කොවිඩ්-19 ගෝලීය වසංගතය අපේ දෛනික ජීවිතවලට කළ බලපෑමත් සමඟ ජනතාවගේ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක්ම පැණ නැගිණි. මානසික සෞඛ්‍යය ගැන කතිකාවත ඇරැඹීමත් සමඟම බොහෝ දෙනා ඒ ගැන උනන්දු වීමටද පටන් ගත්හ.
රටේ දැනට හට ගෙන ඇති අර්බුදකාරී වාතාවරණය සහ අසන්නට ලැබෙන ව්විධ සිදුවීම් ඔස්සේ මේ හා බැඳුණු විවිධ අදහස් සහ සංවාද වරින්වර පැනනගින අයුරුද දකින්නට පුලුවන්. ඒ අතරින් වඩාත්ම සුලබව කතාබහට ලක්වන මෙන්ම වැදගත් මාතෘකාවක් වන මානසික ආතතිය පිළිබඳවයි මේ සටහන.
මානසික ආතතිය කියන්නේ
සරලව කිවහොත් මානසික ආතතිය (Stress) යනු යම්කිසි පීඩාකාරී තත්ත්වයකට අප දක්වන ප්‍රතිචාරයකි. අපට මුහුණදීමට සිදුවන විවිධ තත්ත්ව හෝ ජීවත්වීමේ දී අත්විඳීමට සිදුවන නොයෙකුත් ආකාරයේ සිදුවීම් නිසා මෙම තත්ත්වය ඇතිවන්නට පුලුවන්. බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවන අවස්ථාවලදී සහ තත්ත්වය තවදුරටත් තමන්ගේ පාලනයෙන් තොරව හැඟෙන මොහොතක මෙලෙස පුද්ගලයෙකු ආතතියට පත් වීමට වැඩි ඉඩකඩක් පවතී.
ආතතියට මඟ කියන හේතු
ඒ අනුව සමීපතමයෙකුගේ මරණයකදී, තරග විභාගයකට හෝ සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමේ දී, ආදර සබඳතාවක් බිඳවැටීමේ දී, රැකියාවේ ගැටලුවක දී හෝ එය අහිමි වූ අවස්ථාවක දී, අධික කාර්යබහුල තත්ත්වයක දී ඊට මුහුණ දෙන්නන් දක්වන ප්‍රතිචාරයද එකිනෙකට වෙනස්ය. ඒ ප්‍රතිචාරවල විවිධත්වයට අපට ආරෙන් ලැබුණු ලක්ෂණ, මෙයට පෙර මුහුණදුන් ජීවන අත්දැකීම්, පෞරුෂය වැනි කාරණාද අදාල වේ. අභියෝගයට මුහුණදෙමින් එය ජයගන්නට හෝ තත්ත්වය යම් තරමකට හෝ දරාගන්නට මෙම ස්වභාවික ප්‍රතිචාරය යම් තරමකට පැවතීම ඇතැම්විට උපකාරී වුවත්, එය පමණ ඉක්මවා ගිය විට ඇතිවන්නේ හානිකර සහ අවාසිදායක තත්ත්වයකි.
ආතතිය සහ අවපීඩනය කියන්නේ දෙකක්
ඇතැම් අය මේ ආතතිය (Stress), මානසික අවපීඩනය (Depression) සහ වියෝ දුක ( Grief) එකක් ලෙස වැරදියට වටහාගෙන ඇත. මානසික අවපීඩනය (Depression) ලෙස හැඳින්වෙන්නේ නොපමාව ප්‍රතිකාර සහ උපකාර අවැසිම මානසික රෝගයකි., වියෝ දුක ( Grief) ලෙස හැඳින්වෙන්නේ තමන්ගේ ආදරණීයකුගේ වියෝව හෝ මාරාන්තික අසනීප තත්ත්වයක් පිළිබඳව දැනගැනීම හේතුවෙන් ඇතිවියහැකි ඉතාම ප්‍රබල ශෝකාකූල හැඟීම්බර තත්ත්වයකටයි.
ආතති කළමනාකරණය
ජීවිතයේ නොයෙක් අවස්ථාවල අප කරා එන ආතතිය, කලමණාකරණය කරගැනීමේ හැකියාව වැදගත් ජීවන නිපුනතාවක්. මේ සඳහා විවිධ ක්‍රමවේද භාවිත කළ හැකිය. හැකි උපරිමයෙන් ව්‍යායාම සහ ශාරීරික වශයෙන් ක්‍රියාශීලී ජීවන රටාවකට යොමුවීම, මුළුමනින්ම පාහේ අක්‍රියව නොසිට ඔබගේ ආතතියට හේතුවන ගැටලුවට කළ හැකි පිළියම් වෙත යොමු වීම සහ එහිදී අන් අය නොව ඔබ සතුටුවන විසඳුම්වලට මූලිකත්වය ලබාදීම, විශ්වාසනීය සමීපතමයන් /මිතුරන් ඇසුර, ඔබටම වෙන්වූ කාලයක් දෛනිකව ගතකිරීම සහ ඔබ මෙන්ම දුෂ්කර වකවානුවක් ගතකරන අන් අයට හැකිතාක් උදව් උපකාර කිරීමට යොමුවීමත් ඔබගේ ආතතිය යම් තරමකට සමනය කරගැනීමට උපකාරී වේ. හැකිතාක් ධනාත්මක ආකල්ප පවත්වා ගන්නා අතරේ, ඇතැම් දෑ අපගේ පාලනයෙන් තොරබව ඒ ආකාරයෙන් පිළිගැනීමත් කළ යුතු වේ.
අපට ඔරොත්තු දෙන සීමාව
කෙසේ වුවත් අප එකිනෙකාගේ ඔරොත්තු දිය හැකි සීමාවන් විවිධයි. ඒ නිසා කවර වයසක පසු වුවද, කුමන රැකියාව කළත්, මොන අධ්‍යාපන මට්ටමේ සිටියත්, ස්ත්‍රී පුරුෂ භාවය කුමක් වුවත් අපට පීඩාකාරී මට්ටමින් ආතතිය ඇතිවන්නට ඕනෑම අවස්ථාවක ඉඩකඩ ඇත. එමෙන්ම එක් අයෙකුට ඉතා පහසුවෙන් මුහුණදිය හැකි ගැටලුවක් තවත් කෙනෙකුට ඉතා දරුණු මානසික පීඩාවක් ඇතිකරන්න ඉඩ පවතී.
ආතතියෙන් පෙළෙන බවට සංඥා
හිසරදය, කැරකැවිල්ල, මස් පිඩු තද වීම, මස්පිඩු වේදනාව, උදරයෙ අපහසුතාවන්, පපුවේ වේදනාව, වේගවත් හදගැස්ම සහ ලිංගික ගැටලු යනාදිය සුලබ ශාරීරික රෝග ලක්ෂණ වේ. අවධානය පවත්වා ගැනීමේ අපහසුතාව, තීරණ ගැනීමේදී ඇතිවන අපහසුතාව, අධික හැඟීම්බර ස්වභාවය, නිරන්තරයෙන් ඇතිවන කනස්සල්ල සහ නිතර අමතක වෙන සුළු ස්වභාවය යනාදිය ආතතියේ සුලබ මානසික ලක්ෂණ ලෙස හැඳින්විය හැකියි.
මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයෙකුගේ හැසිරීමේ විවිධ වෙනස්කම් ඇති විය හැකියි. බොහෝ විට ඔහුගේ හෝ ඇයගේ සමීපතමයෙකුට මේ වෙනස්කම් ඉතා සියුම් වුවත් හඳුනා ගැනීමේ ඉඩකඩක් ඇත. මානසික ආතතිය හේතුවෙන් ඇතිවීමට ගිය ඇතැම් ඛේදවාචක සමීපතමයන්ගේ විමසිලිමත් බව නිසා වළක්වාගත හැකි වූ අවස්ථා පිළිබඳ සිදුවීම් අප අවට පරිසරය නිතර දකින්නට ලැබෙන්නේ ඒ නිසායි. සුළු දේටත් කේන්ති ගැනීම, කලබලකාරී බව, නින්ද ඉතා අධික හෝ ඉතා අඩු බව, ඉතා අධිකව හෝ ඉතා අඩුවෙන් ආහාර ගැනීම, අසාමාන්‍ය ලෙස ඇතැම් ස්ථාන සහ පුද්ගලයන් මගහැර සිටීමට උත්සාහ කිරීම, අධික ලෙස දුම් හෝ මත්පැන් පානයෙහි යෙදීම වැනි ලක්ෂණ ආතතියෙන් පෙළෙන පුද්ගලයන් වෙතින් නිතර පිළිබිඹු කෙරේ.. මෙකී ලක්ෂණ ආතතිය හැරුණු විට වෙනත් කායික මානසික රෝගවලදීද ඇති විය හැකි බැවින් රෝග තහවුරුව නිවැරැදි වීම අත්‍යවශ්‍ය වේ.
උපකාරක සේවා අවැසි මොහොතක්
මෙවැනි තත්වයක ඔබ හෝ ඔබේ සමීපතමයෙකු සිටීනම් ඔවුන් කඩිනමින් අදාළ උපකාරක සේවාවන් වෙත යොමු කරන්න. ආතතිය හෝ වෙනත් ඕනෑම මානසික ගැටලුවක් පිළිබඳව විමසීම සඳහා 1926 - ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව ඇමතීමටද හැකිය. ඊට අමතරව රයෛ් රෝහල්වල ඇති මානසික සෞඛ්‍ය සායනවෙත සහභාගී වන්න.
මත්පැන්, දුම්වැටි හෝ මත් ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙන්න. මෙයට අමතරව ඇතැම් අය ආතතිය සමනය කරගැනීමේ බලාපොරොත්තුවෙන් අධික ලෙස කැෆේන් අඩංගු පාන භාවිත කරයි. කෝපි / කෝලා / කැෆේන් සහිත ශක්තිජනක පාන නිතර ගැනීමත් සෞඛ්‍යයට අහිතකර වේ.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර් යාංශයේ තොරතුරු ඇසුරිණි)
-සටහන- මාධවී ධර්මරත්න
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
මානසික ආතතියෙන් මිදීමේ මඟ