වානිජකරණය, නාගරීකරණය සහ තරගකාරීත්වය තුළ හිරවී ඇති අපේ ජීවිතවලින් මේ වනවිට නිරෝගීකම ක්‍රම ක්‍රමයෙන් ගිලිහීමට පටන් ගෙන ඇත. වේගයෙන් වෙනස් වී ඇති අපේ ආහාර රටාව මෙන්ම ජීවන රටාව මෙයට හේතු වී ඇත.
අපි කන්නේ මොනවාද?
වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම්වල තිබෙන විවිධ කෑම වර්ග අපේ දරුවන්ට දීමට මවුපියන් කෙතරම් පෙළැඹී ඉන්නවාද?ඒ වගේම බර වැඩි , තරබාරු දරුවන් අද වනවිට කොතරම් සිටිනවාද? ඔවුන් අතුරින් සියයට 10කට ආසන්න පිරිසක් බර වැඩි ,තරබාරු ගණයට වැටේ. එසේම තරුණ ,වැඩිහිටි පිරිමි පුද්ගලයන්ගෙන් සියයට 25ක් බර වැඩි ,තරබාරු ගණයට අයත්ය. ඒ තත්ත්වය කාන්තාවන් අතර සියයට 45කි. තරුණ – වැඩිහිටි පුද්ගලයන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම සියයට 25ක් ඒ කියන්නේ හතරදෙනකුගෙන් එක් අයකුට අධික රුධිර පීඩනය ඇති බව ඔබ දන්නවාද? මීට හේතු වන්නේ වැඩිපුර ලුණු භාවිතයයි.
වැරැදි පුරුදු
සාමාන්‍යයෙන් මෙරටේ පුද්ගලයන් දිනකට ලුණු තේ හැඳි 2ත් 3ත් අතර ප්‍රමාණයක් නොඑසේනම් ග්‍රෑම් 9ත් 12ත් අතර ප්‍රමාණයක් ආහාරයට එකතු කර ගැනේ. තවමත් සියයට 50ක් පමණ දෙනා බත් පිසින විට ලුණු එකතු කර ගනී.
මේ වැරැදි පුරුදු සිරුරට බලපාන අයුරු
දවසකට වැඩිහිටි පුද්ගලයකුට අවශ්‍ය වන්නේ ලුණු තේ හැන්දකි. ග්‍රෑම් 05කි. දරුවන්ට අවශ්‍ය වන්නේ ඊටත් අඩු ප්‍රමාණයකි. ලුණු කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්ය. ඉන් අපේ ශරීරයට වැදගත් වෙන්නේ සෝඩියම් කොටසය. පුද්ගලයකුගේ ශරීරයේ රුධිර පීඩනය, ස්නායු සමායෝජන ක්‍රියාවලිය මෙන්ම සිරුරේ විවිධ ක්‍රියාකාරීත්වයට සෝඩියම් ග්‍රෑම් 02ක් ප්‍රමාණවත් වේ. එනම් ලුණු තේ හැන්දක ප්‍රමාණය මෙකී අවශ්‍යතාව සඳහා සෑහේ.
අධික ලුණු භාවිතයේ අයහපත
වැඩි වන ලුණු සමග වැඩි සෝඩියම් පදාර්ථය සිරුරට එකතු වේ. එවිට රුධිර සංසරණ පද්ධති තුළ ජලය රැඳෙන පරිමාව වැඩි වේ. එවිට එම වැඩි ජලය ශරීරයෙන් වැඩි සෝඩියම් පිට කිරීමට යෙදවේ. ඒ සඳහා හෘදයට වේගයෙන් නොකඩවා ක්‍රියාත්මක වීමට සිදු වේ.වැඩි ජලය සිරුරෙන් පිට කිරීමට වකුගඩුවලටද ක්‍රියාත්මක වීමට සිදු වේ. ඒ සමගම අනිකුත් ඉන්ද්‍රියවලද වෙනස් වීම් ඇති වේ.
දිගින් දිගටම මේ තත්ත්වය පැවැතුණහොත් රුධිර වාහිනී අභ්‍යන්තර ස්ථරයේ නෙස්වීම් ඇති වීමට මෙන්ම ගණ වීමටද මෙය හේතු වේ. එවිට රුධිරවාහිනී තුළ ඇති ඉලාස්ටික් එනම් ඇදෙන සුළු ගතිය අඩුවී රුධිරය, හෘදය හා ඉන්ද්‍රිය වෙත ගෙන යාමට අධික පීඩනයක් යෙදීමට සිදු වේ. හෘදයට වේගයෙන් ක්‍රියාකර රුධිරය හෘදයෙන් පිටකර ඉන්ද්‍රිය කරා යැවීමටත්,වැඩිපුර ඇති ජලය සිරුරෙන් පිට කිරීම තුළින් ශරීරයේ අභ්‍යන්තර පරිසරය සමතුලිතව තබා ගැනීමටත් විශාල ආයාසයක් දැරීමට සිදු වේ. මෙහි ප්‍රතිඵලය වනුයේ එම පුද්ගලයාගේ රුධිර පීඩනය ඉහළ ගොස් ඔහු අධික රුධිර පීඩනයට ලක් වීමය.
දරුවකු කුඩා කල සිටම අධික ලුණු සහිත ආහාර ( බයිට් පැකට්, සකස් කරන ලද ආහාර, සෝස් ,බේකරි නිෂ්පාදනවලට යොමු කිරීමෙන් ළමා කාලයේ සිටම ශරීරයේ රුධිර සංසරණ පද්ධතිය,හෘදය, ස්නායු පද්ධතිය, වකුගඩු ආදී සෑම ඉන්ද්‍රියකම වෙනස්කම් ඇති වේ. එසේම අධික ලුණු ,ආමාශයේ අභ්‍යන්තර ස්ථරවල වෙනස්වීම් සිදු කර පිළිකා තත්ත්ව ,ගැස්ට්‍රයිටීස් තත්ත්ව ඇති කිරීමට දායක වේ.
ලුණුවලින් අප ලබා ගන්නා සෝඩියම් ,පොටෑසියම් සමග එක්ව අප ශරීරයේ රුධිර පීඩනය නිසියාකාරව පවත්වා ගැනීමට දායක වෙයි. එසේම ශරීර අභ්‍යන්තර පරිසරය සමතුලිතව පවත්වා ගැනීමටත්, ස්නායු පණිවුඩ සම්ප්‍රේෂණය නිසි අයුරින් සිදු කිරීමටත් ,අස්ථි සෞඛ්‍ය රැක ගැනීමටත් ,වකුගඩු, හෘදය මොළය ආරක්ෂා කර ගැනීමටත් විශාල කාර්යභාරයක් ඉටු කරයි. විශේෂයෙන්ම සෝඩියම් අධික වීම,අස්ථිවලින් කැල්සියම් දියවී යාමට හේතුවන අතර ඒ හේතුවෙන් අස්ථි තුනී වී අස්ථි භග්න ඇති වීමට අවදානම වැඩි වේ.
දැන් අපි සලකා බලමු, අධික රුධිර පීඩනය නිසා හෘදය හා රුධිර වාහිනීවලට සිදුවන හානිය ගැන. බෝ නොවන රෝග නිසා ඇතිවන මරණවලින් සියයට 34කට හේතු අධි රුධිර පීඩනයයි. ඒ හේතුවම හෘදයාබාධ ඇති වීමට, ආඝාතය හෙවත් අංශභාගය ඇතිවීමට මෙන්ම වකුගඩු අකර්මණ්‍යතාවටද බලපායි.
අප බොහෝ දෙනකු අධි රුධිර පීඩනයට ලක් වූ විට ලුණු අඩුවෙන් ගැනීමට හෝ ලුණු නොමැතිව කෑම ගැනීමට හුරු වේ. එහෙත් ඊට ඒ වනවිට අප පමා වූවා වැඩි විය හැකිය. කුඩා කාලයේ සිටම ලුණු අධික ආහාර ගැනීමට පුරුදු වූ විට අපේ ශරීරයේ රුධිර වාහිනීවල, හෘදයේ හා අනෙකුත් ඉන්ද්‍රියවල වෙනස් වීම් ඇති වීමට පටන් ගැනෙනුයේ මුල් කාලයේ සිටමයි. ඊට මානසික ආතතියත් එකතු වූ විට මෙකී තත්ත්වය තවත් අවදානමට ලක් වේ. එබැවින් ළමා කාලයේ සිටම ලුණු අඩුවෙන් ආහාර දීමට දරුවන් හුරු කරවන්න.
ඒ අනුව බත් පිසීමේදී ලුණු එකතු නොකරන්න. වෑංජන පිසීමේදී වුවද ලුණු අඩුවෙන් භාවිත කරන්න. ඒවගේම කෑම මේසයේදී ආහාර බඳුනට ලුණු එකතු කිරීමෙන් වැළකෙන්න.
එළවළු,පලතුරු, පළා වර්ග වැඩිපුර ආහාරයට ගන්න.
සකස් කළ ටින් මාළු, පෙර සැකසුම්, කල් තබා ගන්නා ද්‍රව්‍ය මුසු කළ ආහාර හැකිතාක් සීමා කරන්න.
පිටි ,තෙල් , ලුණු සහිත ආහාර අවම කරන්න.
කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර ,සෝස් වර්ගවලින් හැකිතාක් ඈත් වන්න.
රයිස් ,කොත්තු ,ක්ෂණික ආහාරවලින් ඈත් වන්න.
නිවසේදී පිළියෙළ කර ගන්නා එළවඵ, බත් ,මාඵ ,ස්වාභාවික රසකාරක සහිත ආහාරවලට යොමු වන්න.
ලුණු අඩු වුවත් රසය වැඩි කිරීමට ස්වාභාවික රසකාරක භාවිත කරන්න. කොත්තමල්ලි කොළ,මිංචි වැනි ඖෂධීය පැළෑටි,සුදු ලූනු,ඉඟුරු, ලුණු දෙහි,කරපිංච සහ සියඹලා වැනි ස්වභාවික රසකාරක . අන්නාසි සහ තක්කාලි වැනි ඇතැම් ඇඹුල් පලතුරු, කුරුඳු-කරාබු නැටි ,කොත්තමල්ලි, කළු ගම්මිරිස්, හීන්දුරු, එනසාල්, මහදුරු, අබ වැනි කුළු බඩු.
ඔබ පැකට් කළ ආහාර මිලදී ගැනීමට පෙර ඒවායේ අන්තර්ගත ලුණු ප්‍රමාණය දැන ගැනීම සඳහා ආහාර පැකැට්ටුවේ සඳහන් ලෙබලය හොඳින් කියවන්න.
උසට සරිලන බර පවත්වා ගන්න.
දිනකට පැය එකහමාරක්වත් ශරීරය වෙහෙසවන ක්‍රියාකාරකම්වල යෙදෙන්න.
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
පෙෂර් වැඩි කරන ලුණු වැඩි කෑම