අපේ වකුගඩු යම් හෙයකින් අකර්මණ්‍ය වුව හොත් ශරීරයේ සමතුලිතතාවට බරපතළ ප්‍රශ්නයක් එල්ල වේ. එමෙන්ම රෝගියාටද විවිධ අපහසුතා ඇතිවේ. එවන් විටෙකදී වකුගඩු මගින් කෙරෙන කාර්යය යන්ත්‍රයක් ආධාරයෙන් යම් දුරකට හෝ ඉටු කිරීමට වෛද්‍යවරුන්ට හැකි වේ. එය රුධිර කාන්දුකරණය (Hemo dialysis ) නමින් හැඳින්වේ. මෙම යන්ත්‍රයෙන් අපගේ වකුගඩු ක්‍රියාකාරීත්වයට සමානව රුධිරය පෙරීමක් සිදු වේ. කුඩා කේශනාලිකා විශාල ප්‍රමාණයක් එකතු වීමෙන් සාදා ඇති 'ඩයලයිසර්' මෙහි ඇති වැදගත් මෙන්ම ක්‍රියාකාරී ඒකකයයි.
ක්‍රියාකාරීත්වය
රෝගියා තුළ සංසරණය වන රුධිරය නළ මාර්ගයෙන් යන්ත්‍රය ඇතුළට ඇද ගනී. මෙසේ රෝගියාගෙන් රුධිරය පිටතට ලබා ගැනීමට ඇතැම් අවස්ථාවලදී තාවකාලිකව විශාල ශිරාවකට යොදා ගන්නා බටයක් භාවිත කරයි. විශාල ශිරාවන් වශයෙන් බෙල්ලේ හෝ කලවා පෙදෙසේ ඇති ශිරාවන් යොදා ගැනේ. මෙවැනි නළ කාලයක් පවත්වා ගැනීමට අවශ්‍ය වූ විටෙක පපුවට සම්බන්ධ කරයි.
බොහෝ විට දිගුකාලීන රුධිර කාන්දු පෙරණය සිදු කිරීමට ධමනියක් සහ ශිරාවක් බද්ධ කිරීමෙන් ඇති කරන විප්ටියුලාවක් අවශ්‍ය වේ. බොහෝ අවස්ථාවලදී මෙය සිදු කර ගනු ලබන්නේ රෝගියාගේ මැණික් කටුව හෝ අතේ වැලමිට ආශ්‍රිත කොටසේය. ඒ ආශ්‍රිතව ඇති සම හිරිවැට්ට වීමෙන් අනතුරුව සිදු කරන කුඩා සැත්කමක් මගින් විස්ටියුලාව සාදා ගනී.
ඉහත යම් ක්‍රමයක් මගින් රෝගියා සහ යන්ත්‍රය සම්බන්ධ වූ පසු යන්ත්‍රය මගින් රුධිරයේ ඇති අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත් කිරීම අරඹයි. මෙම යන්ත්‍රය හරහා ශරීරයේ පවතින අතිරික්ත ජලයද ඉවත් කර ගැනීමට පුළුවන.
ශරීරයේ සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් සතියකට පැය 12ක් පමණ මෙම ප්‍රතිකාරය සිදු කළ යුතුය. ඒ අනුව වරකට පැය 04 බැගින් සතියකට 03 පාරක් ප්‍රතිකාරය ලබා දේ.
රුධිර කාන්දුකරණය සිදු කිරීමෙන් බොහෝ අපහසුකම්වලින් තොරවූ සහනයක් රෝගියාට ලැබුණද වකුගඩු මගින් නිරතුරුව සිදු කරන සමස්ත කාර්යභාරයම යන්ත්‍රය මගින් ඉටු නොවේ.
විශේෂයෙන් හෝමෝන ක්‍රියාකාරීත්වය සහ අස්ථි පද්ධතිය සමතුලිතව පවත්වා ගැනීමට වකුගඩු මගින් ලැබෙන සහයෝගය යන්ත්‍රය මගින් නොලැබේ. මේ නිසා දීර්ඝ කාලීනව රුධිර කාන්දුකරණය සිදු කර ගන්නා රෝගීන්ට බලපාන අවදානම් තත්ත්ව ඇත. මොවුන් හෘදයාබාධ, අංශභාග වැනි තත්ත්ව ආදියට ගොදුරු වීමට ඇති අවකාසය වැඩිය. එසේම තාවකාලිකව නළ මගින් ප්‍රතිකාරය ලබා ගැනීමේදී ශරීරයට විසබීජ ඇතුළු වීමට පුළුවනි. එබැවින් වකුගඩු රෝගීන්ට දැනට ඇති ප්‍රතිකාර ක්‍රම අතුරින් වකුගඩු බද්ධ කිරීම හොඳම විසඳුම ලෙස පිළි ගැනේ.
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තාවකාලික රුධිර කාන්දුකරණය සාර්ථකද ? අසාර්ථකද?