රටක අනාගතය වත්මන් දරු පරපුරයි. ඒ උදෙසා ඔවුන් නැණ නුවණින් සේම පෝෂණයෙන්ද පරිපූර්ණ විය යුතුයි. මෙකී කාරණා සියල්ලටම පොදු වනුයේ කුඩා කල සිට ඔවුන් ගන්නා ආහාර පානාදියයි.
රටේ වර්තමානයේදී උද්ගතව ඇති තත්ත්වය මත පෝෂණීය ආහාරවල මිල ගණන් ගොස් ඇත. එසේම මේ දිනවලදී අපි වැඩිපුරම මන්දපෝෂණය ගැනත් කතා බහ කරන්නෙමු.
මේ සියලුම ප්‍රශ්න පරදා අඩු වියදමින් ළමයින්ට පෝෂ්‍ය ගුණය රැකි ආහාර වේලක් ගැනත් ළමයින්ම ඇති පෝෂණ ඌනතා ගැනත් මතු ලිපියෙහි දැක්වේ.
පෝෂණය අඩු-වැඩි වීම
මන්දපෝෂණය යනු සාමාන්‍යයෙන් පෝෂණයේ සිදුවන අඩු , වැඩි වීමකි. පෝෂණය වැඩි වීම අධි පෝෂණය ලෙසත්, පෝෂණය අඩු වීම දුෂ් පෝෂණය වශයෙනුත් ව්‍යවහාර වේ. අධි පෝෂණයේදී ස්ථුලතාව, තරබාරු වීමත්, දුෂ් පෝෂණයේදී උස – බර අඩු වී යාමත් සිදු වේ.
දරුවාගේ වර්ධනය
දරුවකු ඉපදී අවුරුදු 02ක් යනතුරුම වයසට සරිලන බර සහ දිග කෙතෙක්ද යන්න මාසයෙන් මාසයට මැන බලයි. වයස අවුරුදු 02 සිට 05 තෙක් වයසට සරිලන උස , වයසට සරිලන බර මෙන්ම හිසේ වට ප්‍රමාණයද මැන සටහන් කරයි.
අවුරුදු 5 ට වැඩි අවුරුදු 19 දක්වා ළමයින්ගේ වයසට අනුව උස, ශරීර ස්කන්ධ දර්ශකය ලකුණු කෙරේ.
සාමාන්‍ය, මධ්‍ය සහ තීව්‍ර වශයෙන් මන්දපෝෂණයේ කොටස් තුනකි . ඒ අනුව දරුවකුගේ බර වර්ධන සටහනේ කොළ පැහැ තීරුවේ පවතී නම් බර සාමාන්‍ය වේ. ලා දම් තීරුවේ පවතී නම් අධි බරද, තද දම් තීරුවේ නම් ස්ථුලතාවද පෙන්වයි. තැඹිලි පැහැ තීරුවේ පවතී නම් බර අඩු වීමට පටන් ගෙන ඇත. මෙය මන්දපෝෂණය හඳුනා ගැනීමේ ප්‍රථම අදියරයි. බර පවතිනුයේ රතු පැහැ තීරුවේ නම් උසට සරිලන බර නොමැති අතර තීව්‍ර මන්දපෝෂණ තත්ත්වයක් වේ.
බර අඩු වීමට හේතු
දරුවාගේ බර අඩු වීමට විවිධ හේතු මුල් විය හැකියි. දරුවාගේ කෑම පිඟාන පෝෂ්‍යදායී ආහාරවලින් රහිත වීම, දරුවාට ඇති වෙනත් රෝගී තත්ත්වයක් නිසාවෙන්ද බර අඩු වීමට පිළිවන. එනම් මුත්‍රා අමාරු, ළමා හතිය වැනි රෝගවලට නිසි ප්‍රතිකාර නොගතහොත්ද මෙවන් තත්ත්ව ඇති විය හැකියි. ඒ වගේම දරුවා මවුපියන්ගෙන් අපේක්ෂිත ආදරය, කරුණාව,රැකවරණය නොලැබී යාමෙන්ද හෙතෙම වැඩීමෙන් හීන වේ.
පෝෂ්‍යදායී ආහාරයක්
අප ගන්නා ආහාරය පෝෂණීය වීමට නම් එහි ප්‍රධාන පෝෂක මෙන්ම ක්ෂුද්‍ර පෝෂකද අඩංගු විය යුතු වේ. එනම් කාබෝහයිඩ්ඩ්‍රේට්, ප්‍රෝටීන සහ ලිපිඩ ප්‍රධාන පෝෂක ලෙසත් විටමින් සහ ඛනිජ ලවණ ක්ෂුද්‍ර පෝෂකත් වේ.
විටමින් සහ ඛනිජලවණ
වර්තමානයේදී පාසල් හෝ පෙර පාසල් වයසේ පසුවන දරුවකුගේ ආහාරය තුළ ඉහත පෝෂක කොටස් සියල්ලම පාහේ අන්තර්ගතවී ඇතැයි සිතීම උගහටය. විටමින් ගැන කතා කිරීමේදී විටමින් ‘ඒ, බී, සී,ඩී, ඊ සහ කේ‘ ද සිරුරට අවශ්‍ය කෙරේ. අද අපේ රටේ සියයට 20ක් 30ක් අතර පිරිසක් යකඩ ඌනතාවෙන් පෙළේ. යකඩ ඌනතාව නිසා රක්ත හීනතාවද මේ වනවිට වර්ධනය වන තවත් රෝගී තත්ත්වයකි. ඒ වගේම කැල්සියම්, අයඩින් සහ සින්ක් ඌනතාද ඛනිජ ලවණ අඩු වීමෙන් හට ගැනේ. මෙම ඌනතාවන් මගින් වෙනත් රෝගාබාධවලද අපිව පහසුවෙන් ගොදුරු කරවයි.
රක්තහීනතාව
ඇඟේ ලේ වඩවන්න යකඩ අවශ්‍ය වන අතර යකඩ අඩු වීමෙන් රක්තහීනතාව ඇති වේ. දරුවා මලානික වීම, උදාසීන ගතිය, ඉගෙන ගැනීමේදී ඉතා ඉක්මනින් පාඩම් කරුණු අමතක වී යාම රක්තහීනතාවේ මූලික ලක්ෂණ වේ. මෙය ඇති වන්නේ ආහාර වේලට යකඩ අඩංගු ආහාර ඇතුළත් නොවීමෙන් හෝ යකඩ අඩංගු ආහාරවල යකඩ නිසි පරිදි අවශෝෂණය නොවීම යන කාරණා මතයි. ප්‍රධාන ආහාර වේල ගත් සැණින්ම තේ පානය කිරීමත් යකඩ අවශෝෂණය පමා කිරීමට හේතුවකි. ඒ වගේම තම්පලා, මුකුණුවැන්න, සාරණ, රතු කවුපි,කඩල වැනි ධාන්‍ය වර්ග, හාල්මැස්සො, බිත්තර කහ මදය වැනි ආහාර සැකසීමේදී පවා දෙහි බින්දු දෙක තුනක් දමා මිශ්‍ර කිරීම මගින්ද යකඩ පහසුවෙන් ඇඟට උරා ගැනේ.
යකඩ පෙති සහ සිරප්
යම් කෙනකු යකඩ පෙති සහ සිරප් භාවිත කරයි නම් ආහාර ගැනීමට පැයකට ප්‍රථමව හෝ ආහාර ගෙන පැය 02කට පසු ගත යුතුයි. එසේ නැතිව ආහාරය ගත් විගසම ගතහොත් යකඩ අවශෝෂණය අඩු වේ. වෛද්‍ය නිර්දේශය මත යකඩ පෙති හෝ සිරප් ලබා ගැනීම අඛණ්ඩව කරගෙන යා යුතු අතර අතරමඟ නවතා දැමීමෙන් සිරුරේ යකඩ සංචිතයද අඩු වී යයි.
ළමයින් අතර විටමින් ‘ඩී‘ හිඟයක්
දරුවන් අතර විටමින් ‘ඩී‘ ඌනතාවද පැහැදිලිවම දැකිය හැකිය. හිරු එළිය හොඳින් ලැබිලත් දරු පරපුර විටමින් ‘ඩී ‘ ඌනතාවෙන් පෙළෙනුයේ නිවසින් පාසලටත් , පාසලින් අමතර පන්තියේ වායු සමීකරණ කුටියටත් හිරවනවා මිස හිරු එළියට නිරාවරණය නොවන නිසාවෙනි. එබැවින් පාසල් වෙලාව තුළවත් ටික වේලාවක් දරුවන්ට ක්‍රීඩා කිරීමට ලබා දීම, එළිමහනකදී සරල ව්‍යායාමයක යෙදවීම වැනි ක්‍රියාකරකම් දෛනිකව සිදු කළ හැකියි.
කැල්සියම් ඌනතාව ඇති වුවහොත්
හැදෙන වැඩෙන දරුවන්ට සිරුරට නිසි පරිදි කැල්සියම් නොලැබී යාමෙන් අතපය බකල් වීම, දත් අස්ථි දුර්වල වීම පැහැදිලිවම දැකිය හැකියි. මුරුංගා කොළ, හාල්මැස්සන්, බිත්තර සේම පලතුරක් ලෙස දිවුල්වලද කැල්සියම් අන්තර්ගතවේ. අපේ දෛනික ආහාර වේලෙන් යකඩ, කැල්සියම්,ප්‍රෝටීන දිගින් දිගටම මඟ හැරීම අනාගත පරපුර නිරෝගී වීමට ඇති ඉඩකඩ ඇහිරීමකි. සිරුරට කාබෝහයිඩ්ඩ්‍රේට්ද අවැසි අතර එය අපේ රටේ බහුතරයක්ම සීමාව ඉක්මවා ලබා ගනිති. පාන්,රොටි, පිට්ටු ආප්ප වැනි දෑට හුරුවීමටත් එබඳු ආහාර නිතර භුක්ති විඳීමටත් දරුවන් පවා කැමැතිය.
ප්‍රෝටීන ඌනතාව වලක්වා ගනිමු
අඩු ආදායම් ලාභී පවුල්වල ගැබිණි මවුවරු තමන්ගේ ආහාරය ගැන විශේෂයෙන් සැලකිලිමත්විය යුතු කාලයකි. අධික මිල මුදල් ලබා දී ආහාර මිලට ගැනීම නොව තම ගෙවත්තේ වැවෙන පෝෂණීය එළවළු සහ නැවුම් පලතුරුවලින් ආහාර වේල පූරණය කර ගත යුතු කාලයකි. ගැබිණි මවක් තම ආහාර වේල ගැන නිසි සැලකිල්ලක් නොදක්වා කුමන හෝ දෙයකින් කුස පුරවා ගෙන කෑම වේල් මඟ හරී නම් කුසේ සිටින දරුවාද මන්දපෝෂණයෙන් පෙළීමට පුළුවන. අඩු බර දරු උපත් මෙකී කරුණ සනාථ කරවයි.
B12 ඌනතාව ගැන දැනුම්වත් වෙමු
වෙජිටේරියන් කාණ්ඩයේ අය වුවද කිරි පානය මගින් B12 ඌනතාව මඟහරවා ගත යුතු වේ. කිරි, මී කිරි සහ යෝගට්වල B12 ඇතුළත් අතර ස්නායු පද්ධතියේ වර්ධනයට, ලේ වඩවන්න
B12 අත්‍යවශ්‍ය වේ. පසුගිය කොවිඩ් වසංගත කාලයෙහි ගැබිණි මවුවරු සායනවලට නොපැමිණීමත් ෆෝලික් ඇසිඩ් නොගැනීමත් නිසා අනාගතයේදී ඉපදීමට සිටින දරුවන්ට සංකූලතා ගෙනදිය හැකියි.
විටමින් ඌනතා මොනවාද?
විටමින් ‘ඒ‘ අඩු වීමෙන් ඇස්වල පෙනීම දුරුවල වීම,කැස්ස ඇති වීම,නිතරම පාහේ අසනීපවලට ගොදුරු වීම දැකිය හැකියි. කහ පැහැති එළවළු සහ පලතුරුවල විටමින් ‘ඒ‘ අන්තර්ගතයි. කහ බතල, ගස් ලබු, අඹ විටමින් ‘එ‘ සඳහා නිදසුන්ය. ඒ වගේම විටමින් ‘එ‘ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුවහොත් ‘කැරොටිනීමියාව‘ තත්ත්වය හට ගැනේ. එය අත් පා කහ පැහැ වීමකි.
මන්දපෝෂණය වලක්වා ගන්නට නම්
ගර්භනී කාලයේදී මවගේ පෝෂණය සේම දරුවා බිහිවූ දා සිට බිළිඳාගේ පෝෂණයද අතිශය වැදගත්ය. ඒ අනුව දරුවකු ඉපදී මුල් මාස 06 වනතුරු මවුකිරි ලබා දිය යුතු අතර එය ප්‍රමාණවත් වේ. මවු කිරිවල ජලය සේම ප්‍රධාන පෝෂක , ක්ෂුද්‍ර පෝෂක සියල්ලම අන්තර්ගතයි. මාස 06න් පසු අමතර ආහාර හඳුන්වා දීමත් ඒ අතරට මවු කිරි ලබා දීමත් කළ හැකියි. බත් ටිකක්, පළා වර්ගයක්, පරිප්පු, හාල්මැස්සො, බිත්තර, රතු කවුපි ,මුං,කඩල වැනි වැනි ඇට වර්ගයක් හඳුන්වා දිය හැකියි. පලතුරු වර්ගවලට ගස් ලබු, අඹ,කෙසෙල් පමණක් නොව පේර,දූරියන්, ජම්බු,නමිනං වැනි අපේරටේ වැවෙන එළවළු පලතුරු වර්ග කෙමෙන් කෙමෙන් හඳුන්වා දෙන්න. හැමදේම දරුවාට ක්‍රමවත්ව හුරු කිරීම තුළ කුඩා දරුවන් ආහාරවලට ප්‍රිය කිරීමත් , ආහාර සම්බන්ධයෙන් දක්වන අසාත්මිකතා අවම වීමත් සිදු වේ. මේ අතර මාස 10ක් අවුරුද්දක් යනතුරු දුවන්ගේ ආහාරවලට ලුනු නොදැමීමත්, අවුරුදු 02ක් යනතුරු සීනි භාවිතයටත් දරුවන් හුරු නොකරවන්න. අවුරුදු 02න් පසු මවුකිරි නවතා දැමුවද අමතර ආහාර හඳුන්වා දී ඇති නිසා සැබැවින්ම පිටි කිරි ලබා දීමට අවශ්‍යම නැත. ඒ වෙනුවට දියර කිරි ලබා දිය හැකියි.
රටේ ආර්ථික පසුබෑම මත හැම දරුවකුටම පෝෂණීය කෑම වේලක් ලබා දීම දුෂ්කර කාර්යයක් බව දනිමු. හැම පවුලකම දරුවන්ට තෝර මාළු කෑමට වත්කමක් නොමැති වුවද හාල්මැස්සන් වැනි කුඩා මාළු වර්ග මුළු පවුලටම අනුභව කළ හැකියි. කොස්,දෙල්,පොළොස් ,අල,බතල සේම කොස් ඇටවලත් අපි නොසිතන පෝෂණීය ගුණයක් ඇතුළත්ය. අපේ රටේ වැවෙන ඕනෑම එළවළුවක්, පලතුරක් ,පළා වර්ගයක් නොබියව දරුවාට ලබා දෙන්න. වැඩි මිල ගණන් යටතේ ලබා ගන්නා විස රසායනික යෙදූ දෑවලට වඩා ඔබේ ගෙවත්තෙන් පහසුවෙන්ම පෝෂණීය ආහාර වේලක් සකසා ගැනීමට උත්සුක වන්න.
-සටහන- මාධවී ධර්මරත්න
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
මන්දපෝෂණයෙන් තොර නිරෝගී දරු පරපුරක්