(උපදෙස් - පවුල් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය රොෂාන්ත හේවාමද්දුම)
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්දනය කිරීම අපහසු වී ඇති බවත් මේ නිසාම වසංගතයක් ලෙස පැතිරීමට පටන්ගෙන ඇති බවත් වෛද්‍යවරු අනතුරු අඟවනවා. ටීනීයා අලුත් චර්ම රෝගයක් නෙවෙයි. එහෙත් මේ දිනවල ශීඝ්‍ර පැතිරීමක් දක්නට ලැබීම වගේම පසුගිය කාලයේ ප්‍රභේදය විවිධ වෙනස්කම්වලට භාජනයවීමත් රෝගය ගැන කතාබහ අලුත්වීමට හේතු වී තිබෙනවා.
මොකක්ද මේ ටීනියා?
මේ දිනවල බහුලව කතාබහට ලක්වෙන ටිනීයා යනු දිලීර ආසාදනයකින් හටගන්නා රෝගයක්. රිංග්වර්ම් ලෙස හැඳන්වුවත් මෙය පණුවන්ගෙන් හටගන්නා රෝගයක් නොවෙයි. එයට මේ නම ලැබී ඇත්තේ මුද්දක් ආකාරයට රවමු ලප හටගන්නා නිසයි. ටීනියා ආසාදනය ඇතිවන්නේ බාහිර පරිසරයේ තිබෙන ඩර්මටොෆයිඩ් නම් දිලීර කාණ්ඩයක් නිසයි.
හැදෙන්නෙ කොහේද?
සමේ මැරුණු පටක සහ තෙත සහිත තැන්වල ටීනීයා දිලීරය හොඳින් වැඩෙනවා. එනම්, හිසකෙස් අතර, නියපොතු, ඇඟිලි කරු අතර, ඉකිලි - කිහිලිවල, සිරුරේ නැමෙන ස්ථානවල ටීනියා චර්ම රෝගය හැදෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. එපමණක් නොවෙයි සිරුරේ ඕනෑම ස්ථානයකට මෙම රෝගය පැතිරෙන්න පුළුවන්. ඇතැම්විට පිරිමින්ගේ රැවුල තිබෙන ප්‍රදේශයේද හැදෙන්න පුළුවන්. සැලොන්වලින් රැවුල කපන පිරිමින්ට ටීනියා ආසාදනය රැවුල ප්‍රදේශයේ ඇතිවීමේ අවදානම ටිකක් වැඩියි.
රෝග ලක්ෂණ
මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය කැසීමක් සහිත රතු පැහැති ලප හට ගැනීමයි. එම ලපවල වටේ රතු පැහැගන්නා අතර මැද කොටස දිස්වෙන්නේ සමේ පැහැයෙන්. මේ ලප රවුමක් ලෙස සමේ පැතිරෙන අතර සම ගැලවීයාමටද පටන් ගන්නවා.
හැදෙන්න පුළුවන් කාටද?
ඕනෑම වයස පුද්ගලයෙකුට ටීනියා සදිය හැකි අතර කුඩා දරුවන්ට සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට අවදානම වැඩියි. මින් පෙර හමුවූ රෝගී දරුවන්ගන් වැඩි පිරිසකට ටිනියා ආසාදනය වී තිබුණේ හිසකෙස් අතර වුවත් මේ වනවිට සම පුරා ටීනියා ව්‍යාප්ත වූ දරුවන්ද හමුවෙනවා.
එමෙන්ම වකුගඩු රෝගින්ට, අවයව බද්ධ කළ පුද්ගලයින්ට සහ දියවැඩියා රෝගීන්ට ටීනියා හැදුණොත් මුළු සිරුර පුරා ව්‍යාප්තවීමේ අවදනාම වැඩියි.
බෝවෙන්නෙ කොහොමද?
ටීනියා ප්‍රධාන වශයෙන්ම බෝවෙන්නෙ ස්පර්ශයෙන්. එනම් ආසාදනය ඇති ස්ථානයක් ස්පර්ශවීමෙන් අනතුරුව සිරුරේ වෙනත් ස්ථානයක් ස්පර්ශ කළවිට එතැන ටීනියා ආසාදනය වෙන්න පුළුවන්.
සම නිතර තෙත්ව තිබෙන විටද එම ස්ථානවල රෝගය පැතිරෙන්න පුළුවන්.
වළක්වාගන්නෙ කොහොමද?
රෝගය බෝවීම වැළැක්වීමට රෝගියාගේ ඇඳුම් පැලඳුම් වෙනම තැබීම සහ ඒවා ඔහුට හෝ ඇයට පමණක් භාවිතයට දීම අවශ්‍යයි. හවුලේ ඇඳුම් පැලඳුම් භාවිතය නොකළ යුතුයි. විශේෂයෙන්ම පනාව, තුවාය, මේස්, කොට්ට උර ආදිය නිවෙසේ සියලුදෙනාටම පොදුවේ භාවිතයට නොදී පෞද්ගලික පරිහරණය පමණක් සිදු කිරීම ඉතා වැදගත්. රෝගය ආසාදිත වූ අයෙකු නිවෙසේ සිටී නම් ඔහුගේ ඇඳුම් පැලඳුම් වෙනම තබන්න. එම ඇඳුම් සෝදා හොඳින් අව්වේ වේළා මැද භාවිත කරන්න. නයිලෝන් යට ඇඳුම් ඇඳීමෙන් වැළකීම, කපු ඇඳුම්වලට හුරුවීම ආදියද කළ යුතුයි.
එමෙන්ම සුරතල් සතුන්ගේ ලොම් වැටී තුවාල ස්වභාවයක් දක්නට ඇත්නම් ඉක්මනින් ප්‍රතිකාර ලබාදෙන්න. එමෙන්ම සුරතල් සතුන් අතපත ගෑමෙන් හැකි තරම් ඉවත්වී සිටීමත් සුදුසුයි.
සුව කරන්න පුළුවන්ද?
මෙය දිලීර ආසාදයක් බැවින් දිගු කාලයක් දිලීර නාශක ඖෂධ භාවිත කිරීමෙන් සුව කරගත හැකියි. එහෙත් ප්‍රතිකාර ගත යුත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මතයි. එමෙන්ම ඖෂධ ගත යුතු කාලය කෙතරම්දැයි වෛද්‍යවරයා තීරණය කරන බැවින් එය නිසි ලෙස එම කාලය පුරාවටම ගැනීම අත්‍යවශ්‍යයි. සමහරවිට එය ගිලින පෙති සහ ආලේපන ලෙස විය හැකියි. ප්‍රතිකාර අතරතුර රෝගය සුව වී ඇතිබවක් දැනුණත් ප්‍රතිකාර නතර කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණයි.
එමෙන්ම රෝගය පවුලෙන් තුරන් කර ගැනීම සඳහා පවුලේ අනෙක් අයටත් රෝගය බෝවී ඇත්දැයි සොයා බලා සියලුදෙනාටම එකවර ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසුයි.
හිතුමතේ ක්‍රීම් ආලේප කරන්න එපා
ටීනියා වසංගතයක් ලෙස රට පුරා පැතිර යාමට හිතුමතේ දිලීර නාශක ආලේපන භාවිතයද හේතුවක් වී තිබෙනවා. ටිනියා දිලීර ආසාදනයට ස්ටෙරොයිඩ ඖෂධය භාවිතය සුදුසු නැහැ. දිලීර නාහක සහ ස්ටෙරොයිඩ් එකතු කර නිෂ්පාදනය කර තිබෙන ආලේපන වර්ග බොහොමයක් වෙළෙඳපොළේ තිබෙනවා. ඖෂධ හිතුමතේ ඖෂධසැල්වලින් මිලදී ගැනීමට බොහෝදෙනා පුරුදු වී තිබෙනවා. එවැනි ආලේපන වර්ග භාවිතය නිසා ටීනියා ලපවල ස්වභාවය වෙනස් වී නිවැරදිව රෝගය විනිශ්‍චය කර ගැනීම අසීරුවෙනවා. ඒ වෙග්ම රෝගය සිරුර පුරාම පැතිරයාමටද එම ආලේපන හේතුවෙන්න පුළුවන්
එබැවින් ඔබේ සමේ කැසීමක් හෝ රතු පැහැ ලප දක්නට ඇත්නම් ළඟම ඇති රෝහලේ චර්ම රෝග සායනයෙන් ප්‍රතිකාර ගන්න. හිතුමතේ ආලේපන භාවිතයෙන් වළකින්න.
උදේශිකා නෙලුම්දෙනිය
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රට පුරාම පැතිරෙන 'ටීනියා'
Dr Rajapakse Monday, 29 April 2024 01:23 AM
සාක්‍ෂි පදනම් කරගත් වෛද්‍ය විද්‍යාව ගැන ඔබ කවදා හෝ අසා තිබේද, සංඛ්‍යාලේඛන කොහෙද, කටින් කට සාක්‍ෂි දුර්වලයි.