොගත් මිත්‍යා පුවත්වලට අත්තටු ලැබුණහොත් අසුරු සැණින් ඒවා සමාජගත වීමටත් ඉන් විශාල හානියක් සිදු වීමටත් පුළුවන. සමාජයේ කොවිඩ් -19 ගැන අනිසි බියක් පැතිර යාමටත් එමගින් රටේ දැනට පවත්නා ආර්ථික සහ සමාජයීය ගැටලුකාරී තත්ත්වය තවත් උග්‍ර වීමටත් හැකිය. එවන් පසුබිමක, ලෝකයේ කෝවිඩ් 19 පැතිරීමේ ප්‍රවනතාව කෙබඳුද?, ලංකාව තුළ යළිත් වරක් කෝවිඩ් 19 වසංගතයක් ලෙස පැතිරී යාමේ අවදානමක් තියෙනවද? ,ඉන් වැළකී සිටීම සඳහා අප කළ යුත්තේ කුමක්ද, යන්න පහත ලිපියෙන් අනාවරණය කෙරේ.
2022 දෙසැම්බර් මාසයේ ලෝක මට්ටමේ දත්ත දෙස බැලීමේ දී සමස්ත කොවිඩ් -19 රෝගීන්ගේ සුළු වැඩි වීමක් ඇතත්, බටහිර පැසිෆික් සහ ඇමරිකානු කලාප හැර අනෙකුත් සියලූම ප්‍ර දේශවල රෝගීන් වාර් තා වීමේ පහළ යෑමක් දකින්නට ලැබේ. වසංගත රෝග විද්‍යා අංශයට අනුව ලංකාවේ කොවිඩ් රෝගීන් ො දෙසැම්බර් මාසයේ සිට ඊට පෙර මාසවලට වඩා අඩුවෙන් හමු වූ බව නිවේදනවල දැක්වේ.
වයිරස ප්‍ර භේද ගැන කතා කළහොත් තවමත් ලොවපුරාම ප්‍රධාන ලෙස පැතිරෙමින් පවතින්නේ ඔමික්‍රෝන් ප්‍ර භේදයමයි. එහි අනු ප්‍රෙභ්දයක් වන B.F.7 , චීනය හා ජපානය ආශ්‍රිතව මෑතක දී වැඩි වශයෙන් පැතිර යාම ජනමාධ්‍යවල දැඩි අවධානයට ලක් විණි.. මෙය පෙර පැවති ඒවාට වඩා කාර්‍යක්ෂමව පැතිරෙන බවට සාධක ඇතත්, එය පෙර පැවති කොවිඩ් -19 වයිරස් ප්‍ර භේදවලට සාපේක්ෂව වැඩි වශයෙන් බරපතළ තත්ත්ව හෝ මරණ ඇති කිරීමට හේතුවනවාද , නැතිද , යන්න නිශ්චිතව පැවසීමට තරම් දැනට ඇති දත්ත ප්‍රමාණවත් නොවේ.. එක්සත් ජනපදය ආශ්‍රිතව පැතිරෙමින් පවතින XBB.1.5 උප විශේෂය පිළිබඳව ඇති තොරතුරුත් මෙයට සමානයි.
කොවිඩ් - 19 වසංගත ව්‍යාප්තිය ඉතා හොඳින් පාලනය කරගැනීමට අපේ රට ඇතුළුව ලොව බොහෝ රටවල් සමත් වී ඇත. ඒ වුවද තවත් වසර ගණනාවක් යනතෙක් කොවිඩ් අවධානම මුළුමනින්ම පාහේ නැති වෙතැයි කිව නොහැකිය. ලෝකයේ ඕනෑම තැනකින් නව කොවිඩ් - 19 වයිරස ප්‍ර භේදයක් හෝ දැනට ඇති ප්‍ර භේදයකම අනු ප භේදයක් හෝ මතු වීමට පුළුවන. එවැන්නක් ඇති වුවහොත් අප රටේ එය පැතිරීමේ අවදානම වලක්වා ගැනීම ප්‍රායෝගිකව අපහසු කටයුත්තක් බව දෙස් විදෙස් අත්දැකීම් අනුව ඉතා පැහැදිලිය. මෙවැනි අලුතෙන් ඇතිවන විකෘති ප්‍රෙභ්ද හානිකර බවෙන් වැඩි වීමට මෙන්ම ඇතැම්විට හානිය අවමවීමටත් හැකියාව ලැබේ.
මේ අවදානමට මුහුණදීමට රටේ සමස්ත ජනතාව තුළ ඉහළ ප්‍රතිශක්තිකරණ මට්ටමක් පැවතිය යුතුය. ඔමික්‍රෝන් අපේ රටේ පැතිර යාම ඇරැඹූ විට ඊට ඉතා හොඳින් මුහුණ දීමට අපට හැකියාව ලැබුණේ ප්‍රශස්ත මට්ටමේ ප්‍රතිශක්තියක් අප සතු වූ නිසාය. එය ජනතාව විසින් එන්නත්කරණය මගින් කඩිනමින් ළඟා කරගෙන තිබීණි. ඒ අනුව මේ මොහොතේදීත් ඔබගේ එන්නත්කරණ තත්ත්වය යාවත්කාලීන කරගැනීමට ඔබ අදාල ප්‍රෙද්ශයේ සෞඛ්‍ය ෙවෙද්‍ය නිලධාරී කාර්‍යාලය මඟින් පහසුකම් සලසා ඇත.
එයට අමතරව ඔබ හොඳින්ම දන්නා සෞඛ්‍ය පුරුදු ව පුද්ගල දුරස්ථභාවය රැක ගැනීම, නිතර දෑත් පිරිසුදු කරගැනීම සහ ඇස් / නාසය/ කට ස්පර්ශ කිරීමෙන් වැළකීම, කැස්ස සහ කිවිසුම් පිට කිරීමේ දී වැළමිටෙහි ඇතුලු පැත්ත හෝ ටිෂූ කඩදාසියක් භාවිත කිරීම සහ මිනිසුන් ගැවසෙන ස්ථානයකට යනවිට (විශේෂයෙන්ම ශ්වසන රෝග ලක්ෂණ ඇති අය) මුහුණු ආවරණයක් භාවිත කිරීම පිළිපැදීම තව දුරටත් අවශ්‍ය කෙරේ.
කොවිඩ් - 19 පමණක් නොව ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු නොයෙකුත් බෝවන ශ්වසන රෝවලින් අප ආරක්ෂා කිරීමට ඉහත කී සෞඛ්‍ය පුරුදුවලට හැකියාව ඇත.
එමෙන්ම නිධන්ගත රෝගවලින් පෙළෙන, වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයින් සහ ගර්භණී මවුවරුන් ශ්වසනාබාධ තත්ත්ව ආදියේදී කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුයි.
පවත්නා තත්ත්වය පිළිබඳව විමසිල්ලෙන් සිටීම යහපත් වුවත් ,අනවශ්‍ය ලෙස බියට පත් වීම අවශ්‍ය නොවන අතර තව දුරටත් සෞඛ්‍ය පුරුදුවලට අනුගත වීම උචිතය.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු අනුව සැකසිණි)
-සටහන- මාධවී ධර්මරත්න
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
කොවිඩ් වසංගතයේ නවතම හෙළිදරව්ව