පවුල් සෞඛ්‍ය සේවා නිලදාරිනිය ළඟ ලියාපදිංචි විය යුත්තේ ඇයි? සැලසෙන සේවා
ගර්භණී මවක් තම ගර්භණීභාවය දැනගත් මුල් කාලයේදීම තමා අදාල ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලදාරිනිය හමු වී ලියාපදිංචි වීම සිදු වේ. ගර්භයට සති හයක් අටක් අතර කාලය තුළදී ලියාපදිංචි වීමෙන් මවට වඩා ගුණාත්මක සේවාවක් ලැබිය හැකියි. එනම් මවගේ රෝගී තත්ත්වය සහ අවදානම් සාධක කලින් හඳුනා ගෙන අවශ්‍ය පරිදි විශේෂඥ උපදෙස් සඳහා යොමු කිරීමටත් අවකාස ලැබෙනු ඇත. තවද ෆෝලික් අම්ලය ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ තවමත් නොගන්නා මවක් නම් එය ලබා ගැනීමට නිර්දේශ කිරීමත් අවශ්‍ය අනෙක් සේවාවන් ඇරැඹීමත් මේ කාලය ඇතුළතදී සිදුවේ.
ගර්භණී කාලයේදී දරුවාගේ මොළයේ වර්ධනය වෙන්නේ මෙහෙමයි
මවු කුස තුළදීම දරුවාගේ ඇසීම, පෙනීම, ගඳ සුවඳ දැනීම, රස දැනීම සහ ස්පර්ශය දැනීමේ හැකියාවක් ඇති බව ඔබ දන්නවාද? ඒ අතුරිනුත් ඇසීම සහ ස්පර්ශයට දරුවා වඩාත් සංවේදී වේ. දරුවාගේ මොළයේ ශීඝ්‍ර වර්ධනය මවුකුස තුළදීම ඇරැඹේ.
දරුවා බිහි වන දිනය වනවිට මොළය පමණක් ස්නායු සෛල ලක්ෂ සීයක් පමණ එකතුව සෑදේ. ගර්භණී කාලයේදී එනම් දින 280ක් තුළ මෙතරම් සෛල ප්‍රමාණයක් සෑදෙන විට එක් දිනක එක් විනාඩියකදී එක් තත්පරයකදී කෙතරම් ප්‍රමාණයක් නිපදවෙනු ඇත්ද අපට සිතා ගත හැකියි නේද?
මෙවැනි භෞතික වර්ධනයක් සිදු වන අතරේ මොළයේ වැඩීමද අපට නොපෙනෙන නමුත් එයද ඉතාම වැදගත් ක්‍රියාවලියකි. ඒ තුළින් දරු වාගේ මානසික, සමාජයීය හා ආධ්‍යාත්මික යහපැවැත්ම ගොඩ නැගේ.
බිළිඳාගේ මොළයේ වර්ධනයට අපට කළ හැකි දෑ
ඔබට හැකි සෑම විටෙකම කුස තුළ ඉන්නා දරුවාට දැනෙන ලෙස සෙමෙන් ආදරයෙන් උදරය අත ගෑම.
දරුවාට ආදරයෙන් සෙනෙහසින් කතා කිරීම
දරුවාට ඇසෙන පරිදි නැළවිලි ගී, කවි,පිරිත්, ගායනා කිරීම.
ඔබට මේ වනවිට තවත් දරුවන් සිටී නම් ඔවුන්ට අලුත් අමුත්තා ගන කියාදී ඔවුන් ලවා දරුවාට ඇසෙන පරිදි කතා කිරීමට සැලැස්වීම. මෙය පවුලේ සියලුම දෙනාට වුවද කළ හැකියි.
ඔබගේ මනස නිරවුල්ව සන්සුන්ව තබා ගැනීමට ආගමික කටයුතුවල නිරත වීම.
තරහ,ක්‍රෝධය ,ඊර්ෂ්‍යාව වැනි වෛරී සිතිවිලි ඇති නොවීමට වගබලා ගැනීම සහ ඒවා පාලනය කිරීම.
ඔබට අවැසි පමණ හොඳ විවේකයක් ලබා ගැනීම.
ඔබ නිතරම පසු විය යුත්තේ දැඩි ආතතිකාරී , කලබල පරිසරයකින් මිදී සංසුන් පරිසරයකයි. මෙවැනි ක්‍රියාකාරකම් දරුවාගේ මොළයේ සංවර්ධනයට ඉවහල්වන බව ඔබටම තේරුම් ගත හැකියි. සියලුම දෙනාගේ පැතුම තමන්ට නිරෝගී දරුවකු බැවින් ඒ උදෙසා මවට, පියාට සහ පවුලේ අනෙකුත් සාමාජිකයන්ට ඇති වගකීම මැනවින් හඳුනා ගෙන කටයුතු කිරීමත් වැදගත්ය.
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ගර්භනී මවක් දැනුම්වත් විය යුතු කරුණු