දැනට රටේ පවතින අර්බුදකාරී තත්ත්වය නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම ඖෂධවලද දැඩි හිඟතාවක් ඇති බවට මේ වනවිට සියලුම දෙනා දැනුම්වත්ව ඇති බව දනිමු. මෙවන් අභියෝගාත්මක අවස්ථාවක වළක්වාගත හැකි සෞඛ්‍ය ගැටලු හැකි උපරිමයෙන් දුරු කර ගැනීමද කාලය අනුව යෝචිත උපක්‍රමයකි.
ඒ අනුව මේ මොහොතේ බොහෝ දෙනා අතර කතාබහට ලක් වී තිබෙන ජලභීතිකා රෝග අවදානම අවම කරගැනීමට අපට ගත හැකි වැදගත්ම ක්‍රියාමාර්ගයක් ගැන අපි අද කතා කරමු.
ජලභීතිකාව වැළඳෙන්නේ , රේබීස් නම් වයිරසය ආසාදිත බල්ලන්, බළලුන්, ලේනුන්, වඳුරන් සහ වවුලන් වැනි ක්ෂීරපායී සතුන් විසින් පුද්ගලයන්ව සපා කෑමෙනි. එලෙස ශරීරයට ඇතුළු වූ වයිරසය රෝගියාට ලබාදෙන එන්නත් මාත්‍රා මාලාවක් මගින් අඩපණ කිරීම සිදු නොවන අවස්ථාවක තව තවත් ගුණනය වෙමින් මොළය හා සුසුම්නාව වෙත ගමන් ගනී. මෙහිදී ස්නායු පද්ධතිය අඩපණ කර දැමේ. රෝග ලක්ෂණ ඇති වීමට දින පහත් අවුරුදු දෙකත් අතර කාලයක් ගත වීමට හැකියි. රෝග ලක්ෂණ ඇතිවී දින කිහිපයක් ඇතුළත රෝගියා මරණයට පත්වීම මෙහි ඇති භයානක මෙන්ම සෝචනීය තත්ත්වයයි.
මාරාන්තික ජලභීතිකා රෝගය පැතිරීම වළක්වාගැනීමට මේ මොහොතේ ඔබේ නිවසේ සුරතලා ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. සුරතල් සතුන් සඳහා ලබා දෙන ජලභීතිකා වළක්වන එන්නත් තවමත් පශු වෛද්‍ය සේවාවන් හරහා ලබාගත හැකි නිසා හැකිතාක් ඉක්මනින් ඒ සඳහා යොමු වීම වැදගත්ය.
නිවසේ සිටින සූරතල් සතුන්ට මූලික ජලභීතිකා එන්නතට පසුව වාර්ෂිකව ලබා දිය යුතු බූස්ටර් ජලභීතිකා මර්ධන එන්නත් මාත්‍රාද නිසි කලට ලැබී ඇති බවට වගබලාගත යුතු වේ.
සුරතල් සතුන්ගේ ජලභීතිකාවට එරෙහි ප්‍රතිශක්තිය යාවත්කාලීන කරන අතරතුරේම සතුන් දඩාවතේ යෑම වළක්වාගැනීමත් කළ යුතු අනෙක් කරුණයි.
ජලභීතිකාව බෝ වීමට හැකි එකී අවදානම සහිත සතුන්ගේ සපාකෑම් වළක්වා ගැනීමට සියලු ක්‍රියාමාර්ග ගැනීම ඉතාම වැදගත්වේ.
වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවනුත් මේ මොහොතේදී ආරක්ෂා කර ගැනීම පුරවැසි යුතුකමද වේ.
මේ දුෂ්කර අවස්ථාවේ, අප සියලු දෙනා එකාවන්ව ඉහත කී නිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ පුරවැසි යුතුකම ඉටු කළ යුත්තෙමු. එවිට ඔබේත් ඔබේ පවුලේ සමීපතමයන්ගේත් මෙන්ම ඔබේ අසල්වැසියන්ගේත් ජීවිත, ජලභීතිකාවෙන් එල්ලවිය හැකි මාරාන්තික තත්ත්වයෙන් ගලවාගැනීමට හැකි වනු ඇති.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබා දුන් විස්තර ඇසුරෙනි.)
-සටහන- මාධවී ධර්මරත්න
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
මාරාන්තික ජලභීතිකාව වලක්වා ගනිමු