ආඝාතය හෙවත් (stroke) යනු මොළයට ලේ සපයුම ඇනහිටීම හේතුවෙන් මොලයෙ සෛල මැරී යාම නිසා ඇතිවන අවදානම් තත්ත්වකි.
මෙය ජීවිත අවදානමක් සහිත තත්ත්වයක් ලෙස හැඳින්විය හැකි අතර වසරකට මිලියන 13ක් පමණ ආඝාත තත්ත්වයට පත්වෙති.
ආඝාත තත්ත්ව දෙවර්ගයක් හඳුනා ගත හැකිය.
හෙමොරෝජික් තත්ත්වය
මොලයේ රුධිර නාලිකාවක් පිපිරීම හේතුවෙන් මොලයට ලේ ගැලීමක් සිදු වීමය.
ඉස්කීමික් තත්ත්වය
මොළයේ රුධිර සැපයුම අවහිර වීම නිසා ඇතිවන ආඝාත තත්වයකි.
ආඝාත තත්ත්වය හඳුනා ගන්නේ කෙසේද?
මුහුණ එක පැත්තක් එල්ලා වැටීම.
අත්වල දුර්වල බව සහ අත් ඔසවා ගැනීමට නොහැකි වීම.
කතා කිරීතා කිරීමේ අපහසුව සහ වචන පැටලීම දැකිය හැක.
ඔබගේ ඥාතියෙකු හෝ සමීපතමයෙකු මෙවැනි රෝග ලක්ෂණ වලින් පෙළෙන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් පැතීම වැදගත් වේ.
මෙවැනි තත්ත්වයක් තුළ දී රෝගියා ගේ ජීවිත අවදානම අවම කරගැනීමට සහ රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය යථාතත්වයට පත් කර ගැනීම සඳහා අඩු කාලයක් ඇතුලත ඇතුළත රෝගියා රෝහල වෙත රැගෙන යෑමට වගබලා ගත යුතුය.
ආඝාත තත්ත්වය ඇතිවීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයන් හැටියට වයස්ගතවූවන්, පරම්පරාගත ආඝාත තත්වයන් ඇති පුද්ගලයන් මෙන්ම හෘද රෝගී තත්වයන් ඇති පුද්ගලයන් දැක්විය හැකිය.
ආඝාත තත්ත්වය ඇතිවීමේ වැඩි අවදානමක් ඇත්තේ පිරිමි පුද්ගලයන්ට ය.
මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා දුම්පානය නතර කිරීම, රුධිර පීඩනය පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටීම සහ රුධිර පීඩනය අවම කර ගැනීමට කටයුතු කිරීම වැදගත් ය.
එමෙන්ම දියවැඩියාව ඇති පුද්ගලයන් ආහාර, ව්‍යායාම සහ ඖෂධ වලින් දියවැඩියාව රෝගී තත්ත්වය පාලනය කර ගත යුතුය.
එමෙන්ම බර පාලනය කර ගැනීම, මත්පැන් වලින් හැකිතාක් දුරට ඈත් වී සිටීම සහ ලුණු සහිත ආහාරවලින් වැළකී සිටීම මගින් ආඝාත තත්වයන් බොහෝ දුරට වැළකී සිටීමට ඉවහල් වේ.
(කාල්බේ සමාජ සත්කරක පුවරුව ඇසුරිනි)
-සටහන- ගයාන් සූරියආරච්චි
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ජිවිතය පවා අහිමිකරන ආඝාතය තත්ත්වය