IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


මොකක්ද මේ ‘ඇෆ්ලටොක්සීන්‘ පිළිකා කාරකය කියන්නේ?

‘ඇෆ්ලටොක්සීන්‘ (Aflatoxin) විස රසායනිකය  පසුගිය වසර කිහිපය මුළුල්ලේ සිටම වරින් වර පුවත් මැවූවකි. වෙළෙඳපොලට නිකුත් කෙරුණු ආහාර ද්‍රව්‍ය බොහොමයකම  මෙම ඇෆ්ලටොක්සින් ඇතැයි වාර්තා වූ අතර සමාජයේ කතාබහද දිනෙන් දිනම වැඩි විණි.  මෙම විස රසායනිකය ගැනත් එය ශරීර ගත වීමෙන් සෑදෙන රෝගාබාධ මෙන්ම ‘ඇෆ්ලටොක්සීන්‘ (Aflatoxin) අඩංගු ආහාර ද්‍රව්‍ය ගැනත් දැනුම්වත් කිරීම ලිපියේ අරමුණයි.

‘ඇෆ්ලටොක්සීන්‘ යනු විස සහිත දිලීරවලින් නිපදවෙන ‘mycotoxin‘ යන කාණ්ඩයට අයත් විස රසායනයකි. ‘mycotoxin‘ රසායනික ද්‍රව්‍ය නිපදවෙන්නේ දිලීර වර්ග කිහිපයකිනි. ඒවා නම් වශයෙන් කිවහොත් ‘Aspergillus penicillium‘ සහ ‘Fusarium‘ නම් දිලීර කාණ්ඩ වේ.  ‘ඇෆ්ලටොක්සීන්‘ දිලීරය නිපදවන්නේ Aspergillus නම් දිලීර කාණ්ඩයෙනි.

ඒ අනුව  ‘ඇෆ්ලටොක්සීන්‘ ‘ද ඇතුළුව මෙකී විස රසායනික බොහොමයක්ම අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන ගුණයෙන් යුක්ත වේ. එබැවින් මෙම විස රසායනිකය අඩංගු ආහාර පිළියෙළ කිරීමේදී ඒවා ආහාරවලින් ඉවත් නොවීම නිසා මිනිස් සිරුරට ඇතුළු වේ.

මිනිස් සිරුරට ඇතුළු වන මෙකී විස රසායනිකය නිසා විවිධ අතුරු ආබාධ හට ගැනේ. මෙම  ‘ඇෆ්ලටොක්සීන්‘ රසායනිකය ආහාරවල අන්තර්ගත දැයි සෙවීම සඳහා සිදු කරන දියුණු තාක්ෂණික පරීක්ෂණ ක්‍රම සඳහා ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති වීම අප රට මෙන්ම ලෝකයේ සෙසු දියුණු වෙමින් පවතින රටවල් පවා මුහුණ පාන පොදු ගැටලුවක්වී ඇත.

එනිසාම මෙම විස රසායනිකය ඇතුළත් ආහාර පරිභෝජනය මගින් ඉතා පහසුවෙන්ම අපේ සිරුරට මෙම විස රසායනිකය ඇතුල් වේ.  ‘ඇෆ්ලටොක්සීන්‘  අධික තාප ස්ථායි රසායනයකි. ඒ වුවද ආහාර පිළියෙළ කෙරෙන සාමාන්‍ය උෂ්ණත්වය හමුවේ සංවේදී නොවන නිසා ආහාරවලින් ඉවත් නොවී යයි. මෙම රසායනිකය විනාශ කිරීමට නම් ඉතා විශාල උෂ්ණත්ව පරාසයක් අවශ්‍ය කෙරේ. උදාහරණයක් ලෙස සෙල්සියස් අංශක 230ට වැඩි උෂ්ණත්වයකදී මෙම රසායනිකය විනාශ වී යයි.

‘ඇෆ්ලටොක්සීන්‘ රසායනිකය මිනිස් සිරුරේ අක්මාවට දැඩි බලපෑම් එල්ල කරන අතර අනෙක් ශරීර අවයව කෙරෙහිද බලපෑම් එල්ල කරයි. මෙහිදී මොළයේ ආබාධ, වලිප්පුව, උදර ආබාධ වැනි රෝගී තත්ත්ව ඇති කරවයි.

මෙයාකාරයට සුළුවෙන් ශරීර ගත වන විස රසායනිකය කල් ගත වීමේදී අක්මාවේ පිළිකා ඇති කිරීම දක්වා බලපානු ලැබේ. ලොව සයවැනි බහුලතම පිළිකා වර්ගය ලෙස නම් දරා ඇති අක්මා පිළිකාවලට ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම පොදුවේ ගොදුරු වේ. අක්මා පිළිකා අතුරින් සැලකිය යුතු ප්‍රමාණයක්  ‘ඇෆ්ලටොක්සීන්‘ විස රසායනිකය ශරීර ගත වීමෙන් සෑදුණු බවටද තොරතුරු වාර්තා වේ. වර්තමානයේදී දියුණු වෙමින් පවතින රටවල් සේම දියුණු යැයි සම්මත රටවලටද අක්මා පිළිකා සංකීර්ණ ගැටලුවක් බවට පත් වී ඇත. එහෙත් දියුණු රටවල අධි තාක්ෂණික පර්යේෂණාගාර පහසුකම් නිසා ඔවුන් නිරන්තරයෙන්ම ආහාරවල අන්තර්ගත  ‘ඇෆ්ලටොක්සීන්‘ ප්‍රමාණය නිරන්තරයෙන් පරීක්ෂා කොට අවශ්‍ය පියවර ගනු ලැබේ. ආහාරයක තිබිය හැකි නිර්දේශිත  ‘ඇෆ්ලටොක්සීන්‘ ප්‍රමාණය රටරටවල් අනුව වෙනස් වීමට පුළුවන.

මෙම විස රසායනිකය හේතුවෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතාවන් ඇති කරන අතර ජාන වෙනස් වීම්වලටද හේතු විය හැකිය. තවද මෙම රසායනිකය අඩංගු ආහාර වර්ග සතුන්ද

ආහාරයට ගැනීම නිසාද විවිධ බලපෑම් ඇති විය හැකියි. ඒ අනුව එළදෙනුන්ගෙන් පැටවු ලැබීමේ ක්‍රියාවලියට සේම කිරි සහ බිත්තර නිෂ්පාදනයත් බොහෝ සෙයින් අඩු වීමට පිළිවනි.

මෙම විස රසායනිකය අඩංගු ආහාර අතර දිලීර සෑදුණු ධාන්‍ය වර්ග, හාල්, තිරිඟු,ඉරිඟු, ඊට අමතරව කුළු බඩු වර්ග වන කොත්තමල්ලි, ගම්මිරිස්, මිරිස්, ඉඟුරුවල අන්තර්ගත වේ. ඊට අමතරව තෙල් සඳහා යොදා ගන්නා ඇට වර්ග වන සෝයා බෝංචි, සූරියකාන්ත ඇට වර්ගවලත් ,රට කජු , කජු වැනි විවිධ ඇට වර්ගවලත් අන්තර්ගත විය හැකියි.  ‘ඇෆ්ලටොක්සීන්‘   අඩංගු ආහාර සතුන් පරිභෝජනය කිරීම නිසාද සත්ව නිෂ්පාදනවලත් එනම් කිරි,බිත්තර, මස් ආදියෙහිත් මෙම රසායනිකය අඩංගු විය හැකියි.

‘ඇෆ්ලටොක්සීන්‘ විස රසායනිකය අඩංගු ආහාර දරුවන්ගේ ආහාරවලට දිගුකලක් තිස්සේ සිටම එකතු වුවහොත් දරුවන්ටත් ඉහත සඳහන් කළ සංකූලතා ඇති වීමට වැඩි ඉඩකඩක් පවතී.

-සටහන- මාධවී ධර්මරත්න

 



අදහස් (0)

මොකක්ද මේ ‘ඇෆ්ලටොක්සීන්‘ පිළිකා කාරකය කියන්නේ?

ඔබේ අදහස් එවන්න

 

 
 

සුව දිවියට අත්වැලක්

දැන දැන වැරදි කළාම හැදෙන හෘදයාබාධ
2025 ජනවාරි මස 22 2978 2

වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික



සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව
2024 ඔක්තෝබර් මස 01 1385 0

වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන


අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව
2024 අගෝස්තු මස 28 1661 0

ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?


පියකරු මුහුණක් - සිතට සතුටක්
2024 මැයි මස 31 1194 0

මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න


වයස අවු. 40 ට වැඩි නම් ප්‍රෙෂර් බලාගන්න
2024 මැයි මස 06 2360 1

වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1018 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 438 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 586 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site