IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


නියපොතු ආශ්‍රිත චර්ම රෝග

නිරෝගී දිවි පැවැත්මක් සඳහා නිය සෞඛ්‍යයද හොඳින් පවත්වා ගෙන යාම අත්‍යවශ්‍ය වේ. නියපෙළෙහි පිළිවෙළ සේම පිරිසුදුතාවද රැක ගැනීම අත්‍යවශ්‍ය අතර අද එය බොහෝ දෙනාට අමතක වී ඇත.

නියපොතු සමට අයත් ඉතා සංවේදී කොටසක් වන අතර ප්‍රමාණයෙන් කුඩා වුවද ප්‍රයෝජනවත් කර්තව්‍යය රැසක්ම නිය මගින් ඉටු වේ.

නිය සම්බන්ධ රෝග සඳහා වයස් හෝ ස්ත්‍රී පුරුෂ භේදයක් නැති අතර සමාජයේ සුලබව දැකිය හැකි රෝගී තත්ත්වයකි. නියපොතු ආශ්‍රිතව බහුලව ඇතිවන රෝග බොහොමයකි. ඒවා නිය ආසාදන, නිය අසාත්මිකතා, ජානගත රෝග,චර්ම රෝග , නිය පිළිකා හා ශරීර අභ්‍යන්තරයේ හට ගෙන ඇති රෝගී තත්ත්වයක පූර්ව ලක්ෂණ වුවද නියපොතු මගින් පිළිඹිබු විය හැකියි.

කුඩා ළමයින්ගේ නිය සම්බන්ධ රෝග

කුඩා ළමයි බොහෝවිට නියපොතු සැපීමට හුරුවී සිටිති. නියපොතු පමණක් නොව නියමලද සැපීම ඔවුන්ට හුදු විනෝදය ගෙන දෙන කරුණක් විය හැකියි. මේ හේතුවෙන් නියමල සේම නියපෙළද අවපැහැ ගැන්වේ. නියපොත්තේ මතුපිට පෘෂ්ඨය රළු විය හැකියි. කුඩා ළමයින්ගේ විටමින් සහ ඛනිජ ඌනතා ලක්ෂණ නියපොතු ආශ්‍රිතවද දැකගත හැකි වනු ඇත. උදාහරණයක් ලෙස කුඩා දරුවකු යකඩ ඌනතාවකින් පෙළේ නම් එබඳු දරුවකුගේ නියපොතු ඉක්මනට කැඩී යා හැකියි. නිය මතුපිට පෘෂ්ඨය වලවල් හැඩැති ආකාරයක් ගනී. නියපොතු අවපැහැ ගැන්වේ.

තවද විටමින් ඌනතාවෙන් පෙළෙන දරුවකුගේ නියපොතු මතුපිට සුදුපැහැ ඉරි දැකිය හැකියි. තවද වයිරස් හෝ ආසාදන තත්ත්වයකට ගොදුරුව ඇති දරුවකු නම් එනම් ඩෙංගු හෝ අත් - පා - මුඛ රෝගය හෝ කොවිඩ් වැනි රෝගයකට ගොදුරුව ඉන් සුවය ලබා මසක් හෝ දෙකක් යනවිට නියපොතුවල යම් දුර්වලතා හට ගැනේ. නියපොත්තේ මතුපිට වල ගැසීම්, ඉරි තැලීම් වැනි ස්වාභාවයක් මතුවිය හැකියි. මේ තත්ත්වය Beaus lines නමින් හැඳින්වේ. තවද නිය ආශ්‍රිත වයිරස් ආසාදනයක් වන ඉන්නන්ද කුඩා ළමයින් අතර බහුල වශයෙන් දැකලත හැකි ය.

වැඩිහිටියන්ගේ නිය රෝග

වැඩිහිටියන් අතරද නියරෝග සුලබව දැකිය හැකියි. නියපොතු හා සම්බන්ධ අසාත්මිකතා ඉන් ප්‍රධාන තැනක් ගනී.

නියපොතු හා සම්බන්ධ අසාත්මිකතා

මෙකී තත්ත්ව බහුලව දැකිය හැකි වන්නේ ගෘහණියන්, පෙදරේරුවන්, රූපලාවන්‍ය ශිල්පීන්, කෘෂිකර්මාන්තයේ නියුතුවූවන්, සනීපාරක්ෂක කටයුතුවල නියැළෙන්නන්, මස් - මාළු ආශ්‍රිතව රැකියා කටයුතුවල නිරත වන්නන් අතර සුලබ වේ. ඊට හේතුව දිගු කලක් පුරාම ඔවුන් රසායනික ද්‍රව්‍යවලින් තැනූ ද්‍රව්‍ය ස්පර්ශ කිරීමේ ඵලයක් ලෙසිනි..

දිනපතාම සබන් දියර, සබන් කුඩු දෑත්වල ස්පර්ශ වීම , සිමෙන්ති වැනි අධි සංයෝග සමග කටයුතු කිරීම, නිය සම්බන්ධ ගැටලු ගණනාවකටම මඟ පාදනවා විය හැකියි. සමහරුන්ට රබර් ආශ්‍රිත අසාත්මිකතා පැවතීමද මෙහි අතුරු පලයකි. මෙනිසා නියමල ඉදිමීම සහ පැසවීම, නියපොත්තේ පැහැය දුර්වර්ණ වීම, නියමල වේදනාකාරී වීම, සැරව ගලා ඒම , දිගින් දිගටම ඉහත සංයෝග හා නිරාවරණය වීමෙන් ගණකම් වීම ආදී නිය විකෘතිතා ගණනාවක්ම ඇති විය හැකියි.

තවද තරුණියන් නිය ආලේපන සහ කෘත්‍රිම නිය අලංකරණය උදෙසා භාවිත කරන ආලේපනවල අන්තර්ගත රසායනික ද්‍රව්‍ය හේතුවෙන්ද නිය සම්බන්ධ රෝග හට ගැනේ. නිය පැහැය වෙනස් වීමේ සිට නියපොතු දුර්වල වීම දක්වාම ඒවා හේතු පාදක විය හැකියි.

නියපොතු ඉතා ඉක්මනින් කැඩී යා හැකියි. නියපොතු ආශ්‍රිත සම රතු පැහැ ගැන්වීම, ඒ වටා ප්‍රදේශයේ කැසීම් අතිවී නිය ආසාදනවලට මඟ පෑදිය හැකියි.

නියපොතු ආසාදන

නියපොතු ආසාදන ගැන කතා කරද්දී බහුලවම දිලීර සහ බැක්ටීරියා ආසාදන දැකිය හැකියි. බොහොමයකගේ දෙපාවල මහපටැඟිල්ලේ නියපොත්ත පැත්තකින් හෝ ඉදිරිපස පෙදෙස සුදු පැහැ ගැන්වීම , ඉක්මනට කැඩී යාමේ ගතිය, අවපැහැ ගැන්වීම, ඉරි තැලීම් ආදිය දැකිය හැකියි. බැක්ටීරියා ආසාදනවලදී නිය මතුපිට පෘෂ්ඨය කොළ පැහැයට හුරු වීමක් දැකිය හැකියි. මෙම තත්ත්වය Pheudomonas ලෙස හඳුන්වයි.

ශරීර අභ්‍යන්තරයේ ඇතිවන රෝග තත්ත්ව ආශ්‍රිත නිය රෝග

පෙනහළුවල රෝග, අක්මාව සහ අන්ත්‍රය ආශ්‍රිත රෝගවලදීද නියපොතුවල වෙනස්වීමක් දැක ගත හැකියි. නිය ඉදිමීමක් දැකිය හැකියි. මෙය Plubbing නමින් හැඳින්වේ. එමෙන්ම ඩෙංගු, කොවිඩ් වයිරස් තත්ත්වාදියට ගොදුරුව සුව වූ පුද්ගලයන්ගේ නියපොතුවලද ඉරි තැලීම් වැනි ලක්ෂණ හට ගැනේ. ඒවා Beaus lines නමින් හැඳින්වේ. වකුගඩුවල ප්‍රශ්න පවතී නම් එබඳු රෝගීන්ගේ නියපෙළ රෝස සහ සුදු පැහැයට මිශ්‍රවූ පැහැයක් ගනී. එම නියපොතු ගණ වීම මෙන්ම ඉක්මනින් කැඩී යාමද සිදුවේ.

නියපොතුවලට බලපාන චර්ම රෝග

විවිධ චර්ම රෝග නිසාද නියපොතු ආශ්‍රිත වෙනස්වීම් දැකිය හැකිය. ඒ අනුව පොතුකබර රෝගීන්ගේ නියපොතුවල දිදාලයක මතුපිට ස්වරූපය මෙන් තිත් ගතියක් දැකිය හැකියි.

නිය ආශ්‍රිත ජානගත රෝග

ඇතැමකුගේ නියපොතුවල හැඩය මෙන්ම පැහැයද ජානගත රෝගී තත්ත්ව නිසාවෙන්ද වෙනස් විය හැකියි. සමහරුන්ගේ නියපොතු උපතින්ම කහ පැහැ අතර ඒවා ගණකමින්ද යුතුවේ. මෙය Yellow Nails Syndrome තත්ත්වයයි.

නිය ආශ්‍රිත පිළිකා තත්ත්ව

ඉතා කලාතුරකින් සම ආශ්‍රිතව ඇතිවන පිළිකා විශේෂයක් වන Melanoma තත්ත්වයද බහුලව දෙපාවල නියපොතු මත හට ගැනේ. එහි පූර්ව ඉඟිය වනුයේ නිය මතුපිට ඇතිවිය හැකි කලු පැහැති ඉරක් වැනි ස්වාභාවයකි. එබැවින් ඔබගේ නියපෙළ විධිමත්ව රැක ගැනීම කෙරෙහි උනන්දු වන ගමන්ම මතුපිට ඇතිවිය හැකි සියුමුව නිරීක්ෂණය කළ හැකි තත්ත්ව කෙරෙහිද අවධානය යොමු කිරීම වැදගත්ය.

ප්‍රතිකාර

නියපොතු හා සම්බන්ධ කවර හෝ රෝගී තත්ත්වයක් ඇත්නම් චර්ම රෝග වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුවේ. රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර ක්‍රම වෙනස් වේ. නිය සම්බන්ධ රෝගවලදී අත්බෙහෙත් සුදුසු යැයි උපකල්පනය කරමින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අතපසු නොකිරීමට වගබලා ගන්න.

නිය රෝගවලින් වැලකීමට උපදෙස්

1)  නියපොතු පිරිසුදුව සේම වියළිව තබා ගන්න. එමගින් බැක්ටීරියා සහ දිලීර ආසාදන බොහොමයක්ම වලක්වා ගත හැකි වනු ඇත.

2)  සබන් දියර, සබන් කුඩු මගින් අසාත්මිකතා දිගින් දිගටම මතු වේ නම් අත්වැසුම් භාවිත කරන්න. රසායනික ද්‍රව්‍ය සමග ඔබ නිරතුරු ගැටෙන රැකියාවක නියුතු නම් ආරක්ෂිත අත් වැසුම් භාවිත කිරීම යෝග්‍ය වේ.

3)  දෙඅත් සේදූ පසු මෘදු තුවායකින් තදින් පිස දැමීම වෙනුවට සම මෙන්ම නියපොතු මත ජලය හොඳින් ඉවත් වනතුරු තෙත මාත්තු කරන්න.

4)  දෙපාවලට හිර සපත්තු වෙනුවට සැහැල්ලු පහසු පාවහන් භාවිත කරන්න. මෙමඟින් නියපොතු හිර වී කැඩීම ,තුවාල සිදු වීම වලක්වා ගත හැකියි.

5)  රබර්,නිකල් වැනි බැර ලෝහ භාවිතයෙන් ඉවත් වන්න.

6)  සිමෙන්ති ආශ්‍රිත කර්මාන්තවල නියැළෙන්නන් දෙපා රැක ගැනීම සඳහා ආරක්ෂිත පාවහන් යුගළ පළඳින්න.

7)  නිය ආලේපන භාවිතයේදී Formaldehyde , Toluene සහ DBP වැනි බැර ලෝහ අඩංගු නැති නිය ආලේපන මෙන්ම ඉතා ලා වර්ණ තෝරා ගැනීමට උනන්දු වන්න. නිය වර්ණ තද පැහැයට හුරු නම් එමගින් නියපොත්තට සිදුවන හානියද වැඩි වේ. එසේම නිය ආලේපන ඉවත් කිරීමේදීත් ඇසිටෝන් රහිත ආලේපන භාවිත කිරීමටත් අමතක නොකරන්න.

8)  රූපලාවන්‍ය ක්ෂේත්‍රයේදී පාද සඳහා ස.ත්කාර කිරීමේදී ආසාදන තත්ත්ව ඉතා ඉක්මනින් පුද්ගලයන් අතර ව්‍යාප්තව යා හැකියි. එබැවින් ඒ පිලිබඳ නිසි පුහුණුව ලත් සහ නිසි ප්‍රමිතියකින් යුත් ආයතන තෝරා ගැනීමට උනන්දු වන්න.

9)  නියපොතු කැපීමේදී රවුම් හා උල් හැඩය වෙනුවට කොටු හැඩයට කැපීම උචිතය. දෙපාවල නිය වෙනත් පෘෂ්ඨ හා ගැටීමට ඇති අවකාස ඉතා වැඩිය. එසේ වූ විට නියපොතු අභ්‍යන්තරයේ ලේ ගැලීම් ඇති වී නිය මතුපිට කලු පැහැයෙන් දිසි විය හැකියි. ඒ ගැනත් අවදානය යොමු කරමින් ක්‍රමවත් නිය සෞඛ්‍යයක් පවත්වා ගත යුතුවේ.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (3)

නියපොතු ආශ්‍රිත චර්ම රෝග

Thilak Ranthilakage Tuesday, 21 March 2023 04:17 PM

ළමුන්ගේ අතේ නියපොතු ඉබේ නැවත නැවත ගැලවෙනනේ ඇයි. රෝගය කුමක්ද . ප්‍රතිකාර මොනවද.

:       5       3

Dilini Hettiarachchi Friday, 19 May 2023 04:39 PM

අතේ ඇඟිලිවල නියපොතු ළඟම හම ගැලවෙන්නේ ඇයි...?

:       0       4

Bihansa nirwan Tuesday, 09 July 2024 10:17 PM

අනතුරක් සිදුවීමෙන් පාදයේ මාපටගිල්ලේ නියපොත්ත නියමලින් තරමක් වෙන්ව ඇති අතර නියපොත්ත පැසවා සැරව ගලයි...නියපොත්ත ඉබේටම ගැලවි අලුත් නියපොත්තක් හටගනිද...නැතිනම් ප්‍රතිකාර ලබාගත යුතුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සුව දිවියට අත්වැලක්

සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව
2024 ඔක්තෝබර් මස 01 720 0

වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන


අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව
2024 අගෝස්තු මස 28 1287 0

ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?


පියකරු මුහුණක් - සිතට සතුටක්
2024 මැයි මස 31 1077 0

මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න


වයස අවු. 40 ට වැඩි නම් ප්‍රෙෂර් බලාගන්න
2024 මැයි මස 06 2132 1

වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත


රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 2437 1

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


මුලින් හැඳුනා ගැනීමෙන් පිළිකාව පරදන මග
2024 මාර්තු මස 21 1111 0

පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 70 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 667 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 842 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site