වයසත් එක්ක වෙනස්වෙන තරුණ පෙනුම රැකගන්න ලෝකයේ වැඩි දෙනෙක් විවිධාකාරයේ ශෙල්‍යකර්ම සිදුකර ගනී. විශේෂයෙන් තරුණ බව රැකගන්න වගේම තමන්ගේ ස්වභාවික රූපය අඟපසග තමන්ට අවශ්‍ය ලෙස සකස් කරගැනීමට මෙවැනි ශල්‍යකර්මවලට බොහෝ දෙනෙක් යොමුවේ. ඒ කොහොම වුනත් අදවන විට රුව ලස්සන කරගන්න විවිධකාරයේ ප්‍රතිකාර සහ ආලේපන වර්ග අතර කොස්මැටික් ප්ලාස්ටික් ශල්‍යකර්ම ජනප්‍රිය රැල්ලක් බවට පත්වී තිබේ.
මේවන විට ලෝකයේ වැඩිදෙනකුගේ අවධානය යොමුවී තිබෙන මේ කොස්මැටික් ශල්‍යකර්ම අපේ රටේත් ඕනෑතරම් සිදුවන නිසා දන්න නොදන්න සියලුදෙනාට වගේම එවැනි ශල්‍යකර්මයක් කරන්න ආසාවෙන් සිටින ඔබට ඒ පිළිබඳ දැනගැනීම වැදගත්විය හැකිය.
උපතින් තමන්ට හිමිවී ඇති සිරුරේ අවයව සහ හැඩය පිළිබඳ තෘප්තිමත් නැති උදවිය වගේම උප්පත්තියෙන්ම පෙනුමේ යම් යම් අඩුපාඩු තිබෙන අයද අප අතර සිටී. ඒ නිසා ඇතැම් අය තමන්ගේ තිබෙන පෙනුම වැඩිදියුණු කරගන්නත් අඩුපාඩු සකස්කරගෙන වයස පෙනුම නැතිකරගන්නත් කොස්මැටික් ශල්‍යකර්ම කරනු ලැබේ. එවැනි ශල්‍යකර්මයකදී සිදුවන්නේ කුමක්ද?
මේ ගැට`ඵව ඔබටත් ඇති. ඒ විතරක් නොවේ මුහුණේ පෙනුම වෙනස්කරගන්න වගේම මේ ශල්‍යකර්මවලින් සිරුරේ තරබාරු පෙනුම අවම කරගෙන පෙනුම වැඩිදියුණු කරගන්නත් හැකියාව තිබේ. ඒ නිසා ලෝකයේ වඩාත් ජනප්‍රිය මේ ශල්‍යකර්ම ලංකාවේත් සිදුකෙරෙන අතර, තොල්, නාසය, පියයුරු සහ නිතඹ හැඩට සකස් කිරීම වැඩිපුර සිදුවේ.
ප්ලාස්ටික් ශල්‍ය කර්මයක්
ප්ලාස්ටික් ශල්‍ය කර්මයක් සිදු කිරීම ආරම්භ කරන්නේ සිරුරේ නිරෝගීතාවය සම්පූර්ණයෙන්ම පරීක්ෂාකිරීමෙන් අනතුරුවයි. වෛද්‍යවරු කීපදෙනෙක්ම එය පරීක්ෂා කරනු ලබයි. හිතුමතේ හැම කෙනකුටම මෙවැනි ශල්‍යකර්මයක් තමන්ගේ කැමැත්තටම සිදුකරගැනීම අපහසුය. යම් ක්‍රියාපිලිවෙලක් සමඟ එය සිදුකරන නිසා හානියක් සිදුවීම ඉතාමත් අඩුවේ. එහි සාර්ථකත්වය රදා පවතින්නේ ප්‍රතිකාරය සහ අවශයතාවය මොනතරම් දුරට වැදගත්ද කියන අවබෝධය මතයි. ඒ අනුව ශල්‍යකර්මය කරනවාද නැද්ද යන්න නිගමනය කරනු ඇත.
ශල්‍යකර්මයක් සිදුකිරීමට සුදුුසු වයස් සීමාවක් තිබේද?
එක් වතාවක් ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් පසුව එය නැවත නැවත කලයුතුද?
අවධානමක් තිබේද?
එහි අතුරු ප්‍රතිඵල මොනවාද?
ශල්‍යකර්මයක් සිදුකිරීමට යාමේදී ඔබේ සි ගැට`ඵ රාශියක් මතුවිය හැකිය. මේ එකින් එක කතා කරනවානම් මුලින්ම දැනගතයුතු වන්නේ වැඩිහිටියන් අතර මෙයට වයස් භේදයක් නොමැති බවයි. වයස අවුරුදු හැටද, හැත්තෑවද, යන්න වයස් භේදයක් බලපාන්නේ නැත. නමුත් වයස බලපෑම් නොකලත් මෙවැනි ශල්‍යකර්මයක් කිරීමට එම තැනැත්තා සුදුසු තත්වයක පසුවනවාද යන්න පරීක්ෂණ සිදුකර එහි ගැට`ඵවක් නැතිනම් පමණක් මෙම ශල්‍යකර්ම සිදුකරනු ලැබේ. විශේෂයෙන් විවිධ රැකියාවන්වල ස්වභාවය මත, සමාජ තත්වය පවත්වා ගැනීමට, තරුණ පෙනුම රැකගැනීමට ශල්‍යකර්මවලට යොමුවේ. ඒ නිසා එයට වයස අදාල නොවේ.
වැඩි කාලයක් ආරක්ෂාකාරීද?
සාමාන්‍යයෙන් මුහුණේ වෙනස්කමක් කිරීමෙන් පසුව එය පුද්ගලයාගේ වයසත් අනුව සාමාන්‍යයෙන් වසර අටක් හෝ දහයක් පමණ යනතෙක් එලෙසින්ම පවත්වා ගැනීමට පු`ඵවනි. එම කාලය ශල්‍යකර්මය මත රඳාපවතී. ඒ වගේම ඒ පුද්ගලයාත් ඒ පිළිබඳ අවබෝධයකින් සිටිනවානම් නැවත නැවත කිරීමට අවශ්‍යවන්නේ නැත.
සැත්කමකින් පසු ආරක්ෂා වන්නේ කොහොමද?
ඇතැම් ශල්‍යකර්ම දිගුකාලීනව පවත්වා ගැනීමට හැකියාව තිබේ. නමුත් ඒ තමන්ගේ කැපකිරීම මතය. උදාහරණයක් විදියට දරු ප්‍රසූතියකින් පසුව උදරය ආශ්‍රිත සම එල්ලා වැටීම සහ දෙපස මේදය තැම්පත් වීම නිසා උදරය අඩුවෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක ශල්‍යකර්මයකින් මේදය ඉවත්කර ඇඟ හැඩට හදාගන්න පු`ඵවනි. නමුත් එය දිගුකාලීනව පවත්වා ගන්න නම්, ශල්‍යකර්මයයෙන් පසුව කෑමබීම පාලනය, ව්‍යායාම කිරීම නිසිපරිදි කරගෙන යායුතුය. එසේ නැතිනම් නැවතත් ඒ තත්වය ඇතිවෙන්න පු`ඵවනි.
අතුරු ආබාධ තිබේද?
මෙවැනි ශල්‍යකර්ම සිදුකිරීම නිසා කාලයක් ගියපසු ගැට`ඵ මතුවීමක් සිදුවන්නේ නැහැ. නමුත් එවැනි ශල්‍යකර්මයක් කිරීමේදී විවිධ අතුරු ආබාධ ඇතිවිය හැකිය. උදාහරණයක් ලෙස කරන කුඩාම සැත්කමකදී වුවත් සමහරවිට තුවලය පැසවීමට හැකියාව ඇත. සුව වීම කල්ගත වීමට ඉඩ තිබේ. මෙවැනි පොඩි පොඩි අතුරු ආබාධ ඇතිවිය හැකිය. නමුත් එසේ වන්නේ බොහෝ කලාතුරකිනි. නිර්වින්දනය කර සිදුකර කරන එකක් නම් නිර්වින්දනය කරන වෛද්‍යවරයා සමඟත් සාකච්ඡා කර ආබාධ අඩුම පුද්ගලයෙක් නම් පමණක් සැත්කමක් සිදුකිරීම සිදු වේ. මෙවැනි ශ්‍යකර්මයකදී බොහෝ දෙනෙක් විවිධ අදහස් මත ඉදිරිපත් කරයි. නොයෙකුත් මිත්‍යාමත පවතී. නමුත් සැබැවින්ම එය සිදුකරන්නේ ඉතාම ආකර්ෂාකාරී පිළිවෙලකටයි. ඒ නිසා කටකතා පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකරගතයුතු නැත.
අපේ රටේ ඒ සඳහා අවශ්‍යය පහසුකම් තිබේද?
රූපලාවන්‍ය පැත්තෙන් කරන සැත්කම් බොහෝමයක් තිබේ. උදාහරණයක් ලෙස මුහුණේ, මුඛයේ, ඇස්වටා, කම්මුල්, නාසය, ගෙල උදරය, පියයුරු ආශ්‍රීත විවිධ ශල්‍යකර්ම සිදුකෙරේ. මේ හැමදෙයක්ම සිදුවන්නේ රැලිවැටීම අවමකරගෙන තරුණ පෙනුමක් ඇතිකර ගැනීමටයි. එසේ නැතිනම් මහතට තිබූ සිරුරක් කෙට්ටු වු පසුවද සමේ රැලි ඇතිවිය හැකිය. මේ සියලුම ශල්‍යකර්ම මේ වනවිට ලංකාවේ ඉතාම ආරක්ෂාකාරී ලෙස සහ සාර්ථකව කරගැනීමට අවස්ථාව තිබේ. ඒ සඳහා අවශ්‍ය කෙරනෙ පහසුකම් ද අපේ රටේ පවතී.
අදහස් දැක්වීම ප්ලාස්ටික් ශල්‍ය විශේඥ වෛද්‍ය තුෂාන් බෙනරගම
සටහන නයනා උදයංගනී
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
පෙනුම වෙනස් කරන ශල්‍යකර්ම