IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඩෙංගු මාරාන්තික කරවන ‘NSAID‘

මේ දිනවල විවිධාකාර වයිරස් උණ,කොවිඩ් මෙන්ම ඩෙංගු රෝගීන්ද වාර් තා වීම ඉහළ ගොස් ඇත. එබැවින්  උණ රෝගීන් නිසි මාත්‍රාවට අනුව පැරසිටමෝල් ඖෂධය පමණක් ලබා ගත යුතු වුවත් ඇතමෙකු හිතුමනාපයට විවිධාකාර ඖෂධ ලබා ගැනීමත් එහි අනිටු පල විපාක ගැනත් පුවත් අසන්නට ලැබේ.

ඩෙංගු උණ නිසා ඇතිවන තද උණ රෝගී තත්ත්වයේදී  , අධික ඇඟපත වේදනාව සහ හිසේ කැක්කුමට ප්‍රතිකාරයක් ලෙස සමහරු පැරසිටමෝල්වලට අමතරව NSAID (Non Steroidal Anti Inflammatory Drugs - ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ) කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිත කරති. මෙය ඉතාමත් බරපතළ  කාරණාවකි.   

දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ මෙම NSAID ඖෂධ කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතයෙන් පසු සිදුවූ පුද්ගල මරණ කිහිපයක්ද වාර්තා වේ. එවැනි ව්‍යාකුල තත්ත්වයකදී NSAID කාණ්ඩයට අයත් ඖෂධ ගැන නියමාකාරව දැන්ම්වත් වීම අගනේය.

ඒ අනුව NSAID කාණ්ඩයට අයත් බෙහෙත් වර් ග මොනවා ද ? ඒවා ගත් විට මොනවද වෙන්නේ? වෙනත් රෝගී තත්ත්ව සදහා මෙම ඖෂධ ඊට වඩා අඩු මාත්‍රාවලින්    ගන්න පුද්ගලයින්ට මෙයින් බලපෑමක් තියෙනව ද? කියන කරුණු ගැන අද කතා කරමු..

‘ඩික්ලොෆෙනැක් සෝඩියම්, ඉබියුප්‍රොෆන්, මෙෆැනමික් ඇසිඩ්, ඉන්ඩොමෙතසින්, නැප්ප්‍රොක්ස්සෙන්, සෙලෙකොක්සිබ්, ඇස්ප්‍රීන් යන ඖෂධ  විවිධ  වෙළඳනාම හරහා වේදනා නාශක ලෙස බහුලව රට තුළ භාවිත වේ.  මේවා ඉතා හොඳ වේදනා නාශක වුවත් ඩෙංගු රෝගී තත්ත්වයේදී  මේවා භාවිත කිරීම රෝගය මාරාන්තික වීමට හේතුවකි. මේ සියල්ලටම පොදු කරුණක් වන ලේ කැටි ගැසීම අඩු කිරීමේ හේතුව නිසා ඩෙංගු රෝගය වැළඳුනෙ පුද්ගලයන් මේවා භාවිත කිරීමෙන්  දැඩි සංකූලතා මෙන්ම මරණය වුවද සිදු වීමේ වැඩි නුඹුරුවක් ඇත. 

මේ දිනවල ඔබට උණ ඇතිවුවහොත් මුලින්ම කළ යුත්තේ හොඳින් විවේක ගැනීම, හොඳින් දියර  පානය කිරීම සහ උණ වේදනාවට නියමිත මාත්‍රාව අනුව පැරසිටමෝල් ඖෂධය  පමණක් භාවිත  කිරීමයි. 
උණ තත්ත්වය දින දෙකට වඩා පවතින්නේ නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හෝ රෝහලක් වෙත වහාම යොමුවීම සිදු කළ යුතුයි.  

ඔබට යම් රුධිර පරීක්ෂණ නියම කර ඇත්නම් උණ තත්ත්වය පහව ගියත් එම පරීක්ෂණවල වාර් තා අනිවාර්යෙන්ම වෛද්‍යවරයකු වෙත යොමු කොට අවැසි උපදෙස් ලබා ගැනීමද සිදු විය යුතුය. මීට අමතරව උණ රෝග සඳහා වෛද්‍ය උපදෙස්ලන් තොරව ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සාමෙතසෝන් වැනි ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබා ගැනීමත් සුදුසු නොවේ.

ඒ අනුව ඉහත උපදෙස් පිළිපැදීම සහ දැනුම්වත්ව ක්‍රියාකිරීමෙන් රෝගී තත්ත්වය මාරාන්තික වීමෙන් වළක්වා ගත හැකිය.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබා දුන් තොරතුරු ඇසුරිණි)

-සටහන- මාධවී ධර් මරත්න



අදහස් (0)

ඩෙංගු මාරාන්තික කරවන ‘NSAID‘

ඔබේ අදහස් එවන්න

සුව දිවියට අත්වැලක්

අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව
2024 අගෝස්තු මස 28 382 0

ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?


පියකරු මුහුණක් - සිතට සතුටක්
2024 මැයි මස 31 666 0

මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න


වයස අවු. 40 ට වැඩි නම් ප්‍රෙෂර් බලාගන්න
2024 මැයි මස 06 1832 1

වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත


රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 2097 1

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


මුලින් හැඳුනා ගැනීමෙන් පිළිකාව පරදන මග
2024 මාර්තු මස 21 956 0

පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග


බෙහෙත්වල ගුණ නැති කරන කෑම බීම ගැන දන්නවාද?
2024 මාර්තු මස 06 1634 0

පුද්ගලයකු කායිකව හෝ මානසිකව රෝගී වූ විට හොඳම විසඳුම නිසි ප්‍රතිකාරයක් සඳහා යොමුවීමයි. එහෙත් ඖෂධ ප්‍රතිකාර ගත් පමණින්ම රෝගයක් සුවවෙන්නෙ නැහැ. ඒ සඳහා තව


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site