රෝගී පුද්ගලයකුට නිසි කලට බේත් හේත් සේම රැකවරණයත් අවශ්‍යයි. සුව වීම සඳහා බේත් හේත් මත පදනම් නොවී ඔවුන්ගේ මානසික සුවතාව උදෙසාද අපට කළ හැකි දෑ බොහෝය.
වයස්ගතවූ මවුපියන්, රෝගීවූ වැඩිහිටියන් මේ වනවිට ඔබ නිවසේ රැඳී සිටීමට පුළුවන. එබඳු අවස්ථාවකදී ඔවුන්ගේ සෞඛ්‍යය තත්ත්වය නඟා සිටුවීමෙහිලා ඔබට කළ හැකි දෑ, ඔවුන්ව කරදරයක් නොවන පරිදි රැක බලා ගත යුත්තේ කෙසේද යන්න දැනුම්වත් වෙමු.
1). රෝගියාගේ කාමරය අඳුරු නොවිය යුතු අතර හිරු එළිය, වාතාශ්‍රය මනාව ලැබෙන ඉඩපහසු තැනක් විය යුතුය.
අනවශ්‍ය භාණ්ඩවලින් පුරවා නැති රෝගියාට අත්‍යවශ්‍ය දෑ පමණක් පහසුවෙන් ලබා ගැනීමට පහසු පරිදි කාමරය සැකසිය යුතුය. රෝගියාට කිසිඳු අවහිරතාවකින් තොරව පහසුවෙන් එහා මෙහා ඇවිද යා හැකි පරිදි වය යුතුයි.
2). අවදානම් දේවල් රෝගියාගෙන් ඈත්කොට තබන්න.
මේ දිනවල විදුලිය විසන්ධි කිරීම නිසා බොහොමයක් නිවෙස්වල කුප්පි ලාම්පු, ඉටිපන්දම් වැනි දෑ දල්වනු ලැබේ. මෙවන් දෑ රෝගියාට ආසන්නව තැබීමෙන් වලකින්න. කාමරයට ආලෝකය ලැබෙන පරිදි ඈතකින් පරෙස්සමට තබා ගැනීමට වගබලා ගන්න. ඒ වගේම මදුරු කොයිල් වැනි දෑ රෝගියා ආසන්නයෙන් තබා නොතබන්න.
3). රෝගියාගේ පිරිසුදුභාවය පවත්වා ගෙන යන්න.
රෝගියාගේ ඇඳ ඇතිරිලි,පොරෝනය,කොට්ට උර, දිනපතා පිරිසුදුව සෝදා දමන්න. ඇඳ සැකසීමේදී වුවද රෝගියාට මුත්‍රා පාලනයකින් තොරව පිටවේ නම් ඉණ සහ කළවා වනතෙක් වෙනත් රෙදි කඩක් භාවිත කළ හැකිය. තවද රෝගියාගේ හිසකෙස්වල පවිත්‍රතාවද රැක ගනිමින් ස්නානය කරවීම, හිසකෙස්වල උකුණන් බෝ නොවීමට ඉඩ නොතැබීම වැනිදෑ කළ හැකියි. නියපොතු නිවැරැදිව කපා රෝගියාව නිති පිරිසුදුව තැබීමෙන් හෙතෙම විසබීජවලින් ආරක්ෂා කර ගත හැකිය. මෙය නිවසේ සෙසු සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි ද බලපානු ලැබේ.
4). රෝගියා වෙනුවෙන් යම් කාලයක් ඔබ දිනකට මිඩංගු කරන්න.
රෝගියාට හොඳින් ඇහුම්කන් දීමට ඔබට පුළුවන. හෙතෙම කලකට පෙර ආසා කළ දේවලට නැවතත් නතු කරවීමට එවිට හැකිවනු ඇත. තවමත් ඔහු නිවසේ නායකයා, වැඩිහිටියා බව නිරතුරු මතක් කර දෙන්න. එය ඔහුගේ මනස සුවපත් කරවීමෙහිලා කදිම ඔසුවකි.
5). රෝගී වූවකුට පිළි ගන්වන ආහාරය ගැනද සැලකිලිමත් වීම ඉතාම වටී.
වයෝවෘද පුද්ගලයකු නම් ආහාර මනාව සැපීමට පහසු වන පරිදි සැකසීම කළ හැකිය. පහසුවෙන් සැපිය හැකි, ගිලීමට පහසු , ලොකු කැබලි වෙනුවට සිහින් හා දියාරු ලෙස පිළියෙළ කරගත හැකිය. එමෙන්ම ආහාර ලබා දීමේදී නිතරම මඳ උණුසුම් ගතියෙන් යුතු වීමද වැදගත් වේ.
6). ජලය හොඳින් පානය කිරීමට ලබා දෙන්න.
මුත්‍ර, අසූචි පිටවීම වැඩි වාර ගණනක් සිදු වේයැයි බියෙන් සමහරු රෝගීන්ගේ කෑමබීම සීමා කරති. එය සිරුරේ ශක්තිය හීන වීමත්, තව තවත් රෝග වැළඳීමටත් හේතුවකි. ඒ අනුව දිනකට අවැසි වතුර ලීටර් දෙකත් දෙකහමාරත් අතර ප්‍රමාණය රෝගියාට ලබා දෙන්න.
රෝගියාගේ සේම නිවසේ සාමාජිකයන්ගේ මානසික සුවතාව රැකීමට හැකි වන පරිදි ඉහත පුරුදුවලට අනුගත විය හැකි නම් ඔබට කාර්යබහුලත්වය තවදුරටත් ගැටලුවක් නොවනු ඇත.
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
රෝගී පුද්ගලයකු නිවසේදී රැක බලා ගැනීමේ ක්‍රම