මේ දිනවල රට තුළ විවිධාකාර උණ රෝගී තත්ත්ව පැතිර යමින් පවතින බව අපට නිතර දකින්නට අසන්නට ලැබෙන පුවතකි. මේ තත්ත්වයට හේතුව එක් තනි රෝගයක් නොවන අතර පොදුවේ රෝග ලක්ෂණයක් ලෙස උණ පෙන්නුම් කරන රෝග කිහිපයක් ඇති වීම නිසා මේ තත්ත්වය උද්ගතව ඇති බව පෙනී යයි. ඉන්ෆ්ලුවෙන්සාව, ඩෙංගු සහ තවමත් පහව ගොස් නැති කොවිඩ් -19 වැනි නොයෙකුත් රෝගවල මූලික ලක්ෂණයක් ලෙස උණ තත්ත්වය ඇති වේ.
එහෙත් බොහෝ දෙනාට එතරම් සංකූලතා නොමැතිව සුවය ලැබෙන එවන් උණ රෝග ගැබිණි මවකට වැළඳීම අවදානමකට අත වැනීමකි. මන්ද යත්, ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගවල සංකූලතා නිසා 2018 වසරේ පමණක් මාතෘ මරණ 41ක් සිදුව ඇත.. ගැබිණි මවක් යම් හෙයකින් කොවිඩ්-19 තත්ත්වයට ගොදුරු වුවහොත්, තත්ත්වය බරපතළ වීමත් කුස තුළ සිටින දරුවාට පවා සංකූලතා ඇති වීමටත් වැඩි ඉඩක් ඇති බව ඔබ මේ වනවිට දැනුම්වත්ව ඇත. එබැවින් උණ රෝගවලින් වැලකී සිටීමටත් ගත යුතු පියවර ගැන අවබෝධයකින් සිටීම මේ මොහොතේදී වැදගත් වනු ඇත.
ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ආසාදනය වීමේදී නාසයෙන් සොටු දියර ගැලීම, මස් පිඬු / අතපය වේදනාව, හිසරදය සහ ඇතැම් විට වමනය හා පාචනය වැනි තත්ත්ව දක්නට හැකියි. කොවිඩ් - 19 ආසාදනයේදීත් මීට සමාන රෝග ලක්ෂණ ඇතිවීමට හැකියි. ඩෙංගු ආසාදයක දීත් උණ, හිසරදය, මස් පිඬු වේදනා ආදී සංකූලතා මතු වීමට පුළුවන.
ඇතැම් පොදු රෝග ලක්ෂණ නිසා මේ තත්ත්ව එකිනෙකෙන් මෙන්ම වෙනත් සාමාන්‍ය වයිරස් උණ රෝගවලින් වෙන්කර හඳුනාගැනීමද ඔබට අපහසු වේ. ඒ වගේම ගැබිණි ඔබට ඉහත කී උණ රෝගවලදී විශේෂිත ප්‍රතිකාර සහ වැඩි වෛද්‍ය අවධානයක්ද අත්‍යවශ්‍යම වේ.
මේ නිසා ගර්භණී කාන්තාවකට උණ තත්ත්වය ඇති වුවහොත් මුලින්ම ගත යුතු වැදගත්ම පියවර වන්නේ , පළමු දිනය තුළ දී ම රෝහලක් වෙත යොමු වී නිසි වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරිමයි.
ඉන්ෆ්ලුවෙන්සාව / කොවිඩ් -19 වැනි ශ්වසන බිඳිති මගින් බෝවන රෝග වළක්වා ගැනීමට අප දැනටමත් හොඳින් දන්නා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද වන නිවැරැදිව මුහුණු ආවරණ පැළැඳීම, සමාජ දුරස්ථභාවය, දෑත්වල පිරිසුදුභාවය රැක ගැනීම වැනි දේට තවත් අනුගත විය යුතු වේ.
රෝග ලක්ෂණ ඇති විට නිවසේම රැඳී සිටීම අනිවාර්ය වේ.
කහින / කිවිසින විට ටිෂූ හෝ වැළමිටේ ඇතුල් පැත්තෙන් එය ආවරණය කරගැනීමත් ඉතාම වැදගත්.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිණි)
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගැබිණි මවක් උණ රෝගවලින් වැලකෙන අයුරු