ජලය සහ පස් ආශ්‍රිතව ඇති බැක්ටීයාවක් හේතුවෙන් හට ගන්නා පාංශු උණ හෙවත් ‘මෙලියොයිඩෝසිස්‘ ( Melioidosis ) නම් රෝගී තත්ත්වයක් පැතිරෙමින් පවතින බවට පසුගියදා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණය කළේය. මාරාන්තික තත්ත්වයක් දක්වා ඔඩුදුව යා හැකි මේ රෝගය පවතින වැසි සහිත කාලගුණයක් සමඟ පැතිරීම වේගවත් වී ඇත.
සිරුරේ ඕනෑම ඉන්ද්‍රියකට හෝ පද්ධතියකට ‘Burkholderia pseudomallei‘ නම් බැක්ටීරියාව ආසාදනය විය හැකිය.
මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව යන රටවලට ආවේණික පාංශු උණ රෝගයේ ආසාදිතයන් බහුලව වාර්තා වේ. මෙකී රෝගය ගැන මෙරට වෛද්‍ය ක්ෂේත්‍රය දැනුම්වත්ව හිඳීමත්, වසරකට රෝගීන් කිහිප දෙනකු හඳුනා ගැනීමත් නිසා පාංශු උණ රෝගය ලංකාව පුරාද පැතිරීම තහවුරු කරනු ලැබිණි.
ඉහතින් නම් කළ බැක්ටීරියාව ශරීර ගත වන ක්‍රම කිහිපයකි. එනම් බැක්ටීරියාව පස්වල තිබී කකුලේ කුඩා තුවාල මඟින්, බැක්ටීරියාව සහිත ජලය පානය හෝ පෙවීම මඟින්, අධික දූවිල්ල ආඝ්‍රානයෙන් හෝ ශරීරයට ඇතුළු විය හැකිය. ඒවගේම දියවැඩියා රෝගීන් ක්‍රමානුකූලව සීනි පාලනය නොකරන්නේ නම් හෝ, වකුගඩු රෝග, තැලසීමියාව , දුම් පානය, අධික මත්පැන් පානය වැනි කාරණාද රෝගය වැළඳීමට සහ උත්සන්න වීමට හේතු කාරණා වේ. පාංශු උණ රෝගයේ ආසාදිතයන් ගතහොත් බොහොමයක්ම නිදන්ගත රෝගා බාධවලින් පීඩා විඳින්නෝ වෙති.
තවද නිව්මෝනියාව, පෙනහලු, අක්මාව වැනි අභ්‍යන්තර අවයවයන්හි සැරව ගෙඩි වැනි විවිධ ආසාදන සහිත රෝගීහු මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලෙන් 2014 සිට මේ දක්වා සියයකට වැඩි පිරිසක් හඳුනා ගෙන සාර්ථක ප්‍රතිකාරවලට භාජන කොට ඇත.
සැබැවින්ම Melioidosis යනු විශිෂ්ඨ අනුකරණයකි. එය ක්ෂය රෝගය හෝ මී උණ වැනි බොහෝ නිදන්ගත හෝ උග්‍ර රෝග අනුකරණය කළ හැකිය. එනිසාම සමහර විටෙකදී වෛද්‍යවරයාට පාංශු උණ රෝගයේ රෝග ලක්ෂණ වෙන් කර හඳුනා ගැනීම අපහසු හා අභියෝගාත්මක වීම මත රෝග නිශ්චය ප්‍රමාද වීමෙන් රෝගීන්ට විවිධ රෝගාබාධ ඇති වීම මෙන්ම පුද්ගල මරණ වැඩි වීමටද හේතු වී ඇත. කෙසේ වෙතත් මුල් රෝග විනිශ්චය මෙන්ම කඩිනම් ප්‍රතිකාර මත පාංශු උණ රෝගය සාර්ථකව පාලනය කළ හැකිය. මෙහි ප්‍රධානතම රෝග ලක්ෂණය වනුයේ උණ හට ගැනීමය.
රසායනාගාර පරීක්ෂණ මඟින් පාංශු උණ රෝගය නිවැරැදිව තහවුරු කරගත හැකිය. මෙය ආසාදිතයකුගෙන් වෙනත් පුද්ගලයකුට බෝ නොවන අතර පුද්ගලයකුට ජීවිත කාලය තුළ කිහිප වතාවක් වුවද නැවත නැවතත් මතු වීමට අවකාසයක් ඇති තත්ත්වයකි.
එනම් නිසියාකාරව රෝගය හඳුනා නොගෙන නියමාකාරයෙන් ප්‍රතිකාර නොකිරීම මත කඩින් කඩ මතු විය හැකිය. තවද පාංශු උණ රෝගය වැළඳී සුව වූ නිදන්ගත රෝගයකින් පීඩා විඳින්නකු තම රෝගය ක්‍රමවත්ව පාලනය නොකර දිගින් දිගටම ප්‍රතිශක්තිය හීන වුවහොත් එකී පුද්ගලයාට රෝගයේ අවදානම පමණක්ම නොව වෙනත් විසබීජයක් ශරීර ගත වුවද නැවතත් පාංශු උණ රෝගය මතු විය හැකිය.
පාංශු උණ යැයි නිවැරැදිව සනාථ කර ගත් පසු රෝගීන්ට නිවැරැදි ප්‍රතිජීවක ලබා දෙනු ලැබේ. ප්‍රතිජීවකවල කාල සීමාව බොහෝ විට රෝගයේ බරපතළකම මත රඳා පවතී. නේවාසික ප්‍රතිකාර කාල සීමාවෙන් පසු බාහිරව මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් ප්‍රති ජීවක ගැනීමෙන් නිශ්චිතව සුවය ලැබිය හැකිය. නිසි උපදේශනය සහ අදාල පරීක්ෂණවලට රෝගියා නිරන්තරයෙන් භාජන වී සමීපව නිරීක්ෂණය කළ යුතුය. මෙයාකාරයට පසු විපරම් කරනුයේ රෝගීන්ට ඹෟෂධවල අතුරු ආබාධ ,සංකූලතා හෝ නිදන්ගත රෝග උත්සන්න විය හැකි අතර රෝගයේ සුවතාව සඳහා ඒ සියල්ලම හොඳින් නිරීක්ෂණය කළ යුතු වේ.
පාංශු උණ රෝගයෙන් වැළකීමේ ක්‍රම කිහිපයකි. දුම් පානය සේම මත්පැන් පානයෙන් ඉවත් වීම, නිදන්ගත රෝග සාර්ථකව පාලනය කිරීම, මඩ හෝ අපිරිසුදු ජලයට ඔබගේ දෙපා නිරාවරණය වනවිටෙක පා ආවරණ පැළඳීම, දෙපාවල තුවාල ඇත්නම් ඒ ගැනද සුවිශේෂී අවධානයකින් හිඳීම වැදගත්වේ. තුවාල ආරක්ෂිතව ආවරණය කර ගැනීම මෙන්ම සුව වීමට කල් ගතවේ නම් ඒ ඇයිද යන්නත් ඔබ විමසිලිමත් වීම වටී.
මේ වනවිට පාංශු උණ රෝගීන් නුවරඑළිය වැනි සීතල , කඳුකර පෙදෙස් හැරුණු විට දීප ව්‍යාප්තව වාර්තා වේ.
වසර ගණනාවක් සිටම ක්ෂුද්‍ර ජීව විද්‍යා සායනය, කායික වෛද්‍යවරුන්,ශල්‍ය වෛද්‍යවරුන් ප්‍රමුඛ වෙනත් විශේෂඥයන් සමඟ අත්වැල් බැඳ ගනිම්න් පාංශු උණ රෝගය ඉතා සාර්ථකව පාලනය කොට ඇති අතරම එමඟින් විශිෂ්ට රෝගී සත්කාරයක්ද සහතික කර ඇත.
- සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
පාංශු උණ ගැන ඔබ දැනුම්වත්ද?