රස්නය සමඟින් දෛනික කටයුතු
අවුරුදු නිවාඩුවෙන් පසු නැවත පාසල් විවෘත කිරීමත්, රැකියා පරිශ්‍රවල සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරගෙන යාමත් ඉකුත් සතියේ සිට සිදු කෙරිණි. ඒත් අපේ රටට බලපා ඇති උෂ්ණත්වය ඉහළ යාම, අධික රස්නය ගතිය දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. විශේෂයෙන් මධ්‍යාහ්නයට සහ රාත්‍රි කාලයේදී දරා ගත නොහැකි පරිදි උණුසුම ඉහළ යාමක් ගතට දැනේ. එසේම දහදිය පිටවීමද මේ දිනවලදී ඉතාම වැඩිය.
මේ ගතවෙමින් පවතින්නේ අප්‍රේල් මාසයේ අවසන් සතිය වුවත් තවමත් පාසල් ක්‍රීඩා තරග,අවුරුදු ක්‍රීඩා උත්සව, යුධ හමුදා පුහුණු සැසි වගේ එළිමහන් ක්‍රියාකාරකම් පැවැත්වෙනු දැක ගත හැකිය. මෙවැනි රස්නය අධික කාලවලට එළිමහනේ අධික වෙහෙස දැනෙන ක්‍රියාකාරකම් සීමා කළ යුතු අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද හොඳින් ජලය පානය කළ යුතුය. එසේ නොවුණොත් තාප කම්පන තත්ත්වයට ගොදුරුවී දුවද්දී ඇද වැටීම,ෆිට් එක ඇති වීම, සිහි මුර්ජා වීම, මරණය පවා සිදු වීමට පුළුවන.
සිරුරට ජලය මෙන්ම ලවනත් දෙන්න
රස්නය වැඩිපුර දැනෙන වෙලාවක එළිමහනේ ගත කරන පුද්ගලයකුට දැඩි ශාරීරික අපහසුතාවක් දැනේ. දහදිය වැඩිපුර දැමීම නිසාවෙන් සිරුරෙන් ජලය මෙන්ම ලවනද පිටවේ. මෙවැනි මොහොතකදී සිරුරට ප්‍රමාණවත් පරිදි ජලය මෙන්ම ලබනද ලබා දිය යුතුය.
සිරුරට ප්‍රමාණවත් පරිදි ජලය නොලැබී ගියහොත් සිරුර ඉතා ඉක්මනින්ම විජලනයට පත්වේ. සිරුරට නිසි පරිදි ජලය ලැබේද නැද්ද යන්න මුත්‍රවල පැහැය අනුව තීරණය කර ගත හැකිය. නිරෝගී පුද්ගලයකුගේ මුත්‍රවල පැහැය සුදු පැහැ අවර්ණ වන අතර තද කහ, දුඹුරු පැහැයට හුරු මුත්‍ර පිටවේ නම් සිරුරට නිසි පරිදි ජලය නොලැබෙන බවට ඉඟියකි.
විජලනය අඟවන ලක්ෂණ
සිරුරට දැඩි අපහසුතාවක් දැනීම, මහන්සිය තෙහෙට්ටුව වෙනදාට වඩා වැඩිපුර දැනීම, ඇඟපත රිදීම, හිසරදය, වමනය, නින්ද නොයෑම
විජලනයෙන් වැලකීම
මේ සඳහා ජලය පානය කිරීම පමණක්ම නොසෑහේ. ජලය මෙන්ම ස්වාභාවික පාන වර්ගවලද අවශ්‍යතාව මතු වේ. එනම් තැඹිලි, කුරුම්බා වතුර, ලුණු ස්වල්පයක් දමා පිළියෙළ කොට ගත් දෙහි,දොඩම් ,නාරං, වැනි සෝඩියම් අඩංගු පාන වර්ග මෙන්ම දෙළුම්,කොමඩු , ජීවනී වුවද මාරුවෙන් මාරුවට පානය කිරීම සුදුසුය. ඒ හැරුණු විට පිපාසය උදෙසා කෘතිම බීම වර්ග මේ කාලයේදී බීමට ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය. පිපාසය සංසිඳු වීම, විජලනයෙන් වැලකීම කෙසේ වෙතත් කෘතිම පාන වර්ග නිසා නුදුරු දිනකදිම බෝ නොවන රෝගවලට ගොදුරු වීම නම් වැළැක්විය නොහැකිවේ.
චර්ම රෝගවල ඉහළ යාම
මෙම කාල වකවානුවලදී දාඩිය බිබිළි,දද, දාඩිය කුෂ්ඨ වැනි සමේ රෝග මතුවන කාලයකි. එබැවින් සමේ රෝගවලින් පීඩා විඳින්නන් සේම පොදුවේ සියලුම දෙනා දිනපතා ස්නානය කිරීමත්, කුඩා දරුවන්ව උදේ සහ සවස් කාලයේදී විනාඩි 20ක් පමණ වතුර බේසමක තැබීමත් කළ හැකිය.
වයෝවෘද්ධ පුද්ගලයන්, රෝගීන් සහ කුඩා දරුවන් රස්නය වැඩි කාලවලදී පීඩාවට පත්වීමේ අවදානමක් ඇති කාණ්ඩ වශයෙන් හඳුනා ගෙන ඇති නිසා මොවුන් ගැන නිරතුරු විමසිලිමත් වීම වටී.
අධික රස්නයෙන් බේරීමට උපදෙස්
පිපාසය දැනෙන තෙක් නොසිට ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න. ඒ අතරට ස්වාභාවික දියර වර්ගද සුදුසුය. දිනපතා ස්නානය කරන්න. එසේ නැතිනම් දිනකට දෙපාරක්වත් ඇඟ සේදීම කළ යුතුය. අධික හිරු රශ්මියට නිරාවරණය වන කාලය අඩු කරන්න. සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්න. මධ්‍යාහ්නයේදී එළිමහනේ රැඳෙමින් අධික වෙහෙස ගෙන දෙන කටයුතුවලින් ඉවත් වීම යෝග්‍යය. ආරක්ෂා සහිතව පිහිනීම වැනි ව්‍යායාමයක නිරත වන්න. කුඩා දරුවන්ව වාහන තුළ තනිවම රඳවා නොයාමට වගබලා ගන්න. ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් භාවිතයට හුරු වන්න. උණුසුම වැඩි මොහොතකදී ඔබ එළිමහනේ ගැවසෙනවා නම් තොප්පි හෝ කුඩ ,අව් කණ්ණාඩි , පිරිසුදු වතුර බෝතලයක් ,සමේ තෙතමනය රකින ප්‍රමිතිගත ආලේපන වර්ගයක් භාවිත කිරීම පුරුද්දක් කර ගන්න.
ඉල්ලීමක්
කාන්තාර ඇති රටවල් පවා මේ වනවිට හරිතවර්ණ සංකල්පය ක්‍රියාත්මක කොට ඇත. ඒ උෂ්ණත්වය අධික කාලවලට ඔරොත්තු දීමේ පහසුව තකාය. රස්නය වැඩි එවන් කාලවලට සෙවනත්, පිරිසුදු වාතාශ්‍රයත් ලබා ගැනීම සඳහා අපේ රටේ එක් පුද්ගලයකු එක් පැළයක්වත් සිටුවීම ක්‍රියාවට නංවන්නැයි ඉල්ලා සිටිමි. එසේ වුවහොත් එහි ප්‍රතිඵල නොබෝ දිනෙකින්ම අප පමණක් නොව ඉදිරි පරම්පරාවන්ද භුක්ති විඳිනු ඇත.
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
මේ දවස්වල අධික රස්නයෙන් බේරෙන්නේ කොහොමද?
ධධවී මාර්මරත්න Friday, 12 May 2023 09:36 AM
අපි රස්නයට පිටු නොපා සිටිමු. ගාම්බීරව හා දෙශානු රාගෙයෙන් රස්නයට මුහුන දෙන්න