කුඩා දරුවන්ට ඇති වන විකෘතිතා අතර බහුල ලෙස දැකිය හැකි තත්ත්වයක් වශයෙන් කකුල් බකල්වීම හැඳින්විය හැකිය. වෛද්‍ය විද්‍යාත්මකව මෙය ජිනු වේරම් ලෙස හැඳින්වේ. මෙම තත්ත්වය පිළිබඳව මෙන්ම ඒ සඳහා සිදු කළ හැකි භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම පිළිබඳව මවුවරු දැනුම්වත්වීම ඉතා වැදගත්ය.
බොහෝ දරුවන්ගේ මෙම තත්ත්වය උපතේදීම දැකිය හැකිය. එහෙත් අවුරුදු දෙකක පමණ කාලයක් ගත වූ පසු ස්වාභාවිකවම මෙම තත්ත්වය මගහැරී යන අවස්ථා ද දැකිය හැකිය. එහෙයින් වෛද්‍ය මතය වන්නේ දරුවන්ගේ මෙම බකල් ස්වභාවයට අවුරුදු දෙකක් යනතුරු ප්‍රතිකාර නොකළ යුතුය යන්නයි.
එහෙත් වර්තමානයේ මේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමේදී මීට මුල් අවස්ථාවේ සිටම ප්‍රතිකාර කිරීමේන් බකල්වීමේ ප්‍රවණතාව අවම කරගත හැකිය.
කකුල් බකල්වන ප්‍රධාන හේතුව
පාදවල ඇතිවන බකල් තත්ත්වයන්ට ප්‍රධාන හේතුව වන්නේ දරුවන් ස්වෝත්සහයෙන් නැඟී සිටීමට ප්‍රථමයෙන් මවුපියන් විසින් දරුවන් නැඟිටුවා තැබීමට උත්සාහ දැරීමයි. එහිදී ස්වාභාවිකව සිදු විය යුතු මෙම ක්‍රියාව ආයාසයෙන් සිදු වීම නිසා පාදවල බකලතාව ඇති වේ.
එමෙන්ම මේ තත්ත්වය අධික බරින් යුක්ත දරුවන්ගෙන්ද දිස් වේ. බොහෝ විට කුඩා අවධියේදී නිසි ප්‍රමාණයට වඩා බර වැඩි දරුවන්ගේ බර, පාදවලට දරා ගැනීමට අපහසුවීම නිසා මෙම තත්ත්වය ඇති වේ. මීට අමතරව ඔස්ටියෝපොරෝසිස්, මාංශ පේශිවල දුර්වලතා ආදී තත්ත්වයන්ද මේ සඳහා හේතු වේ.
නිසි වයසට පෙර ඇවිදවීමේ උපකරණවල තබන්න එපා
එමෙන්ම යම් දරුවකු නිසි වයසට පෙර සිටගන්නා අවස්ථාවලදී මෙන්ම දරුවන් ඇවිද්ද වීමේ උපකරණවල (walker) යෙදවීම නිසාද මෙවැනි බකල තත්ත්වයක් ඇති විය හැකිය. එමෙන්ම ‘රිකට්ස්’ නම් වූ රෝගී තත්ත්වය නිසා ද මෙම පාද බකලතාව හෙවත් ජිනු වේරම් (genu verum) තත්ත්වය ඇතිවේ. පාද බකලතාව හෙවත් ජිනු වේරම් රෝගය නිවැරදි කර ගැනීම සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර යොදාගත හැකිය.
පෝෂණ ඌනතාවත් බලපායි
මෙම රෝගය සඳහා ප්‍රතිකාර සිදු කිරීමට පෙර මූලික වශයෙන් දරුවාට ‘රිකට්ස්’ නම් වූ රෝගී තත්ත්වය වැළඳී ඇත්දැයි යන්න පිළිබඳව සනාථ කරගත යුතුය. එමෙන්ම දරුවාගේ යම් පෝෂණ ඌනතාවක් නිසා මෙම තත්ත්වය ඇති වී දැයි යන්න සොයා බැලිය යුතුය. බොහෝ විට සීරම් කැල්සියම් මට්ටම මෙහිදී බලපායි. එහෙයින් රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමට පෙර ඒ තත්ත්වයට මූලික හේතුව සොයා බැලීම වැදගත් වේ.
ප්‍රතිකාර
මෙම ප්‍රතිකාර සිදු කිරීමේදී පේශි ශක්තිමත් කිරීම පිළිබඳව මූලික අවධානය යොමු කෙරේ. එහිදී විශේෂයෙන්ම පාදයේ Quadricep පේශි ශක්තිමත් කිරීමට කටයුතු කරයි. එම පේශි ශක්තිමත් කිරීමේදී පාදයේ අස්ථිවලට යොමුවන බර නිදහස් වන අතර පාදයේ බකලතාව මගහැරී යයි. මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා භෞතචිකිත්සක ප්‍රතිකර්මවලට අදාළ වන ව්‍යායාම කළ හැකිය. ඒ සඳහා කළ හැකි ව්‍යායාම කිහිපයක් හඳුනාගත හැකිය.
එනම්, ග්‍රෑම් 100ක් පමණ බර වැලි කොට්ටයක් දරුවාගේ වළලු කරෙහි එල්ලා දරුවාට එය ඔසවන්නට සැලැස් වීම මේ සඳහා සිදු කළ හැකි එක් ප්‍රතිකර්මයකි.
මෙහිදී පාදයේ මාංශ පේශි ශක්තිමත් වේ. මෙමඟින් අස්ථිවලට යොමුවන බර නිදහස් වී පාදය යථාතත්ත්වයට පත් වේ. මෙම ව්‍යායාමය සතියක් පමණ එක දිගට සිදු කිරීමෙන් පසුව නැවත වැලි කොට්ටයේ බර ග්‍රෑම් 50කින් පමණ වැඩි කර දරුවාට එය ඔසවන්නට සැලැස්විය යුතුය.
ඒ ආකාරයට දරුවාගේ පාද බකලතාව යථාතත්ත්වයට පත් වනතුරු වැලි කොට්ටයේ බර සතියෙන් සතිය ග්‍රෑම් 50ක පමණ ප්‍රමාණවලින් වැඩි කිරීම කළ යුතුය. එමෙන්ම මෙවැනි තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා පාපන්දුවකට පයින් ගැසීමට සැලැස්වීමද සුදුසු ප්‍රතිකර්මයක් වේ. එහිදීද පාදයේ මාංශ පේශි ශක්තිමත් වී පාද අස්ථිවලට යොමුවන බර නිදහස් වේ.
ව්‍යායාම
ට්‍රයිසිකල් පැදීමට යොමු කිරීම, තරප්පු නැඟීම ආදියද මෙහිදී සිදු කළ හැකි තවත් ව්‍යායාම කිහිපයකි. එමෙන්ම මෙම තත්ත්වයේදී දරුවා නිදියන අවස්ථාවල දරුවාට මර්මේඩ් ස්පලින්ට් (Murmaid splint) හෝ මිඩියල් ස්පිලින්ට් (Medial Splint) යෙදීම කළ හැකිය. දරුවා රාත්‍රියේ නිදාගත් අවස්ථාවේ පතුරු තබා බැඳීම සිදු කළ හැකි අතර මෙය පැය 5ක් 6ක් පමණ යෙදීම කළ යුතුය. එහිදී තදින් බැඳීම නොකළ යුතුය. යම් හෙයකින් පතුරු බැඳීමේදී තද වැඩි වුව හොත් රුධිර ගමනාමනයට බාධා වී, පාදයේ ඇඟිලි හා පතුල නිල් පැහැ වී, සීතල වී ඉදිමිය හැකිය. එහෙයින් එලෙස පතුරු බඳින ලද අවස්ථාවලදී දෙමාපියන් ඒ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වේ.
එවැනි තත්ත්වයක් දුටු වහාම පතුරු ලිහිල් කිරීම කළ යුතුය. දරුවාගේ ආබාධය යහපත් තත්ත්වයට පත් වී ඇති බව නිවසේදීම මැන ගත හැකි ක්‍රමයක් නම් දරුවාගේ වළලු කර එකට සිටින සේ තබා, දණහිස් දෙක අතර දුර ප්‍රතිකාර කරන අතරතුර මැනීමය. ප්‍රතිකාර කිරීමේදී දරුවාගේ දණහිස් අතර පරතරය ක්‍රම ක්‍රමයෙන් අඩු වී ඇත්නම් දරුවා යථාතත්ත්වයට පත්ව ඇති බව නිගමනය කළ හැකිය.
-සටහන- ගයාන් සූරියආරච්චි
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
දරුවාගේ කකුල් බකල්ද?