IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


මුලින් හැඳුනා ගැනීමෙන් පිළිකාව පරදන මග

(උපදෙස් - කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය  පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලත්) 

පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි  රෝගයකි. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග හැරෙයි... සමහරවිට ඉතා බරපතළ තත්ත්වයට පත්ව මිය යාමට වුව සිදු වේ.

පිළිකාවක් හැදෙන්නේ මෙහෙමයි 
පිළිකාවක් ලෙස හඳුනාගන්නේ සිරුරේ ඇති සාමාන්‍ය සෛලවල සිදුවන අසාමාන්‍ය වර්ධනයක්. . එය වසාවාහිනී සහ රුධිරවාහිනී හරහා මුළු සිරුර පුරාම පැතිරෙනවා. එහෙත් එම අසාමාන්‍ය සෛල වර්ධනය මුලදි හඳුනාගෙන එය එතැනදීම විනාශ කිරීමකට ලක් කළහොත් පිළිකාව සියයට සියයක්ම සුව කරගත හැකියි.


ඕනෑම කෙනෙකුට හැදෙන්න පුළුවන්ද?
පිළිකාව උණ, හෙම්බිරිස්සාව වගේ එක්වරම හැදෙන රෝගයක් නොවෙයි. ඒ සඳහා කාලයක් ගතවෙනවා. ඊට හේතුව පිළිකා සෛල කාලයක් තිස්සේ සිරුරේ වැඩී ඉන්පසු රෝග ලක්ෂණ මතු කිරීමයි. පිළිකාවක් ඕනෑම වයසක, ඕනෑම තරාතිරමක සිටින පුද්ගලයෙකුට වැලඳිය හැකියි.. එහෙත්  පිළිකාකාරකවලට නිතර නිරාවරණය වන, පිළිකා කාරක ආහාර නිතර ගන්නා, පවුලේ පිළිකා ඉතිහාසයක් ඇති, ප්‍රතිශක්තිකරණය අඩු, වයසින් වැඩි පුද්ගලයින්ට පිළිකාවක් වැලඳීමේ අවදානම ටිකක් වැඩියි..

රුවන්ට පිළිකා වැලඳීමේ අවදානම අඩුයි. එහෙත් වයස අවුරුදු  45 - 50 වයසේ පසුවන පුද්ගලයින් පිළිකාවට ගොදුරුවීමේ අවදානම ඉහළ යමින් තිබෙන අතර මේ නිසා දරුවන්ට මවුපියන් අහිමිවීමේ ඛේදවාචකය පමණක් නොවෙයි රටක වැඩ කළ හැකි පිරිස රෝගීන් වීමේ ආර්ථික පරිහානියටද මුහුණදීමට සිදුව තිබෙනවා. 

පිළිකා හඳුනාගත හැකි ඉඟි 

පියයුරු පිළිකා 

රට කාන්තාවන්ගෙන් අට දෙනෙකුගෙන් ඒ අයෙකුට පියයුරු පිළිකාවක් ඇතිබවට නවතම තොරතුරුවල සඳහන් වෙනවා. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. එහෙත් පියයුරු පිළිකාව කලින් හඳුනාගත හැකි බැවින් නිට්ටාවටම සුව කර ගැනීමේ හැකියාවද පවතිනවා. තරුණ වයසේ කාන්තාවකගේ නම් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්‍ෂණයකින් පියයුරු පිළිකාව හඳුනාගත හැක අතර අවුරුදු 45 න් පසු කාන්තාවකගේ නම්  මැමෝග්‍රම් පරීක්‍ෂණය ඊට යොදාගත හැකියි. මෙහි ඇති වාසිය අතින් අල්ලා සොයා ගන්නවාට වඩා වසර තුනකට පමණ කලින්  පිළිකාවක් ඇතැදිය සොයා ගැනීමට හැකිවීමයි. 

එමෙන්ම පියයුරු පිළිකාව මුල් අවස්ථාවේ හඳුනා ගැනීමේන ඉතා කෙටි කාලයක් තුළ සුව කරගත හැකි අතරම පියයුරු ඉවත් කිරීම ආදියද වළක්වාගත හැකියි. පියුරේ ගැටිත්තක්, සමේ ගනවීමක්, රතුවීමක්, දොඩම් ලෙල්ල වැනි පෙනුමක්, තන පුඩුව ඇතුළට නෙරායාම, තුවාලයක්, දියර පිටවීම ආදී ලක්ක්‍ෂණයක් දුටු වහාම කල් නොදමා වෛද්‍යවරයකු හමුවීම වඩාත් හොඳම තීරණය යි. 

මුඛ පිළිකා 

මුඛ පිළිකා ඇතිවීමේ ප්‍රධාන හේතුව දුම්පාිනය සහ විට කෑමයි. මුඛයේ සුදු, කහ,රතු, කළු ආදී වර්ණයකින් පැල්ලමක්, තුවාලයක්, සමේ වෙනසක්, ගැටිත්තක් දුටු වහාම පමා නොකර පවුලේ වෛද්‍යවරයාට හෝ පෙන්වනන්. 

ස්වරාලයේ පිළිකා 

කටහඩේ වෙනස්වීමක්, කතා කිරීමේ හෝ ගිලීමේ අපහසුතාවක් ඇතිවුවහොත් එය ස්වරාලයේ පිළිකාවක් නිසා වෙන්න පුළුවන්. එහෙම වෙනසක් දැනුණු ගමන් “සෙම වෙන්න ඇතැ”යි කියා  වෙදකම් නොකර වෛද්‍යවරයෙක් හමුවෙන්න. 


සමේ පිළිකා 
සමේ පිළිකා අපේ රටේ ටිකක් දකින්න අඩුයි. ඊට ප්‍රධාන හේතුව අපේ  කළු පැහැ සමයි. එහෙත් සමේ තිබෙන පැල්ලමක හදිසි වෙනස්වීමක් (ලේ ගැලීම, පැහැය වෙනස්වීම, තුවාලවීම, ප්‍රමාණය විශාලවීම) දුටුවොත් නම් බලාගෙන ඉන්න නරකයි. හොඳම විසඳුම ඉක්මනින් වෛද්‍ය උපදෙස් ගැනීමයි. 

පෙණහලු පිළිකා
පෙණහැල්ලේ ඇතිවන පිළිකා සොයා ගැනීම තරමක් අසීරුයි. එහෙත්  කාලයක් පවතින කැස්ස, ලේ  වමනය, ආහාර අරුචිය, බර අඩුවීම, අසාමාන්‍ය වෙහෙස සහ හතිය පෙණහැල්ලේ පිළිකාවක් වර්ධනය වනබවට ඉඟි සපයනවා වෙන්න පුළුවන්.  

බඩවැල් පිළිකා 
මළපහ කිරීමේ පුරුද්දේ වෙනසක් (මළපහ පිට කරන වෙලාවේ වෙනසක්, දිනකට කිහිපවතාවක්) එක්වරම සිදු වුණොත් එය සුළුවෙන් තකන්න එපා. ඒවගේම එක්වරම දින ගණන් මළ පහ පිට නොවීම, මළපහ සමග රුධිරය හෝ සීදම් පිටවීමත් බඩවැල් පිළිකාව් ලක්ෂණයක්. 

මුත්‍රාශයේ පිළිකා
මූත්‍ර සමග රුදිරය පිටවීම, මුත්‍ර දැවිල්ල ආදිය ඇත්නම් එය මූත්‍රාශය පිළිකාවට ගොදුරු වී ඇතිබවට ඉඟියක් සපයනවා. 

ගර්භාෂ පිළිකා 
පිළිකාව වැඩිපුරම දක්නට ලැබෙන්නෙ මැදිවියේ සහ මැදිවිය ඉක්ම වූ කාන්තාවන් අතරයි. ළමයින් නොලද හෝ ළමයින් අඩු සංඛයාවක් ලැබූ කාන්තාවන්ද ඊට අවදානම් පිරිස අතර සිටිනවා. අක්‍රමවත් ලේ වහනය හෝ ආර්තවහරණයෙන් පසු ඇතිවන ලේ වහනය  මෙහි ප්‍රධාන රෝග ලක්ෂණයි. එබැවින් අක්‍රමවත් රුධිරවහනය කාටවත් නොකියා සිටිය යුතු රහසක් නෙවෙයි. ඉක්මනින් ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්. 

ගැබ් ගෙල පිළිකා 
ගැබ්ගෙළ පිළිකාවේ ප්‍රධාන ලක්ෂණය වන්නේද අක්‍රමවත් රුධිරවහනයයි. ඊට අමතරව යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයක් පිටවීම, ලිංගික එක්වීමෙන් පසු රුධිරවහනය ත් ඇතිවිය හැකියි. ගැබ්ගෙල පිළිකාව කලින් හඳුනා ගැනීමට ඇති ප්‍රධාන ක5මය පැප් පරීක්‍ෂණයයි. වයස අවුරුදු 35ට වැඩි ඕනෑම කාන්තාවකට ගමේ සුවනාරී සායනයෙන් නොමිලේ පැප් පරීක්‍ෂණයක් සිදුකරගත හැකි අතර ගැබ්ගෙල පිළිකාවෙන් මිදීමට ඇති හොඳම මග එයයි. 

ප්‍රතිකාර කරන හැටි 
පිළිකාවට ප්‍රතිකාර ක්‍රම 3 ක් යටතේ සිදු කෙරෙනවා. එනම්,
ශල්‍යකර්මයක් මගින් පිළිකාව ඉවත් කිරීම
බෙහෙත් පෙති හෝ කෙමෝ තෙරපි මගින් පිළිකා සෛල විනාශ කිරීම
විකිරණ ප්‍රතිකාර 
ශල්‍යකර්ම 
අද වනවිට පිළිකා රෝගියකු ශල්‍යකර්මයට භාජනය කරනුයේ  අත්‍යවශ්‍යම නම් පමණයි. ඊට මෙහා කෙමෝ හෝ විකිරණ ප්‍රතිකාරවලින් සුව කළ හැකි නම් ශල්‍යකර්මයක් සඳහා යාම අඩුයි. 
කෙමෝ ප්‍රතිකාර 
පිළිකාවක් සුව කිරීමට කෙමෝ ප්‍රතිකාරය ඉතා  සාර්ථක ක්‍රමයක්. එම ප්‍රතිකාරය සිදු කරන කාලයේදී හිසකෙස් ගැලවී යාම දක්නට ලැබෙන අතර මේ නිසාම සමහරු මෙම ප5්‍රතිකාරයට යොමුවීම අකමැත්තක් දක්වනවා. බොහෝ රෝගීන් සිතන්නේ එය ඉතා අපහසු ප්‍රතිකාර ක්‍රමයක්බවයි. එහෙත්  යම් අපහසුතා ඇතිවුණත්  එය පව.ින්නේ ඉතා කෙටි කාලයකට පමණයි. ප්‍රතිකාර අවසන්වීමත් සමග හිසකෙස් පවා නැවත ඉතා හොඳින් වැඩෙනවා. මේ නිසා කොමෝ ප්‍රතිකාර ප්‍රමාද කිරිම නම් නොකළ යුත්තක්. 

විකිරණ ප්‍රතිකාර 
මෙම ප්‍රතිකාරය බොහෝදෙනා හඳුන්වන්නේ ‘කර්න්ට් ඇල්ලීම’ ලෙසයි. ශරීරයේ පිටත සිට පිළිකාව අති ස්ථානයට ඉලක්ක කර විකිරණ කදම්භ යොදා පිළිකා සෛල විනාශ කිරීම මෙහිදී සිදු කෙරෙනවා. මෙය වේදනාකාරී ප්‍රතිකාරයක් නොවන අතර යම් යම් සංකූලතා ඇති වුවහොත් ඒවා මගහැරවීමට සාර්ථක ප්‍රතිකාර ක්‍රම අනුගමනය කෙරෙනවා. විකිරණ ප්‍රතිකාර පිළිබඳ බොහෝදෙනා අතර තිබෙන මිත්‍යා මතවල සත්‍යතාවක් නැහැ.  

රටපුරා පිළිකා මධ්‍යස්ථාන රැසක්
පිළිකාව කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන වගේම ප්‍රතිකාර මධ්‍යස්ථානද රට පුරාම ස්ථාපිත කර තිබෙනවා. යාපනය, අනුරාධපුර, බදුල්ල, මහනුවර, කරාපිටිය, රත්නපුර ආදී රෝහල් රැසක පිළිකා කලින් හඳුනා ගැනීම, පරීක්‍ෂණ පැවැත්වීම, ශල්‍යකර්ම, විකිරණ සහ කෙමෝ ප්‍රතිකාර ආදී සියලු ප්‍රතිකාර සිදු කෙරෙනවා. ඒ සෑම රෝහලකම පිළිකා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලයක් ද සේවයේ නිරතව සිටිනවා. 

එබැවින් පිළිකාවක් වැලඳුණු විට  ප්‍රතිකාර ගැනීම සඳහා දුරුකතර ගෙවාගෙන මහරගම අපේක්‍ෂා රෝහලටම පැමිණිය යුතු නැහැ.
පිළිකාවක් යනු  දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග තරම් භයානක නැහැ. අප එසේ කියන්නේ එම රෝග නිට්ටාවට සුව කළ නොහැකි නිසයි. කළ හැක්කේ  පාලනය කිරීම පමණයි. එහෙත් පිළිකාව කලින් හඳුනා ගැනීමෙන් නිට්ටාවටම සුව කරගත හැකියි. ඒ සඳහා අවශ්‍ය ඔබේ සෞඛ්‍යමත් දිවි පැවැත්ම සහ විමසිල්ලයි. 

(උදේශිකා නෙලුම්දෙනිය) 
  



අදහස් (0)

මුලින් හැඳුනා ගැනීමෙන් පිළිකාව පරදන මග

ඔබේ අදහස් එවන්න

 

 
 

සුව දිවියට අත්වැලක්

දැන දැන වැරදි කළාම හැදෙන හෘදයාබාධ
2025 ජනවාරි මස 22 2430 2

වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික



සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව
2024 ඔක්තෝබර් මස 01 1260 0

වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන


අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව
2024 අගෝස්තු මස 28 1645 0

ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?


පියකරු මුහුණක් - සිතට සතුටක්
2024 මැයි මස 31 1183 0

මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න


වයස අවු. 40 ට වැඩි නම් ප්‍රෙෂර් බලාගන්න
2024 මැයි මස 06 2328 1

වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 81 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 684 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 752 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site