IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


දරුවකුගේ මානසික සුවතාව වඩවන හොඳ පුරුදු

කුඩා දරුවෝ හැමෝම අද තරගකාරී අධ්‍යාපන රටාවකට අනුගතවී සිටිති. විවේකයක් නොමැති තරමටම කාර්යබහුල වීම නිසා කුඩා වියේ සිටම මානසික සුවතාව ගිලිහී ගොසිනි. ඒ හේතුවෙන් අධ්‍යාපනික පැත්තෙන් දුර්වල වීම, විෂය සමගාමී ක්‍රියාකාරකම් මඟ හැරීම, විෂය කරුණු මතකෙන් ගිලිහී යාම වැනි දෑ සිදු වේ.

විශේෂයෙන් පෙර පාසල් සහ පාසල් වියේ පසුවන කුඩා දරුවකුගේ මානසික සුවතාව සඳහා කළ හැකි දේවල් මොනවාද යන්න අද මාතෘකාවයි.

දරුවන් ගැන කතා කරද්දී මානසික සෞඛ්‍යය කියන කාරණය ඉතාම වැදගත්. එය වඩාත් පලදායී වීම සඳහා දරුවාගේ නිවසේ සිටම විවිධ ක්‍රියාකාරකම් අත්හදා බැලිය හැකිය. අපි එය දරුවාගේ නිදන කාමරයේ සිටම අරඹමු.

උදෑසන අවදි වූ මොහොතේ සිට නිදා ගැනීමට යනතුරුම අපි ලස්සන සහ පිළිවෙළ කියන දේට ප්‍රමුඛත්වය දුනහොත් එය මනසට සුව අයුරින් තැම්පත් වේ. කුඩා දරුවකුගේ නිදන කාමරය පිරිසුදු සහ පිළිවෙළ වීම තුළින්

♦ දරුවා ලෙඩ රෝගවලින් ආරක්ෂා වේ.

♦ පිළිවෙළ වඩාත් හොඳින් ප්‍රගුණ කරයි.

♦ මනස නිරවුල් වේ

♦ මානසික ආතතියෙන් බැහැර වේ.

තමා ඇඳි ඇඳුම් පැළඳුම් තැන තැන දමා ඇති අපිරිසුදු , අපිළිවෙළ කාමරයක මොහොතක් ගත කිරීම කෙසේ වෙතත් එබඳු කාමරයක් දැකීම පවා මනසට මහත් පීඩාවකි.

දරුවකුගේ කාමරයක පිළිවෙළ සඳහා පහත කරුණු සැපිරිය යුතු වේ.

♦ නිදන කාමරයක් සඳහා හිතකර පරිසරයක් වීම

♦ වාතාශ්‍රය සේම මනාව හිරි එළියද ලැබීම

♦ දැඩි ඝෝෂාකාරී පරිසරයකින් නිදහස් වීම

මෙකී පිළිවෙළ අපි කුඩා දරුවකුගේ බාහිර රූපයෙන් පවා දැකිය යුතුය. පිරිසුදුකම සේම පිළිවෙළ කියා දිය යුත්තේ මවුපියන් විසිනි. වරුවකට දෙකකට නොව එය ජීවිත කාලය පුරාම දරුවාට පවත්වා ගැනීමටද පුරුදු පුහුණු කළ යුතු වේ.

නිවසින් බැහැරව කෙතරම් පීඩාකාරී පරිසරයක සිට පැමිණියද ලස්සනට සහ පිළිවෙළට ඇති තමන්ගේ නිදන කාමරය හැරුණු කොට මනසට සුවදායී තැනක් ලොව වෙන කොහේද?

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

දරුවකුගේ මානසික සුවතාව වඩවන හොඳ පුරුදු

ඔබේ අදහස් එවන්න

 

 
 

සුව දිවියට අත්වැලක්

දැන දැන වැරදි කළාම හැදෙන හෘදයාබාධ
2025 ජනවාරි මස 22 2788 2

වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික



සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව
2024 ඔක්තෝබර් මස 01 1341 0

වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන


අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව
2024 අගෝස්තු මස 28 1656 0

ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?


පියකරු මුහුණක් - සිතට සතුටක්
2024 මැයි මස 31 1187 0

මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න


වයස අවු. 40 ට වැඩි නම් ප්‍රෙෂර් බලාගන්න
2024 මැයි මස 06 2343 1

වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site