මීට පෙරාතුව මැලේරියාව තුරන් කළ රක් ලෙස ලංකාව හැඳින්වුවද වත්මන විට මැලේරියා රෝගීහු වාර්තා වීමට පටන් ගෙන ඇත. මෙම සවිස්තරාත්මක ලිපිය ඒ ගැනයි.
මැලේරියාව නම් රෝගී තත්ත්වය අතීතයේදී හඳුන්වා ඇත්තේ කැලෑ උණ නමිනි. වර්ෂ 1934 - 35 දරුණුම මැලේරියා වසංගත කාලයයි. එකලදී වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 82,000කි.
එම වසරේ උපත් අනුපාතිකයට වඩා මරණ අනුපාතිකය ඉහළ අගයක් විණි. පසුව ක්‍රම ක්‍රමයෙන් මදුරු මර්දන රසායන ද්‍රව්‍ය භාවිතයෙන් මැලේරියා තත්ත්වය පාලනය කර ගත යැකි විණි. එසේම 2012න් පසු මැලේරියාව දේශීයව සම්ප්‍රේෂණය වීම නතර කරන ලදි. 2016දී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික කරන ලදි.
මේ වනවිට වාර්ෂිකව රෝගීන් 40ක් 50ක් අතර පිරිසක් වාර්තා වෙන අතර ඔවුහු සියල්ලෝම රෝගය ව්‍යාප්තව ඇති රටවල සිට මෙරටට පැමිණෙන්නෝය.
මැලේරියාව බෝ වන ආකාරය රෝගය බෝ වන්නේ "ප්ලැස්මෝඩියම්" නම් පරපෝෂිතයාගෙනි. මෙම පරපෝෂිතයා මිනිස් රුධිරයේ සිටිනා විට "ඇනෝෆිලිස් " මදුරුවන් දෂ්ට කිරීමෙන් ඒ හරහා රෝගය තවත් පුද්ගලයකුට බෝවීම සිදු වේ.
රෝගීන් වාර්තා වීම 2019 වසරේදී මැලේරියා රෝගීන් 53ක්ද, 2020දී රෝගීන් 30ක්ද, 2021දී රෝගීන් 26ක් සහ මේ වසරේ ගතවු 30වැනිදා වනවිට රෝගීන් 20දෙනකු වශයෙන් වාර්තා වී ඇත.
රෝගය සක්‍රීයව පවතින රටවල් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ දකුණු සූඩානයෙනි. ඒ වගේම ටැන්සානියාව, සියරා ලියොන්, රුවන්ඩාව, උගන්ඩාව, ගිනියාව, කොංගෝ වැනි රටවලින් වාර්තා වෙන මැලේරියා රෝගීන් ඉහළ ගොස් ඇත.
2016දී මැලේරියාවෙන් තොර රටක් වුණත්
අපේ රට මැලේරියා පරපෝෂිතයා තුරන් කළද වාහක මදුරුවා මෙරටේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන අතර ප්‍රධාන වශයෙන්ම වියළි කලාපය නම් කළ හැකිය.
එවැනි ප්‍රදේශවලින් වාර්තා වෙන මැලේරියාව ආසාදිතයන් ඉහළ ගියහොත් නැවත වතාවක් රට තුළ මැලේරියා වසංගත තත්ත්වයක් දක්වා පැතිරීමට පුළුවන.
මැලේරියාව මාරාන්තිකය
රෝගය මාරාන්තික නමුදු සාර්ථක ප්‍රතිකාර ක්‍රම ඇත. කල් නොයවා රෝගය හඳුනා ගෙන නිසි ප්‍රතිකාර නොකළ හොත් සංකූලතා වැඩි වී රෝගියා මිය යාමට පුළුවන. එසේම රෝගී පුද්ගලයාගෙන් නිරෝගී පුද්ගලයන්ට රෝගය බෝවී කෙටි කලක් තුළ රට පුරාම පැතිරයාමේ අවදානමද පවතිනු ඇත. එනිසා රෝගී තත්ත්වය ඉක්මනින්ම හඳුනා ගැනීම අත්‍යවශ්‍යය. රෝගීන් සොයා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා මර්දන ඒකකය සතුව සක්‍රීය ආවේක්ෂණ පද්ධතියක් ඇත.
රෝග ලක්ෂණ පෙන්වීමේ කාලය මැලේරියා මදුරු දෂ්ටනයේදී පරපෝෂිතයා ශරීරයට ඇතුළු වී දින 07ත් 14ත් ඇතුළත සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ පහළ වේ . "ප්ලැස්මෝඩියම් මලාරියේ" විශේෂයේදී සති කිහිපයකින්ද, P.Vivax, P.ovale විශේෂ අක්මාව තුළ සැඟවී සිට වසරක් ඇතුළත රෝග ලක්ෂණ පෙන්වයි.
මෙරටේ මැලේරියා පරපෝෂිතයා නැති වුවද රෝගය ව්‍යාප්තිය ඇති රටකට ගොස් පැමිණියේ නම් මැලේරියාව සඳහා පරීක්ෂා කරවා ගැනීම සුදුසුම ක්‍රියා මාර්ගයයි. මන්ද මෙම රෝග තත්ත්වය සියලුම අවයව පද්ධතිවලට බලපාන නිසාවෙනි.
රෝග ලක්ෂණ ප්‍රධානම රෝග ලක්ෂණය උණ හට ගැනීම වන අතර හිසරදය, සීතල දැනීම, වෙව්ලීම, ඇඟපත වේදනාව, වියළි කැස්ස, දහදිය දැමීම, වමනය, ආහාර අරුචිය, අනෙකුත් රෝග ලක්ෂණය.
රෝග පරීක්ෂාවේදී රුධිර පරීක්ෂණ හරහා රුධිර පට්ටිකා අඩු වීම - රක්තහීනතාව, අක්මාව සහ ප්ලීහාව ඉදිමුව වැනි තත්ත්ව සොයා ගත හැකිය.
රෝගයේ උග්‍ර අවස්ථාව වනවිට වලිප්පුව, සිහි මඳ බව, ශ්වසන අපහසුතා මතු වීමට පුළුවන.
රෝග නිර්ණය මැලේරියා රෝගය බවට තහවුරු කර ගැනීම රුධිර පරීක්ෂණයෙන් දැන ගත හැකිය. ක්ෂණික පරීක්ෂණ කට්ටල මඟින් මිනිත්තු 20ක් වැනි කෙටි කාලයක් තුළදී ප්‍රතිඵල දැනගත හැකිය. රජයේ සියලුම රෝහල්වල, මැලේරියා මර්දන මූලස්ථානය නාරාහේන්පිට සහ දිස්ත්‍රික් මැලේරියා මර්දන කාර්යාලවල පරීක්ෂණ පහසුකම් ඇත. මේ අතර පෞද්ගලික වෛද්‍යවරුන් හටත් ක්ෂණික පරීක්ෂණ කට්ටල ලබා දී ඇත.
ඖෂධ සහ පරීක්ෂණ සියල්ලම නොමිලයේ
මැලේරියා රෝගය සඳහා වන ඖෂධ සහ පරීක්ෂණ රජය මගින් නොමිලයේ ලබා දේ. රෝගය සඳහා වන නිර්දේශිත කිසිදු ඖෂධයක් පෞද්ගලික ඖෂධසල් මගින් මිලදී ගත නොහැකිය. මන්ද සෑම රෝගියකුම නිසි ප්‍රතිකාර මුළුමනින්ම නිම කළ බවට තහවුරුවත්, රට තුළ නැවතත් මැලේරියාව පැතිරීම වැළැක්වීමත් යන කාරණා සැපිරිය යුතු බැවිනි.
පහත කණ්ඩායම්වලට රෝග අවදානම වැඩියි
එනම් මැලේරියාව පැතිරෙන රටවල රැකියා සහ ව්‍යාපාර කරන්නන්, සංචාරය කරන්නන්, එවැනි රටවල සිට මෙරටට පැමිණෙන පිරිස්, සාම සාධක හමුදා සේවයේ යෙදුණු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, අප්‍රිකානු රටවල් හරහා වෙනත් රටවලට සංක්‍රමණය කරන අය, ඉන්දියාවේ වන්දනාවේ යෙදෙන්නන්, විදෙස් සංචාරකයන්, සරණාගතයන් සහ සංක්‍රමණිකයන් මැලේරියා අවදානම් රටක සිට පැමිණි වහාම කළ යුතු දෑ.
මෙරටට පැමිණ සතියක් ඇතුළත මැලේරියාව සඳහා රුධිර පරීක්ෂණයක් කර ගැනීම.
රෝග ලක්ෂණ ඇති ඕනෑම අවස්ථාවකදී මැලේරියා සඳහා වන පරීක්ෂණවලට කඩිනමින් භාජන වීම.
වසරක් ගත වනතුරු පළමු මාසයේදී, මාස6දී සහ මාස 12දී වන පරිදි මැලේරියා පරීක්ෂණ සිදු කර ගැනීම.
රෝගය වළක්වා ගැනීම
රෝග වැළැක්වීමේ ඖෂධ මැලේරියාව බහුල රටවල සංචාරය කරන්නන් හට නොමිලේ ලබා දේ. "මෙෆ්ලොක්වින්" නමැති ඖෂධය සතියකටම එක පෙත්තක් වශයෙන් ලබා ගත යුතු අතර එය අප්‍රිකානු රටවල සංචාරය කරන්නන් සඳහා ලබා දේ.
එමෙන්ම " ක්ලෝරොක්වින්" සතියකට පෙති දෙකක් වශයෙන් ගත යුතු අතර එය ඉන්දියාව , හයිටි රටවල සංචාරකයන් සඳහා ලබා දේ.
මේවා සංචාරයට සතියකට පෙරදී ලබා ගැනීමත්,එරටේ සිටින මුළු කාලය පුරාවටම ගැනීමත්, නැවත පැමිණි පසු සති 04ක් ලබා ගැනීමත් සිදු කළ යුතුය.
තවද සංචාරයෙන් වසර තුනක් ගත වන තුරු රුධිරය පරිත්‍යාග නොකළ යුතුය.
සංකූලතා ඇති වීම වැළැක්වීම
විදේශයක සිට පැමිණි විගස හා රෝග ලක්ෂණ ඇති හැම විටම මැලේරියාව සඳහා රුධිර පරීක්ෂණ සිදු කිරීම. එක් පරීක්ෂණයකදී සෘන ප්‍රතිඵල ලැබුණද දින කිහිපයකට පසු මැලේරියා රෝග ලක්ෂණ ඇති වීමට පුළුවන.
මැලේරියා රෝගියකු නිවසේ සිටිනවා නම්
රුධිර පරීක්ෂාවේදී මැලේරියා රෝගියකු යැයි සනාථ සියලුම රෝගීන් රෝහල් ගත වීම අනිවාර්යය. රෝගියා නිදා ගන්නා විට විශේෂ රසායන ද්‍රව්‍ය ගැල් වූ මදුරු දැලක් භාවිත කළ යුතුය. රෝගියාගේ රුධිරයෙන් මැලේරියා පරපෝෂිතයන් මුළුමනින්ම තුරන් වන තුරු රෝහල් ගත කෙරේ.
සාමාන්‍යයෙන් දින තුනකින් පමණ රුධිරයේ සිටින පරපෝෂිතයන් සියල්ලම නැති වී යයි. නිවසේ සෙසු සාමාජිකයන්ගේ සහ එම ප්‍රදේශයේ මැලේරියාව සඳහා රුධිර පරීක්ෂණ සිදු කරනවාද යන්න තීරණය කරනුයේ පහත නිර්ණායක පදනම් කර ගනිමිනි. එවිට එම රෝගියාගේ නිවස හා ඒ අවට කීට විද්‍යා සමීක්ෂණයක් සිදු කර රෝගියා විදේශයක සිට මෙරටට පැමිණි දිනය, රෝග ලක්ෂණ ඇති වූ දිනය අතර කාලය, රෝගියාගේ රුධිර පරීක්ෂණ ප්‍රතිඵල සහ මැලේරියා වාහක මදුරුවා පිළිබඳ දත්ත අනුවය. මදුරු මර්දන කටයුතු සිදු කරනවාද යන්න තීරණය වනුයේ එම සමීක්ෂණ ප්‍රතිඵල මතය.
කල් තියා හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලදහොත් මාරාන්තික මැලේරියා රෝගයෙන් නිට්ටාවට සුවය ලබා ගත හැකිය. රෝගය ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමට පැය24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් අංක වන 071- 2841767 සහ 011-7626626 හරහා ලබා ගත හැකිය.
-සටහන- මාධවී ධර්මරත්න
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යළි හිස ඔසවන ‘මැලේරියාව‘